පුහුල් හොරා කරෙන් දැනේ

Last Updated on 5 months by admin

පසුගිය දිනෙක බෝධි සභාවේ සහෘදයකුගෙන් අපට තොරතුරක් ලැබුණි. ඒ, අප අන්තර්ජාල අඩවියේ ‘ආධුනිකයාගේ කටු සටහන’ යටතේ පළ කරන ලද පළමු විචාර ලිපියේ සඳහන් ‘අම්මා සඳකි ගීතය’ පිළිබඳ අදහස් තමගේම අදහස් යැයි අවධාරණය කරමින් වෙනත් පුද්ගලයකු යූටියුබ් වීඩියෝවක් මුදාහැර ඇති බවයි.

මේ පිළිබඳව කොමෙන්ටුවක් දමන්නැයි අපි අප සහෘදයාගෙන් ඉල්ලීමක් කළෙමු. ඒ අනුව මෙවන් කොමෙන්ටුවක් පළ කෙරිණි.
‘‘මාස දෙකකට කලින් මම වෙබ් එකක මේ වගේම විචාරයක් පළ කරලා තිබිලා කියෙව්වා. ලියපු කෙනෙකුගෙ නමක් තිබුණෙ නෑ. ආධුනිකයාගේ කටුසටහන නමින් දාලා තියෙන්නෙ. 2023 නොවැම්බරේ ලිපිය පළ වෙලා තියෙන්නෙ. මේ යූටියුබ් වීඩියෝවට දවස් 9යි. රවිමද ඒ ලිපිය ලිව්වෙ? නැත්තං කොහොමද මේක වෙලා තියෙන්නෙ කියල දැනගන්න කුතුහලයක් ඇති වුණා. මෙන්න කසබන එක ඒ ලිපියෙ.’’ (තිරසේයාව බලන්න)

මොහොතකින් කොමෙන්ටුව ඉවත් කෙරුණි. ඒ අනුව අප සහෘදයා නැවතත් කොමෙන්ටුවක් පළ කළේය.
‘‘මම මේ කියන විස්තරය මීට කලින් වෙබ් එකක පළ වෙලා තිබුණා ඒකත් ලිව්වෙ රවීමද කියල අහල දාපු කමෙන්ට් එක මැකුවෙ ඇයි? මේක ඒකෙ කොපියක්ද?’’ (තිරසේයාව බලන්න)

මේ ටීකනයට අත්වූයේද පෙර ඉරණමමය. එනිසා අප සහෘදයා නැවතත් මෙවන් විමසුමක් කළේය.
‘‘මේ කියන විස්තරය මීට කලින් වෙබ් එකක පළ වෙලා තිබුණා ඒකත් ලිව්වෙ රවිමද කියල මම දාපු කමේන්ට් එක මැකුවෙ ඇයි? මේක ඒකෙ කොපියක්ද? මෙන්න එක. මේ ලිපි පළ කරලා තියෙන්නෙ 2023 නොවැම්බර්. රවිගේ වීඩියෝවට දවස් 9. ඔබ අවංක නම් පැහැදිලි කිරීමක් කරන්න. කමෙන්ට් මකන්න එපා.’’ (තිරසේයාව බලන්න)
ටික වේලාවකින් එම ටීකනයද අතුරුදන්ව ඇත.

අපි මේ පිළිබඳව ආධුනිකයාගේ කටුසටහන ලේඛකයාට දැන්වූවෙමු.

‘‘එයාටත් එහෙම හිතුනද දන්නෙ නෑනෙ.’’ යැයි පිළිතුරක් ලැබුණි.

එසේය, එකම ගීය ගැන එකම අදහස දෙදෙනෙකුට ඇති විය හැකිය. එහෙත්, අපි, අප ලේඛකයාගෙන් පෙරළා මෙසේ ප‍්‍රශ්න කළෙමු.

‘‘එහෙමනම් ඇයි comments මැකුවෙ?’’

අදාළ ලිපියේ සහ වීඩියෝවේ යොමු:

https://bodhisabhava.com/wp-admin/post.php?post=180&action=edit

1 thought on “පුහුල් හොරා කරෙන් දැනේ”

  1. රණසිංහ

    නියමයි. මෙයා හොරු අල්ලල රට ගොඩදාන්න අමුඩ ගහන කල්ලියෙ පෝතකයෙක්. ඡන්දෙත් ඉල්ලන්නලු ඉන්නෙ.නියමෙට ගැලපෙනව වැඩේට. ඔහොම යං ඔහොම යං.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link