Last Updated on 2 months by admin
ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන් බෙහෙවින් ප්‍රවේශම් විය යුතු බවට 28 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර අලුත්ම විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු කාර්යාලයේ (FCDO) උපදෙස් කියවන ලෙසද බ්‍රිතාන්‍ය රජය සිය රටවැසියන්ට උපදෙස් දී තිබේ.
එදිනම (28) කැනඩාවද එවැනිම සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ත්‍රස්ත ප්‍රහාර, දේශපාලන පෙළපාළි හා අපරාධ පිළිබඳ අවදානමක් ඇති හෙයින් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව එහි දැක්වේ.
23 වැනිදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයද මේ නිවේදන දෙකේම උපුටා දක්වා තිබේ.
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෙබ් අඩවිවල දැක්වෙන පරිදි, ඕස්ට්‍රේලියාව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයද තවමත් ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා හා මහජන කැළඹිලි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්නැයි සිය රටවැසියන්ට දන්වමින් ඔක්. 2 වැනිදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයද තව දුරටත් ක්‍රියාත්මකය.