හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන

Last Updated on 2 months by admin

හරිණි හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට යශෝධරා කුමරිය මුණ ගැසෙන්නේ පළමුවෙනි වතාවට කියා.

බෝසත් චරිතයක් කියන්නේ කවුරුන්ද පාරමිතා පුරනවා කියන්නේ කුමක්ද, බුදු වීමට පෙරුම් පුරණ බෝසත් චරිතයට භවය පුරාම සහාය දෙන සහකාරිය කවුද වැනි මාතෘකා හරිණි වැනි දේශපාලන පරිණතභාවයක් නැති අයෙකුට දිරවා ගත හැකි මාතෘකා නොවේ.

බුද්ධත්වය යනු කුමක්ද කියා නොතේරෙන අත දරුවකු ලෙසින් හරිණි යශෝධරා දේවිය වෙත අනුකම්පාව පුද කරන්නේ බටහිර ඊනියා කාන්තා විමුක්තියේ දේශීය නියෝජිතවරියක් ලෙසින්.

වල්කමේ යාමට පිරිමියාට ඇති නිදහස අපටත් තිබිය යුතු යැයි කාන්තා විමුක්තියේ නාමයෙන් උස් හඬින් සටන් පාඨ කියන කාන්තාවන්ගේ බොල් හ’ඩ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් තිබෙන පෙරදිග කාන්තාවන්ගේ හ’ඩ වන්නේ කෙසේද?

යශෝධරා දේවිය විසින් කරන ලද පරිත්‍යාගය තේරුම් ගනිමින් එය අගය කළ, බුදුන් දවස සිට අද දක්වාත් ලෝකයේ වාසය කළ සෑම බෞද්ධ කාන්තාවක්ම දැන සිටියා එය පතාගෙන ආ පාරමිතාවක ප්‍රතිඵලයක් බව.

යශෝධරා දේවිය බුදුන් වහන්සේට විරුද්ධව නඩත්තු ගාස්තු හා වන්දි ඉල්ලමින් නීතිඥයෙකුගේ මාර්ගයෙන් නඩු මඟට බැස්සේ නැත්තේ ඇයි කියා හෙට අනිද්දාම හරිණි අමරසූරිය අහන්න පුළුවන්.

යශෝධරා යනු නිකම්ම නිකං කාන්තාවක් පමණක් නොවෙයි. බුදුවන භවය දක්වාම බෝධි සත්වයින් පසුපස සෙවනැල්ලක් සේ එන ශ්‍රේෂ්ඨ කාන්තාවක්. හරිණිලාත් ඒ කාලෙ චිංචි මානවිකාවලගෙ කල්ලිය ඇසුරු කළා වෙන්නත් පුළුවන්.

හරිණි අමරසූරිය ව්‍යාංගයෙන් කියන්න උත්සාහ කරන්නේ සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය කිරීමට ගත් තීරණය තුළින් යශෝධරාවට අසාධාරණයක් සිදු වුනා, යශෝධරා විසින් කරන ලද අනූපමේය පරිත්‍යාගය නිසාම සිද්ධාර්ථට ගෞතම නමින් බුදු වීමට අවස්ථාවක් පෑදුනා කියලයි.

බලයට පත්වීම සඳහා පල්ලියේ සහය ලබන ජවිපෙ සහ ජා ජන බලවේගයේ අක්මුල් සිඳගත් පුඟුලන් පල්ලිය පිනවීමේ බෞද්ධ විරෝධී තුච්ඡ මඩ ව්‍යාපාරයක් දියත් කර ඇති බව අප විසින් අමතක නොකළ යුතුයි.

බෞද්ධ ඉගැන්වීම් තුළින් සැබෑ විමුක්තියක් සඳහා ජනතාවට මාර්ගෝපදේශකත්වයක් හඳුන්වා දෙන බුදු දහම හෑල්ලුවට ලක් කිරීම හරහා මෙවර ජනාධිපති හා මහ මැතිවරණවලදී “රතු සහෝදර සහෝදරියන්ට” විශාල ජන බලයක් ලැබේවි කියා මොවුන් මායාකාරී සිතුවිල්ලක පැටලී සිටිනවා.

හරිණි එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබන්නට කලින් නවසිය හතළිස් ගණන්වලදී ලංකාවෙන් යුරෝපයට ගොස් ආචාර්ය හා ද්විත්ව ආචාර්ය උපාධි ලබා ගත් සම සමාජ හා බෝල්ෂෙවික් නායකයින් බුදු දහමට විරුද්ධව කට වාචාල කතා කියන්න පුරුදු වී සිටියා.

මේ ජඩ ක්‍රියාදාමය තුළින් ඔවුන් කාලකණ්නි සතුටක් ලැබුවා හැර රටට වූ යහපතක් නම් නැහැ.

හරිණිලාත් මුල් කරගෙන මේ සිදුවන්නට යන්නේ ඉතිහාසය පුනරුච්චාරණය වීමක්ද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link