ලොව පුරා  දරුවන්ෙග් ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පහළට

Last Updated on 8 months by admin

ලොව පුරා  රටවල් ගණනාවක දරුවන්ගේ ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පෙරනොවූවිරූ අයුරින් දුර්වලවෙමින් පවතින බව වාර්තා වේ. පැරිසිය කේන්ද‍්‍රකරගත්, ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය ස`දහා වූ සංවිධානය OECD  Organisation for Economic Cooperation and Development විසින් රටවල් 81ක වයස අවු. 15 දරුවන් 700000ක් පමණ සම්බන්ධ විෂයයෙහි පවත්වන ලද පරීක්ෂණයක් ඇසුරින් මේ බව අනාවරණය කරගෙන තිබේ. එම ප‍්‍රතිඵලවලට අනුව සෑම දරුවන් 4 දෙනෙකුගෙන් එක් අයකුම ගණිතය, විද්‍යාව හා කියවීම අතින් දුර්වලය.

සංවර්ධිත සාමජික රටවල් 38ක සහ සාමාජිකත්වය නොමැති රටවල් 44ක දරුවන් පසුගිය වසරේ පෙනීසිටි පැය 2ක විභාග ප‍්‍රතිඵල ඇසුරින් මේ තොරතුරු අනාවරණය වී තිබේ.  2018 වසරේ පැවති විභාගයේදී දරුවන් දැක්වූ  කියවීමේ දක්ෂතාවන්ට වඩා මේ අවසන් විභාගයේ දී ලකුණු 10ක් සාමාජික රටවල දරුවන්ද ලකුණු 15ක් සාමාජික නොවන රටවල දරුවන්ද හිමිකරගෙන ඇතැයිද සංවිධායකයෝ පෙන්වාදෙති.

ජර්මනිය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, නෝර්වේ හා පෝලන්තය යන රටවල දරුවන්ගේ ගණිත හැකියාවෙහි විශාල කඩාවැටීමක් දක්නට ඇත. විභාගයේ ඉහළම ලකුණු වාර්තා කර ඇත්තේ සිංගප්පූරු දරුවන් වන අතර, ජපානය, දකුණු කොරියාව, හොංකොං, තායිවානය, මැකාවු යන රටවල දරුවෝද ලකුණු අතර ඉදිරියෙන් සිටිති.  

වසර 2000 දී මේ විභාගය ඇරඹි සමයේ පටන් දරුවන්ගේ හැකියාවන් ක‍්‍රමයෙන් දුර්වලවීම නිරීක්ෂණ්යය වූ බවත් OECD පවසයි. කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමීම ෙම් විශාල කඩාවැටීමට බලපෑ එක් හේතුවක් විය හැකි නමුදු එය අධිතක්සේරු කිරීමට තමන් අකමැති බවත් ප‍්‍රතිපල්ති සම්පාදකයන්ගේ අවධානය මේ ප‍්‍රතිඵල කෙරෙහි යොමුවිය යුතු බවත් OECD පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link