ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක්

Last Updated on 2 weeks by admin

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය.

ප්‍රංශයේ නව අගමැති මයිකල් බානියර්

එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ.

යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත ජාතිකවාදී පෙරමුණකි. අනවශ්‍ය කලබලවලට අකමැති ප්‍රංශ ජනතාව දෙවැනි වටයේදී වාම නැඹුරුවක් සහිත සන්ධානයකට බලය දුන්හ.

උනට තමන් අතරින් කෙනෙකු අගමැති තනතුරට තෝරා ගැනීමට නොහැකිව කුලල් කාගනිමින් සිටියදී ජනාධිපති මක්රෝන් නව අගමැතිවරයෙකු පත් කෙළේය. ඒ “ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල්” යන අප දන්නා ආප්තෝපදේශයට අනුවය.

මේ නව අගමැතිගේ නම Michel Barnier ය. හෙතෙම දරු තිදෙනෙකුගේ පියෙකි. 1951 උපන් ඔහුගේ වයස 73 කි.

ලංකාවේ දැන් තිබෙන්නේ වයස 70 ක සීයා කෙනෙකුට ගෙදර යතුරවත් භාර නොදෙන තත්වයකි. නමුත් මේ බලගතු ධනවත් ප්‍රංශය වයස 73 ක ‘තරුණයෙකුට’ අගමැතිකම භාර දෙයි.

තරුණකම අවශ්‍ය කාය  ශක්තිය යොදවා කරන වැඩවලටය. පරිනත බුද්ධිය හා අත්දැකීම් අවශ්‍ය තැනට  වයස බාධකයක් නොවේ.  

අපරිනත  කොල්ලන්ගේ  විකාර කතාවලට ලංකාවේ බුද්ධිමත් වැඩිහිටියන් මුලා නොවිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link