කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස

Last Updated on 4 months by admin

වෘත්තිය ප‍්‍රකාශ කෙරෙන වාසගම් භාවිතය සිංහල සමාජයේ ලක්ෂණයකි. නායක්කර් පාලන කාලයේදී හින්දු ආගමේ බලපෑම නිසා සිංහල වාසගම්, හින්දු කුල ක‍්‍රමයට හසු විය. එය සිංහලයන් පවරාගත් පෘතුගීසි වාසගම්වලටත් බලපෑවේය. මේ නිසා සිංහල වාසගම් භාවිතා කිරීමට බිය වූ සිංහලයන් ලක්ෂ සංඛ්‍යාවකි.

රණසිංහ පේ‍්‍රමදාස යනු වාසගමක් නැති නමකි. පියාගේ නම පුතාගේ වාසගම වීම මුස්ලිම් සම්ප‍්‍රදායකි. එදා සමසමාජකාරයින් කී නිර්ධන පංතියේ සාමාජිකයෙකු වූ ආර්. පේ‍්‍රමදාස කොළඹ නගර සභා ඡුන්දයට ඉදිරිපත් කළ යුඇන්පී නායකත්වය, සම සමාජය නායකයින්ට හොඳ පහරක් ගැසුවේය. කොළඹ බලය අල්ලාගෙන සිටි ඔවුන් හා සමාන කරන කල්හි පේ‍්‍රමදාස යනු වචනාර්ථයෙන්ම නිර්ධනයෙකි.

මැද කොළඹින් පාර්ලිමේන්තුවට ගිය පේ‍්‍රමදාසට, එම ප‍්‍රදේශයේ ප‍්‍රධාන ඡුන්ද දායකයන් වූ දෙමළ හා මුස්ලිම් ජන කොටස් සමග බැඳීමක් ඇති විය. සජිත් පේ‍්‍රමදාස හම්බන්තොට අතහැර මැද කොළඹට පැමිණීම ඒ බැඳීම පදනම් වූ දෙයක් බව දේශපාලන නිරීක්ෂකයින්ට වැටහේ. ඔහු බලයේ සිටියදී කූරගලට විදුලිය සැපයීමට අකමැති වූයේය. ඔහු, ඔස්ටෙ‍්‍රලියාවේ ක‍්‍රිස්තියානි දේවස්ථානයකට ගිය කාන්තාවක හා විවාහ වූ බව එහි වෙසෙන සිංහලයෝ කියති. ඔහුගේ විශේෂත්වය ජාතික හැඟීමකින් කටයුතු නොකරන දේශපාලනඥයෙකු වීමයි.

සජිත්ගේ මව් පාර්ශ්වයට ඇත්තේද නිර්ධන පංති ඉතිහාසයකි. ඔහුගේ ආච්චි ‘හේලිස්’ කොම්පැණියේ සුළු රැුකියාවක් කළ කාන්තාවකි. මව විවාහයට පෙර දෙමටගොඩ අයිස් කී‍්‍රිම් කඩයක කැෂියර් රස්සාව කළාය.

මාක්ස්වාදීන්ට ඩඞ්ලි සේනානායක කුලවත් ධනපතියෙකු වූයේය. ඩඞ්ලි, පේ‍්‍රමදාසගේ නැගීමට විශාල ලෙස ආධාර කළ අයෙකි. සිය ‘වුඞ්ලන්ඞ්ස්’ නිවස අසලින් පේ‍්‍රමදාස පදිංචි කරවා ගැනීම මොන තරම් උසස් ක‍්‍රියාවක්ද? මෙවැනි ක‍්‍රියාවක් කළ සමසමාජ නායකයෙකු ගැන දැනගන්නට නැත.

‘කුල, ආගම්, ජාති, පන්ති භේද රහිත සමාජයක් ගොඩනැගිය යුතු බව’ සජිත් පේ‍්‍රමදාස කියයි. සිංහල බෞද්ධ සමාජය වැරදි බව ඒ කතාවෙන් ව්‍යංගයෙන් ප‍්‍රකාශ වේ. සිංහල බෞද්ධ සමාජය භේද සලකා කටයුතු කළේ නම් පේ‍්‍රමදාසට රටේ නායකයා විය නොහැකිය. ඉන්දියාව වැනි රටකට ලංකාවේ සිදු වීම හාස්කමකි. එසේ නම් සජිත්ගේ කතාවේ සැබෑ අරුත සිංහල නොවන ජන කණ්ඩායම් පිනවීමයි.

ලංකාවේ දේශපාලන නායකයින් බොහෝ දෙනෙකුට සිංහල බෞද්ධයන්ට හිරිහැර කිරීමේ මානසික ව්‍යාධියක් පවතී. එය සාමාන්‍ය ජනතාව අතරටත් පැතිර යමින් පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link