Last Updated on 1 hour ago by admin

ඡායාරූපයේ දැක්වෙන්නේ එල්සා විසූ නිවාස සංකීර්ණයයි. අයින්ස්ටයින්ගේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් 1979 මාර්තු 3 වැනිදා පළවූ පුවත්පත් ලිපියකින් උපුටාගන්නා ලද්දකි. තාක්ෂණය නොදියුණු ඒ කාලයේ හචින්ගන් නගර සභා කාර්යාලයේ තිබූ පුවත්පත් පිටුවේ ඡායාපිටපතක් ලබාගැනීමෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය.
ඊශ්‍රායල් ජනතාවගේ ශ්‍රේෂ්ඨ ඉතිහාස ග්‍රන්ථය වූ ටොරාහි දැක්වෙන පරිදි කරුණාවන්ත මැවුම්කරුවා එතුමාගේ ඊශ්‍රායල් දරුකැල මිසරයින්ගේ වහලුන් වශයෙන් ජීවත්වෙමින් විඳින වධ වේදනා දැක ඔවුන්ට සරණවීමට ඉදිරිපත් වූයේය. ඒ කටයුත්ත වෙනුවෙන් එතුමා තෝරාගත් මෝසස්ට බලධාරියාගේ වුවමනාව යම් තරමකට ඉටු කිරීමට හැකි විය. මිසරයෙන් පිටවූ ඊශ්‍රායල්වරුන්ට තමන්ගේ කියා රටක් හිමිවූයේ එසේය.
එහි පදිංචිවූ ඊශ්රායල්වරුන්ගේ අනුප්රාප්තිකයන්ට යම් යම් අවස්ථාවන්හි ඔවුන්ගේ මුතුන් මිත්තන් මුහුණ නොදුන් විපත්වලට මුහුණ පාන්නට සිදුවිය. යේසුස් වහන්සේට ඇණ ගැසීම සහ එතුමාගේ අනුගාමිකයන්ට දඬුවම් කිරීම ඊට සාක්කියක් නොවේ. මෙය යුදෙව් ඉතිහාසයේ සඳහන් නොවන ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන සිදුවීමක් බව දන්නා ඊශ්‍රායල්වරු එය ප්‍රබන්ධයක් සේ සලකති.
නාසිවාදීන් ජර්මනියේ ඇරඹූ යුදෙව් සංහාරය ඊට වෙනස් ක්‍රියාවකි. ඊශ්‍රායල් ජාතිකයන් විශාල පිරිසක් ජර්මනියට සංක්‍රමණය වී එහි පදිංචිකරුවන් වී සිටියහ. සංහාරය සිදුවූයේ ඔවුන් විනාශ කිරීම පිණිසය. මේ සඳහා ජර්මන් පාලකයින්ට අසල්වාසී ඉතාලි හා ස්පාඤ්ඤ රාජ්‍යයන්ගේ සහාය ලැබුණි. ඊට හේතුව ඔවුන් ඊශ්රායල්වරුන්ගේ වෙළෙඳ බලය තමන්ට තර්ජනයක් වශයෙන් සැලකීමයි.
එමනිසා කතෝලික පාලකයින් මෙම බිහිසුණු ක්‍රියාව කරන්නේ යුදෙව්වන්ගේ වෙළෙඳ බලය විනාශ කිරීමට බව ඉතා පැහැදිලි කාරණයකි.
එම අවස්ථාවේදී යුදෙව් වෙළෙඳ බලය සහ ජර්මනියේ වෙසෙන ඊශ්‍රායල් ජාතිකයින් ආරක්ෂා කිරීමට වෙහෙසුන පිරිසක් ද සිටිති. ඔවුන’තර ඇල්බට් අයින්ස්ටයින් අති විශේෂ පුද්ගලයෙකි. ඔහු ලෝක ප්‍රසිද්ධව සිටින්නේ භෞතික විද්‍යාඥයෙකු වශයෙනි. ඔහු භෞතික විද්‍යාඥවරියක සහ ගණිතඥවරියක වූ මිලේවා සමග විවාහ වී සිටි බව අප්‍රසිද්ධ කරුණකි.
පසුව ඔහු භෞතික විද්‍යාවට නෝබල් තෑග්ග හිමිකරගත් මහාචාර්ය කාල් විර්ට්ස් යටතේ පරමාණු බෝම්බය සැදීමේ රහස් පර්යේෂණවල නිරත වූයේය. මේ කාලයේ අයින්ස්ටයින් දකුණු ජර්මනියේ හෙචින්ගන්හි විසූ සුප්‍රකට රෙදි ව්‍යාපාරිකයෙකු වූ සිය මාමාගේ දියණිය එල්සා සමග සම්බ්න්ධකමක් ඇති කරගෙන ඇය හා විවාහ වූයේය.
මට හෙචින්ගන්හි ෆ්ලෝෂ් වීදියේ එල්සා වාසය කළ නිවස ඉදිරිපිට නිවසේ කාලයක් වාසය කිරීමට සිදුවිය. ඊට හේතුව එම නිවසේ හිමිකාරිය වූ ‘ඌට ක්රිකල්’ මගේ මිතුරියක වීමයි. මා ආචාර්ය වොල්ෆ්ගන් මයි සමග ශබ්දතරංග මගින් ලෙඩ සුව කිරීමේ සිංහල විද්‍යාව ගැන පර්යේෂණ පවත්වමින් සිටිය අතර අම්බලන්ගොඩ බන්දු විජේසූරිය දහඅට සන්නිය නැටීමක් සූදානම් කර තිබුණි. එදින නගරයේ කානුවකට වැටී තුවාල වී සිටි ඌට ආතුරායා වශයෙන් යොදාගන්නා ලදි.
ටියුබින්ගන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඌට ලෝක කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියක වූවාය. ලංකාවේ ගාඩි කාන්තාවන් මුල්කර ඈ ලියූ ඩිප්ලෝමා නිබන්ධනය සම්පාදනයට මම ආධාර කළෙමි. මේ කාලයේ ‘අපරාජිතා’ නමින් පොතක් ලියන්නට මට හැකිවිය. එහි කර්තෘ වශයෙන් ‘වල්ලි’ යන නම යෙදුවේ ගාඩි කාන්තාවන්ට ගෞරවයක් ලෙසිනි. මෙය ISBN අංකයක් යටතේ ජර්මනියේ ප්‍රකාශයට පත්කළ පළමුවෙනි සිංහල ග්‍රන්ථය බව ඌට මට කීවාය.
මට එල්සා සහ අයින්ස්ටයින් ගැන නොයෙක් තොරතුරු දැනගැනීමට ඌට උපකාර කළාය. ඇය මාව කිහිප වරක්ම අයින්ටස්යින් රැකියාව කළ රහස් පර්යේෂණාගාරය (වර්තමානයේ හයිගලෝහ් පරමානු කෞතුකාගාරය) වෙත කැදවාගෙන ගියාය.
අයින්ස්ටයින් පරමාණු බෝම්බය සැදීම පිළිබද සියලු රහස් රැස්කරගෙන එල්සා සමග ඇමරිකාවට පලා ගිය බව දැනගන්නට ලැබුණි. ඇමරිකාව පරමාණු බෝම්බ සාදා ජපානයේ නගර දෙකකට හෙලීමත් සමග යුද්ධය අවසන් වූයේය. යුදෙව්වන් අති විශාල පිරිසකට ඇමරිකාවේ පදිංචිය ලැබුණි.
මතු සම්බන්ධයි
