සාහිත කලා

අපිට ඕන යක්කු බොලව්

නාරද කරුණාතිලක කිසියම් ජාතියක සංස්කෘතිය යනු ඉතා ගැඹුරු හා සංකීර්ණ විෂය පථයකි. ඕනෑම ජාතියක ප්‍රාණය පවත්වාගෙන යනු ලබන ආගම භාෂාව ආදියද අයත් වීම ඊට හේතුවයි. සංගීතය යනු එම ජාතියේ අනන්‍යතාව සහ උරුමය ප්‍රකාශ කරන මාධ්‍යයකි. ලයනල් රන්වල විසින් අරඹන ලදුව ඔහු පුත් සහන් රන්වල පවත්වාගෙන යන ‘රන්වල බලකායේ’ ‘යක්කු බොලව්’ ප්‍රසංගය අපගේ අවධානයට යොමු වන්නේ

අපිට ඕන යක්කු බොලව් Read More »

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය

කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය. එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය Read More »

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න

රසිකා කොටුවේගෙදර Photo credit: Asian Art Museum of San Fransisco යසෝදරා කළ කැපකිරීම් සිදුහත් කළ කැපකිරීම්වලට වඩා වැඩියි කියා ආචාර්ය හරිනි අමරසූරිය කී කතාව සමාජයේ විවිධ විවේචනවලට ලක් විය. හරිනි මානව විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය යසෝදරා සිදුහත් පිළිබඳ ඉහත කතාව කියා ඇත්තේ උගත් තැනැත්තියක වශයෙන් ස්වාධීනව මනස මෙහෙයවා හෝ බෞද්ධ පොතපත කියවා නොව

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න Read More »

මහිලා සමිතියේ අවුරුදු උත්සවය!

Credit: commons.wikimedia.org ගමේ මහිලා සමිතිය පැවැත්වෙන දවසට ඊට සහභාගි වන එක ම පිරිමි නියෝජිතයා මහතුන්ය. මහිලාවන් මහතුවා ඊට සහභාගි කරවාගන්නේ ඌ ලවා සමිති ශාලාව සකස් කරවා ගැනීම වැනි විවිධ පක්කාලි වැඩ කරවා ගැනීම සඳහා හෙවත් කප්පම් ලබා ගැනීම සඳහාය. ඒ ගැන මෙලෝ දැනීමක්, ඉවක් නැති මහතුවා මහිලා සමිතිය දවසට ඊට සහභාගි වන්නේ මන්ත්‍රීතුමා ස්මාරකයක් විවෘත

මහිලා සමිතියේ අවුරුදු උත්සවය! Read More »

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »

බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස් 

රෝහිත මුණසිංහ, පැරිසිය, ප‍්‍රංශය. පැරිසියේ සිනමා ශාලාවකදී “Bob Marlay: One love” නම්, සුපිරි ගායක බොබ් මාලේගේ ජීවිත කතාව රැගත් සිනමා සිත්තම නැරඹුවෙමි. එය නරඹන අතරතුර ඉවත ඉගිලගිය මගේ සිත නැවත චිත්‍රපටයට යොමු කර ගැනීමට සිදුවූ නිසා එහි රස වින්දනයටද බාධා සිදුවූ බව ඇත්තය. එය එසේ වූයේ මට “අපේ ක්ලැරන්ස්” සිහිවූ නිසාය. සිනමාව නරඹා මගේ බිරිඳ

බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස්  Read More »

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්!

මහතුවාගේ අමු අක්කා අමු ආදරෙන් දුන්න අමු, අමුවෙන් ම කාපු මට අමු නින්දක් ආවේය. මට උන්හිටිතැන් අමතකව අමු හීනයක් පෙනිණි. ඒ අමු හීනෙට අනුව මං හිටියේ අමුඩයක් ඇඳගෙනය. ඒ හීනේ අනුව මම අමුතු මිනිහෙක් වී සිටියෙමි. අමු හීන දර්ශනය :- “අද පත්‍තර ටික ගෙනෙල්ලා හිටන් ඉඳගෙන කියවන්න” මම කීවෙමි. අමුවෙන් දෙකක් දාගත්ත මෑන් කෙනෙක් පත්තර

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්! Read More »

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ

මහතුවා ඉන්නේ හදිසියේ ම ජනාධිපතිකම ලැබුණා වගේ සතුටින්ය. “මොකෝ මහතුන්, IMF ණය කොන්දේසි නැතුව ම ලැබුණා වගේ පට්ට ආතල් එකේ? ඩයනාක්කා මල් දුන්නද?” “නෑ ඕයි, මං ජ්‍යෝතිෂකාරයා ළඟට ගියා බං සාත්තරයක් අහන්න!” මහතුවා එහෙම කීවේ, මිනිහගේ ඉහේ ඩයනක්කාගේ මල් පිපුණා තරම් සතුටිනි; ඉහෙන් කනෙන් පැණි වරුසා බේරන ගමන්ය. “අම්මටසිරි! මොනවද ජ්‍යෝතිෂ ලොක්කා කීවේ? කවුද ඡන්දෙන්

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ Read More »

ඩිජිටල් කවි

පිළිම උළෙල කුමාර ලියනගේ සැරද මහ මැතිසඳගෙදර පිළිකන්නේවැජඹෙනකම්බි අච්චුව මැදහිට ගෙනමළවුන් ගෙන් නැගිටින පියදාස – පිළිම බාස් මමමේසන් හැන්දෙන් බෙදනකුලියට වැඩ කරන ආරා කඳබඩගොන් වැඩුණා සේනම ගියරූපෙට රූපය අඹමිවට කරගෙන තනියෙන්කනට සිමෙන්තියෙන් ගසමිඔබා ටින් බෙලෙක්කවැසිකිලි පෝච්චි, බඩ කරමි දේශබන්දු ජනකීර්ති බස්නායක දඩමස්ගස්පස්බිස්නස්කුඩු, කසිප්පුයට අල්ලස්ෂෙඞ්, හෝටල්මසාජ් ක්ලිනික් මිනීමැරුම්මැර කොන්ත්රාත් සත්ගුණවත් ..! අනුස්මරණ උළෙල සැපත්ගුණ සමරන අලුත්

ඩිජිටල් කවි Read More »

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය

කැත්ලීන් ජයවර්ධන Credit: CHRIS HARDY ‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට නිවැරදි යැයි සහතික වන්නට නොහැකි ය. එහෙත් බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක් ම යැයි අපට සිතෙන්නේ පතපොතින් පරිබාහිරව සිදුකෙරුණ හුදෙකලා නිරීක්ෂණ ගණනාවක් ද පාදක කොට ය. සමහර දේවල් අපට බෙදා වෙන් කරන්නට, කොටස් කරන්නට සිදුවන්නේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක ලෙස ය. සංඛ්‍යාත්මකව

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය Read More »

Scroll to Top