Last Updated on 2 years ago by admin
‘වෙළෙඳුන්, හිඟන්නන් ගැන කෝච්චියට එන
ඔත්තු දියව්!’ කියනව දු.දෙ. ඔපිසරයෙක්
අතිරික්තයො, කොමිස්, වර්ජක රාස්සයෝ
හොර ඕටී, පිංපඩි මිනීකාක්කෝ
කැඩුණු ෆෑන්, බිඳුන ජනෙල්, මකුණු පුටූ
මළ කෑ යකඩ, ගඳ වැසිකිළි, හඩු පෙට්ටී
ගමනට වවුල්, ප‍්‍රමාද, කොට කෝච්චී
ඕවයි ප‍්‍රශ්න අයිබං, අර දුගියො නෙමෙයි!
