ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර

Last Updated on 4 months by admin

මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව තිබේ.

හිටපු අගමැති ඊබ‍්‍රාහිම් මෙහොමද් විදේශ තානාපති කාර්යාලවල බලපෑමට යට වී රට පාලනය කළේ යයි මාල දිවයිනේ අගමැති මුයිසු ප‍්‍රකාශ කළේය. සිය රජය බිඳ දැමීමට සමහර විදේශීය තානාපති නිලධාරීන් කටයුතු කළ බව ගෝඨාභයගේ පොතෙන් කියවේ. ඔහු බලය බාර දුන් රනිල් වික‍්‍රමසිංහ ජාතිකත්වය නොසලකන බටහිර රටවලට හිතවාදී දේශපාලනඥයෙකු වශයෙන් ප‍්‍රසිද්ධිය දරන්නෙකි.

මුයිසු ජනප‍්‍රිය වන්නේ ජාතික නායකයෙකු වශයෙනි. ඔහු සිය කතාවේදී මාල දිවයින ‘දිවෙහින්නේ රාජ්‍යය’ යනුවෙන් හැඳින්වූයේය. ලංකාවේ ‘මහාවංශය’, දිවෙහි රට ගැන සඳහන් එකම ඓතිහාසික ග‍්‍රන්ථයයි. ඊට අනුව විජය සමග රටින් පිට කරන ලද මහිලා පිරිස, ‘මහිලා දිවයින්’ ගොඩනැගූහ. දිවෙහි රට වශයෙන් ප‍්‍රසිද්ධ වූ මහිලා රාජ්‍යය බෞද්ධ රාජධානියකි. දැන් මාල දිවයිනේ බෞද්ධ පුළුටක් නැත. කලකට පෙර ඉස්ලාම් අන්තවාදියෝ එහි කෞතුකාගාරයේ තිබුණු බෞද්ධ පුරාවස්තු පවා විනාශ කළහ.

හින්දු ජනගහණය තරම් නොවුනත්, ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ආගම්වලට ඉන්දියාවේ යම් යම් ප‍්‍රාන්තවල වැඩි බලය හිමි වේ. මේ ආගම් දෙකටම ජාත්‍යන්තර වශයෙන් විශාල බලයක් ඇත. පකිස්ථානය, බංගාලිදේශය සහ මාල දිවයින් ඉන්දියාව වට කරගෙන සිටින ඉස්ලාම් රටවල් තුනකි. ඒවා අතීතයේ බෞද්ධ රටවල් වූ නමුදු දැන් අතීතය දකින්නට ඇත්තේ කෞතුකාගාර කිහිපයකින් හා නටබුන් අතරින් පමණි.

මීට වසර කිහිපයකට පෙර ලංකාවේ ක‍්‍රිස්තියානි දේවස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් වශයෙන් අත්අඩංගුවට පත්වූ හැම දෙනාම ඉස්ලාම් ආගමිකයෝ වෙති. පාස්කු ප‍්‍රහාරයට ‘මහමොළකරුවෙක්’ සිටී යන්න මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ ඉදිරිපත් කිරීමකි. ඔහු සොයා නිසි විමර්ශනයක් සිදු නොකළේ යයි කාදිනල්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට චෝදනා කළේය.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, පාස්කු ප‍්‍රහාරයේ සැබෑ සැලසුම්කරුවන් තමා දන්නේ යයි ප‍්‍රකාශ කිරීම කාදිනල්ගේ කතාව සනාථ කරන්නකි. මෛත‍්‍රීපාල දැනගත් ‘මහමොළකරු’ ඉන්දියාව යයි මතයක් රටේ පැතිරේ.

කච්චතිව්, අතීතයේ බෞද්ධ වෙහෙර විහාර පැවති බෞද්ධයන්ගේ භූමියක් බවට සාක්ෂි පවතී. දැන් එහි විශාල කතෝලික දේවස්ථානයක් ඇත. මෝදිගේ ආණ්ඩුව කච්චතිව් දූපත කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනේ. මෙය ඉන්දියාවට ගියත් කතෝලික දේවස්ථානයට ප‍්‍රශ්නයක් නැත.

කූරගල, බෞද්ධ උරුමයකි. මුස්ලිම් ආගමිකයින් කූරගල ඇල්ලීම ගැන මීට වසර කිහිපයකට පෙර බොදු බලසේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ කතාවක් නිසා ජාතීන් අතර වෛරය ඇති වන බවට තීරණය කළ අධිකරණය උන්වහන්සේට බරපතල වැඩ ඇතිව දෑවුරුදු සිර ද`ඩුවමක් නියම කර තිබේ. මෙම නඩුවේ පැමිණිලිකරුවන් වන්නේ කොළඹ වෙසෙන මුජිබර් රහමාන් සහ අසාද් සාලිය. ප‍්‍රකට ඉස්ලාම් නායකයින් දෙදෙනෙකු වන මොවුන්ගෙන් මුජිබර් රහමන් සජිත් පේ‍්‍රමදාසයන්ගේ සමගි ජන බලවේගයේ ක‍්‍රියාකාරී නායකයෙකි. සජිත් යූඇන්පියේ ඇමතිවරයෙකුව සිටියදී කූරගලට පන්සලට විදුලිය දීමට අකමැති වූයේය.

ඉන්දියාව අභ්‍යන්තරයේ සහ ඒ වටා දේශපාලනය ගැන විමසිලිමත් වන්නෙකුට මෝදිගේ රජයට එරෙහිව ගොඩනැගෙන ඉස්ලාම් එකමුතුවක් දැකීමට පුළුවන. ඊට ක‍්‍රිස්තියානි පාර්ශ්වයෙන් ලැබෙන්නේ සූක්ෂම සහායකි. මේ දෙපිරිසම හීන් නූලෙන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ සිංහලයන් අතර ඉන්දියානු විරෝධයක් ඇති කිරීමයි. එය තේරුම් ගෙන බෞද්ධයන් ඊට පැටලීමෙන් වළක්වා ගැනීමට බෞද්ධ නායකයින් වෙහෙස ගත යුතුයි. ඉන්දියාව ජවිපෙ නායකයින් දණගැස්සූ නමුදු, ඔවුහු සැබැවින්ම ඉන්දියාවේ මිතුරෝ නොවෙති. අවස්ථාව ලත් සැණින් ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් පාර්ශ්වයකට නැඹුරු වීමට ඉඩකඩ ඇත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කාගේ කරේ එල්ලී හෝ බලය ලබාගැනීමයි.

ඉන්දියාවට ලංකාවේ බෞද්ධයන්ගේ සහාය වෙනදාටත් වඩා අනාගතයේ දී අවශ්‍ය කෙරේ. සිංහල බෞද්ධයා බුදුන් උපන් රට වූ දඹදිවට ආදරය කරන්නෙකි. සිංහලයාගේ මුල දඹදිව යයි හැඟීමක් ඔවුන්ට තිබේ. ලංකාව බුදුන් උපන් රට කියන්නන් කරන්නේ සිංහල බෞද්ධයා ඉන්දියාවට දක්වන ආදරය හා විශ්වාසය බිඳ දැමීමයි. අරූන් සිද්ධාර්ථන් යටතේ උතුරේ දෙමළ බෞද්ධයන්ගේ පිබිදීමක් ඇතිවීම බෞද්ධන්ට මෙන්ම ඉන්දියාවටද වාසිදායකය. ජාජබයට හෝ සජබයට බලය දීමෙන් සිදුවන්නේ බෞද්ධයන්ට අවාසියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link