ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා

Last Updated on 5 months by admin

භික්ෂුන් වහන්සේලා අපකීර්තියට ලක්කිරීමෙන් බෞද්ධයා බුදු සසුනෙන් ඈත් කිරීමේ උපාය දිග ඉතිහාසයක් ඇත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පේරාදෙණියේ පිහිටු වූ ලංකා විශ්වවිද්‍යාලයෙන් පැතිරුන පේරාදෙණි කවි බොහොමයකින් දුටුගැමුණු වැනි ජාතික නායකයින් පවා නින්දාවට ලක් විය. එහිදී භික්ෂුව හා සසුන නින්දාවට ලක්කිරීමට පුරුදු වූ සමහරෙකු එය සිරිතක් කරගත්හ.

චන්ද්රිකා කුමාරණතුංග යුගයේ රූපවාහිනියේ අධිපති තනතුර ලැබූ වසන්ත රාජා ඇල්ටීටීඊ හිතවාදයෙකි. ඔහු කළ හපන්කමක් ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය’ට අසන්නට ලැබුණි.

කෝට්ටේ ජීවත් වූ උප කථිකාචාර්යෙකුට පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට යාමට ශිෂ්‍යත්වයක් ලැබුණි. ඔහුගේ දෙමව්පියෝ ගෙදර දානයක් දුන්හ. ශිෂ්‍යත්වලාභියාගේ හිත මිතුරෝද එහි පැමිණියහ. ඔවුන් අතර වසන්ත රාජා ද වූයේය.

දානය පිළිගන්වන්ට පෙර කුස්සියට අරක්කු බෝතලයක් ගෙනා වසන්ත රාජා හාමුදුරුවරුන්ට සකස් කළ ගිලන්පසු වීදුරු සියල්ලටම අරක්කු මිශ‍්‍ර කළේය. මෙය දුටු අයෙකු වහා ගොස් භික්ෂුවකට මේ බව රහසින් කීවේය. භික්ෂූහු ගිලන්පස පානය නොකළහ. උන්වහන්සේලා ගෙදරින් එළියට බහිනවිට ‘බඩු ටික වැනි වැනි යනව’ කියමින් වසන්ත රාජා හිනාවෙන්නට ගත්තේය.

එදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකථිකාචාර්යවරයෙකුව සිටි අරක්කු මිශ‍්‍ර කිරීමේ පුවත දැනගත් භික්ෂුව ඇමරිකාවේ වාසය කරන බව බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයට දැනගන්නට ලැබුණි. ඔවුහු දුරකතනයෙන් උන්වහන්්සේගෙන් සිද්ධිය ගැන අසා එය ඇත්තක් බව දැනගෙන, මෙයින් 30 වසරකට පමණ පෙර 1994 දෙසැම්බරයේ ‘ගිලන්පස පූජාවට හැලි අරක්කු මුසුකළ වසන්ත රාජා’ ලිපිය සකස් කළහ. එය බර්ලින් මානව හිමිකම් සංවිධානයේ ප‍්‍රකාශනයක් වශයෙන් ලංකාව ඇතුළු ලෝකයේ රටවල ගණනාවක විහාරස්ථානවලට බෙදා හැරිණි.

3 thoughts on “ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා”

    1. වසර 30කට පෙර පළ කළ පොතක්. දැනට සපයාගත හැකි තැනක් නැති බව කනගාටුවෙන් දැනුම් දෙමු.

  1. Saman Gunathilaka

    මෙවන් සැඟවුන තොරතුරු තව තවත් හෙළි කිරීමට ශක්තිය ⁣ධෛර්යය ලැබේවා.
    හෘදයාංගම සුබපැතුම්
    🥰🥰🥰
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link