Last Updated on 34 minutes ago by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ වාර්තාව පරිදි මෙම වසරේ ලෝකයේ වේගවත්ම ආර්ථිකය ඉන්දියාව හිමිකර ගෙන සිටියි. නමුත් ලංකාවේ වරාය ව්‍යාපෘතියේ නියැලී සිටි චීන සී එම් පි එච් සමාගම එයින් ඉවත්වූයේ ඉන්දියාවේ බලපෑමකට බව ඔප්පුවන සාක්කියක් නැත. ලංකාවෙන් පිටවූ චීන ආයෝජකයින් මලයාසියාවට යාමට වැඩි ඉඩක් ඇත්තේය. එසේ වුනොත් ලංකාවට තව තවත් ඉන්දියාවට බැඳෙන්නට හෝ නතුවෙන්නට සිදුවේ.
ලංකාව ඉන්දියාවේ ග්‍රහණයට හසුවන හැටි චීනය උපේක්ෂාවෙන් බල සිටිතැයි සිතීමට බුද්ධිමතුන් කැමති නැත. රාජපක්ෂවරුන්ගේ වැටීම හම්බන්තොට වරාය ඉන්දියාවට දීමේ ප්‍රතිඵලයක් සේ ඔවුන් දකිති. ලංකාව වැනි කුඩා රටවල ආණ්ඩු පිහිටුවන්නට හා පෙරළන්නට විදේශ රටවල් බලපාන බව ඔවුන්ගේ අදහසයි. පිටින් එන සල්ලි ඉන්දියාව වැනි මහා රටක වුවත් වෙනස්කම් ඇතිකරයි. ඉන්දියාව සිජේපී (කැරපොතු) නායකයින් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ට විදේශයන්ගෙන් මුදල් ගැලීම වැළැක්වීමට ගෙන ඇති පියවර නිදසුනකි. බොහෝ දෙනෙකු නොදන්නා නමුදු ලංකාව වැනි රටවල යාච්ඥා කල්ලි පවා දුවන්නේ පිටින් එන මුදල්වලිනි.
ලංකාව බීජේපී රහණයට හසුවන විට ඉස්ලාම් පාර්ශ්වය හරහා සිය බලය පතුරුවන්නට චීනයට පුළුවන. ඉස්ලාම් පාර්ශ්වය යනු ඉන්දියාව වටකර ගෙන සිටින ඉස්ලාම් රටවල් සමූහයයි. ඔවුහු චීනයට ළංවී සිටිති. මේ තත්වය යටතේ අනාගතයේ ලංකාව දේශපාලන යුද භූමියක් වේවිද?
ආණ්ඩුව ඥානසාර හිමියන්ගේ සිවුරු ගැලවීමේ සිද්ධිය අසනීපයක් කරගෙන ඇත. බැලු බැල්මට පෙනෙන්නේ මාක්ස්වාදී කොඩිය නිසා ඔවුන්ට එය සනීප කරගන්නට බැරි බවයි. ඇත්ත එයමද? ඔවුන්ව ඒ වළේ එබීම කිසියම් පිරිසගේ වුවමනාවට සිදුවූවක් වන්නට පුළුවන. ජවිපෙ හැම කාලයකම කළ වැරදි ගැන කියවන සංවිධානයකි. කවදා හෝ ඔවුන් මේ මෝඩකම ගැන ස්වයං විවේචනයක් කරන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවට විරුද්ධව ඇරඹුන සිංහල බෞද්ධ බලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
ඉන්දියාව වටා සිටින ඉස්ලාම් රටවල් සියල්ල චීනය කෙරේ වැඩි විශ්වාසයෙන් කටයුතු කරති. අතීතයේ මායාදුන්නේගේ ආධාරයට කැලිකට්හි සැමොරින් ඉදිරිපත් වූවාසේ අනාගතයේ බෞද්ධයන්ගේ ආධාරයට ඉස්ලාමිකයන් ඉදිරිපත්වීමට පුළුවන. වික්සිත් භාරත් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දියාවේ සහ ඒ අවට රටවල ඉස්ලාමිකයන් දැනටමත් පොදු සන්ධානයකට පැමිණෙමින් සිටිති. අප්රසිද්ධියේ හෝ චීනය ඔවුන්ට පිහිට වන්නට ඇති ඉඩකඩ වැඩිය. චීනය හා ඇමරිකාව අතර සබදකම් වැඩිවන විට ඉන්දියාවට සිදුවන්නේ හුදකලා වීමටයි.
තමිල්නාඩුවේ මහඇමති ජෝෂප් විජේයි බලය ලබාගන්නට පෙර ලංකාවේ කච්චතිවු ඉන්දියාවට ගන්නා බව කීවේය. තමිල්නාඩුව කිසිම විටක බීජේපියට එය තුළ බලය පතුරුවා ගැනීමට ඉඩක් නොදුන් ප්රාන්තයති. එය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ කාලයේ සිටම කටයුතු කරන්නේ ස්වාධින දෙමළ රටක් වශයෙනි. ඊට හේතුව එය තුළ ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි බලයයි.
නමුත් බලයට පත්වූ ජොෂප් විජේයිට කාවේරි ගඟින් තර්ජණයක් පැමිණුනි. යාබද ප්‍රාන්තය ඊට ඉහළින් වේල්ලක් ඉදිකර ජල අර්බුදයක් මතු කළේය. විජේයි මෙය විසඳාගත්තේ මෝදිට කීකරුවීමෙනි. ඒ සමග කච්චදුව ගැනීමේ ඔහුගේ වුවමනාව යටපත්විය. තමිල්නාඩුව සහ ලංකාව යා කරන දුම්රිය මාර්ගය ඉදිකිරීම මගින් කච්චතිවු පරාදය වසා ගැනීමට ඔහුට ඉඩ ලබාදීමට මෝදි පොරොන්දුවී ඇත්දැයි සමහරු සැක පහළ කරති.
නැවත රටේ ජාතිවාදී ව්‍යාපාර බිහිවන්නට ඉඩ නොදෙන බව ලංකාවේ රාජ්‍ය නායකයින් කෑ ගස ගසා කීවාට ලෝකයේ කුඩා රටවල ආගම්වාදී හා ජාතිවාදී දේශපාලන ව්‍යාපාර ඇතිවන්නේ පසුපසින් එන කුඩා රටවල වැසියන් ඉත්තන් බවට කරමිනි. බලවතුනට වුවමනා නම් කුඩා රටවල ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවාදී සංවිධාන ඇතිකරන්නට පුළුවන. ලංකාවේ LTTE ව්‍යාපාරය රටේ දෙමළ ජනතාව විසින් ආරම්භ කරන ලද්දක් නොවේ. එහි තිඹිරගෙය තමිල්නාඩුව බව පැහැදිලි කරමින් දකුණු ඉන්දීය ශාස්ත්රඥයින් පොත් පත් ප්‍රකාශ කර තිබේ.
මාලිමා රජය සිංහල බෞද්ධයන්ට හානිකරන ක්‍රියා තව තවත් කරගෙ ගියොත් පිරිත් කියාගෙන යන හාමුදුරුවරුන්ටත් රහසින් ඊට වෙනස් ලෙසකට හැසිරෙන සිංහලයන් පිරිසක් රටේ බිහිවෙන්නට පුළුවන. ඔවුන් සහ ඉස්ලාම් පාර්ශ්වය අතර බැඳීමක් ඇති කිරීමට තුන්වෙනි පාර්ශ්වයකට ශක්තිය ඇත. ලංකාවේ භුගෝලිය පිහිටීම ගැන සැලිකිලිමත් වීමේදී පෙනෙන්නේ රටේ සාමය හා සමෘද්ධිය රඳා පවතින්නේ බුද්ධිමත් නායකයින් රට පාලනය කරන විට පමණක්ම බවයි. ලංකාවට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබේද? එවැනි ප්‍රශ්නයක් පැනනගින්නට ලංකාව බිස්ක් සමුළුවෙන් කැපී ගිය බැවිණි. ‘රාජා භවතු ධම්මිකෝ ’ සිංහල බෞද්ධයින්ගේ ධර්ම ස්තෝත්‍රයකි. පක්ෂ දේශපාලනයෙන් අන්ධ වූ ඇතැමුන්ට ඒ බණ අවබෝධ කරගන්නට නොහැකිය.
