කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ!

Last Updated on 2 weeks by admin

Pic. credit: hirunews.lk

මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන් දිවෙහි වැසියන් ලංකාවට එන බවට ඇති මතය ඇත්තක් නොවේ. පකිස්ථානයේ සුන්නින්ගෙන් බැටකන ෂියා ඉස්ලාමිකයන් ලංකාවට පැමිණෙතැයි කීම ඊටත් වැඩිය ලොකු බොරුවකි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගර බොහෝමයක මාල දිවයින් වැසියෝ පදිංචි වී සිටිති. ඔවුන් අතරින් විශාල පිරිසකට ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් තිබේ. ඇතැම්හු මියගිය මහමදිකයන්ගේ හැඳුනුම්පත් භාවිත කරති. සිංහලයෙකුට මේ සම්මජ්ජාතියට මාල දිවයිනේ පුරවැසිකම ලබාගැනීමට නොපුළුවන. මාල දිවයින, ක්‍රිස්තියානින්ට හෝ බෞද්ධයන්ට හෝ පුරවැසිකම් නොදෙන්නීය.

පසුගිය කාලයේ මියන්මාරයේ සිට ‘රොහින්ගියා’ සරණාගතයින් කණ්ඩායමක් බෝට්ටුවකින් ලංකාවට ආහ. ඔවුන් ආපසු මියන්මාරයට නොයවන්නැයි උද්ඝෝෂණ කළවුන් අතර සමගි ජන බලවේගයේ ඉස්ලාම් නායකයින් දෙතුන් දෙනෙකු කැපී පෙනුණි. කරදරක් නිසා ලංකාවට පැමිණි මෙම පිරිස ආපසු මියන්මාරයට යැවීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන්ගේ අදහස වූයේය. රටේ ආරක්ෂක අංශවලින් කියවුනේ රොහින්ගියා සරණාගතයින් ලක්ෂයක් ලංකාවට ඒමේ සූදානමක් ඇති බවයි. රොහින්ගියාවරුන් යනු බංගාලි දේශයේ සිට අනවසරයෙන් මියන්මාරයට ගොස් වී පදිංචි වී සිටින ඉස්ලාම් ආගමිකයන් හඳුන්වන නමයි. ඔවුන් ඒ රටට ගැටලුවක් වූයේ රොහින්ගියා නමින් ස්වාධීන මුස්ලිම් රටක් හදාගැනීමට ගොරිල්ලා යුද්ධයක් ඇරඹූ පසුවයි.

ඉන්දියාවේ සියලුම රාජධානි වයඹ දිගින් පැමිණි ඉස්ලාම් ආක්‍රමණකයින්ට ගොදුරු විය. එය බුදුසසුන ඉන්දියාවෙන් අතුරුදහන් වන්නට ප්‍රධාන හේතුවයි. නාලන්දා විශ්වවිද්‍යාලය දහස් ගණනක් හාමුදුරුවරුන් සමඟ අළුගොඩක් වීම එක සිද්ධියක් පමණි. මෙවැනි සිදුවීම් දහස් ගණනකි. ආක්‍රමණිකයෝ ඉන්දියාවේ ඉස්ලාම් පාලනයක් ඇති කළහ. ‘දිල්ලි සුල්තාන්වරුන්’ යනු ඒ පාලකයින් භාවිත කළ නමකි. සුල්තාන් රාජ්‍ය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගමට හැකි විය. දෙවන ලෝක යුද්ධයට පැටලුන බ්‍රිතාන්‍යයින් ඉන්දියාවෙන් ඉවත් වූයේ පකිස්ථානය නමින් ස්වාධීන ඉස්ලාම් රටක් පිහිටුවා ඉන්දියාව දෙකඩ කරමිනි. ඉන්දියාව ලෝකයේ වැඩිම ඉස්ලාමික ජනගහණයක් ඇති තෙවැනි රට වන්නීය.

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලයට පත් වූයේ හින්දු නායකයෙකු වශයෙනි. ඊට පෙර, ඇමරිකාවට ඔහු ආගම්වාදියෙකු විය. දැන් ඇමරිකාව එසේ නොසිතන්නීය. මෝදි පහකිරීමට ඉන්දියාවේ මුස්ලිම්වරු විශාල මහන්සියක් දරති. ඉන්දියාව තුළ නිතරම හින්දු මුස්ලිම් කෝලහාල හටගනී. මේ සියලු කරුණු සැලකිල්ලට ගන්නා ඉන්දියාවේ හින්දු නායකයෝ, ඉන්දියාව වටකර කොටු කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙන බව කියති. ඔවුන් දකින ලෙසට, ෂයික් හසිනා බලයෙන් පහකර බංගාලි දේශයේ පාලනය වෙනස් කිරීම ඊට සම්බන්ධ ක්‍රියාවකි. එහි අලුත් පාලකයෝ පකිස්ථානය සමග එක්වෙමින් සිටිති. පකිස්ථානය හා බංගාලි දේශය පසුපස චීනය සිටියි. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ටිබෙටය හරහා ගලන ඉහළ කොටස හරස්කර බඳින වේල්ල ඉන්දියාවට තර්ජනයකි. බංගාලි දේශය ඉන්දියාවට ඇති බැඳීම වෙනස් වීම වේල්ල නිසා සිදු වන ක්‍රියාවකි.

1817-18 සිංහලේ නිදහස් සටන මර්දනය කළ බි්‍රතාන්‍ය පාලකයෝ ලක්ෂ සංඛ්‍යාවක් සිංහලයන් මරා දකුණු ඉන්දියාවෙන් ගෙන්නූ ඉස්ලාමිකයන් ලංකාවේ නැගෙනහිර පළාතේ පදිංචි කරවූහ. ඔවුහු, උඩරට වතුකරයක් සාදා තමිල්නාඩු වැසියන් ලක්ෂ සංඛ්‍යාවක් ගෙනැවිත් එහි පදිංචි කළහ. ලංකාවේ ජනගහණ රටාව වෙනස් වීමට සහ වනාන්තර එළිපහෙලි වීමට ප්‍රධාන හේතුව එයයි. සංක්‍රමණිකයන් නිසා වැඩිම හිරිහැරයක් ලැබුවේ අලි ඇතුන් ප්‍රධාන ලංකාවේ වනසත්තුය. දැන් මහා පිරිසක් ආයුධ අතැතිව අලි මිනිස් ගැටුම් ගැන කියමින් රටේ උරුමක්කාරයින් වූ අලි ඇතුන් සහ වනසතුන් මරා දමති.

ලංකාවේ වෙළෙඳ හා ආර්ථික අංශවල වැඩිම බලයක් ඇත්තේ මුස්ලිම්වරුන්ටයි. එම නිසා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පාලනය කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මාලදිවයින් සංක්‍රමණිකයන් ගැන දැඩි නිහඬතාවක් දැරීමට සහ රොහින්ගියා සරණගාතයින් කෙරෙහි අනුකම්පා කිරීමට ප්‍රධාන හේතුව ඒ බලයයි. මේ බව දන්නා මෝදිගේ ආණ්ඩුව කරන්නේ ලංකාව තුළ දෙමළ හා හින්දු බලය ශක්තිමත් කිරීමයි.

ඇමරිකානුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ නායකත්වයට පත් කරන්නට හේතු ගණනාවකි. නීති විරෝධී සංක්‍රමණිකයන් ආපසු යැවීමේ යෙදෙන බලධාරීන්ට පාසල්, ආරෝග්‍යශාලා, දේවස්ථාන පරීක්ෂා කරන්නට, ට්‍රම්ප් පාලනය අවසර ලබා දී ඇත. මේ ලෙසට අනවසර සංක්‍රමණියන් ආපසු යැවීම ඇමරිකාවේ පමණක් සිදුවන්නක් නොවේ. පසුගියදා සවුදි අරාබිය අනවසරයෙන් පදිංචි වී සිටි පකිස්ථානුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ආපසු යැවුවාය. සවුදිය සුන්නි ඉස්ලාමියන්ගේ රටකි. පකිස්ථානයද සුන්නි රටකි. ඇමරිකාව ක්‍රිස්තියානි රටකි. ඇමරිකාවට වැඩිම අනවසර සංක්‍රමණියන් පිරිසක් පැමිණ ඇත්තේ දකුණු ඇමරිකාවෙනි. ඔවුන් කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ ආගම් අදහන්නෝ වෙති.

ජාතික හෙළ උරුමය පසුගිය කාලයේ ජනප්‍රිය වූ සිංහලයන්ගේ දේශපාලන සංවිධානයකි. එය කඩාවැටෙද්දී, ඉන්දියාවේ ‘ශිව් සේනා’ සිහිගන්වන ‘බොදු බල සේනා’ බිහි විය. ප්‍රචණ්ඩත්වය පෙන්නමින් සිංහල බෞද්ධයාගේ ශක්තිය හොඳටම දුර්වල කිරීම බොදු බල සේනාවෙන් කෙරුණු කාරියයි. මේ සියල්ලටම යටින් ඇත්තේ ධනවත් රටවල ශක්තියයි. රැස්වීම්වල වීරයන් සේ රඟපාන සිංහල නායකයෝ ඔවුන් හමුවේ දණින් වැටෙති.

රටේ සිංහල ජනගහනය අඩුවෙමින් සිංහලයින් රටේ සුළු ජනවර්ගයක් බවට පත් වෙමින් සිටී. ඊටත් වඩා බරපතල කාරණය සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වී යාමයි. දැන් තරුණ සිංහල අම්මලා නානාප්‍රකාර මෝස්තරවලට ගොදුරු කරමින් පුතුන්, දූවරුන් බවට පෙරළති. දූවරුන් පුතුන් සේ වෙස්ගන්වති. ඒ වරදින් අනාගතයේ ජාතියේ වීරයන් විය යුතු දූ දරුවන් සමනළයින් බවට පරිවර්තනය වන බව ඔවුන්ට නොවැටහේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link