ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව

Last Updated on 5 months by admin

මජර දේශපාලනය අවසන් කිරීමට අප අවංකවම කැප වෙන්නේ නම්, මාළිමාව නතර වන්නේත් ඉතිහාසයේ කුණු කූඩයේ. එය තීරණය කරන්නේ මා නොව අපගමනය වූ ජවිපෙ මෑත දේශපාලන කලාවයි.

චන්ද්‍රිකාට ආවඩමින් මහින්දට සෙමර සලමින්, නැති චින්තනයකින් මහින්දව සරසවමින් ආ ගමන ඔවුන්ට මතක නැති වුණාට ජනතාවගේ අවිඥානික මනසේ සටහන් වී තිබෙන්නේ මජර දේශපාලනයේම ලේ පැල්ලම් හා කළු පැල්ලම් ලෙසින්. මෑත අතීතයේ රට පාලනය කළ සැම දෙනාම බෙදා හදාගත්තේ මජර දේශපාලනයයි.

මජර දේශපාලනය නමැති මඩ ගොහොරුවේ ඇට ඉස්සේ ශ්‍රීලනිප හා එජාපය පමණක් නොවේ. තමන් සොරකම් නොකළත් සොරුන්ට රැකවරණ දීමත්, සොරුන් ජනතාව ගසා කන විට නොදැක්කා සේ නිහඬව සිටීමත් අද දවසේ වීරකමක් ලෙස හුවා දැක්වීමට කරන දුබල උත්සාහය පරාජය කිරීම මා හට පමණක් පැවරී ඇති රාජකාරියක් නොවෙයි. නමුත් චර්යාධාර්මිකව ඊට සහාය දිය හැකියි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යසනය ආර්ථිකය පදනම් කරගත් අර්බුදයක් ලෙස මවා පෙන්වීමට උත්සාහ කරන්නේ මෙතෙක් රට උලා කෑ සොරුන්මයි.

සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ අත්හැර නව මං ඔස්සේ අලුත් ගමනක් යෑමට පය පෙරට තැබූ එකම පක්ෂයක් වත් කරළියේ නැත. “අප බලයට පැමිණ සුළු කාලයක් ඇතුළත රට නැවත ගොඩ ගන්නවා” කියා වහසි බස් දොඩන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්, මේ දක්වා තමන් අතින් රටට සිදුවුණු හානිය පිළිබඳව ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැහැ. ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියන්නේ සියතින් දිවි නසා ගැනීමක්.

මාළිමාව බැරි නම් මොකා බලයට ගෙනවුත් හෝ ඉල්ලන්නේ මජර දේශපාලනයම නම් අලුත් ආරකින් ඉදිරියට එන නව පරපුරක් ව්‍යුහමය හා න්‍යායිකව කරන වෙනසක් ඇතිවන තුරු ජනතාව ඉවසා වදාරයිද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link