ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

Last Updated on 5 months by admin

Photo credit: NewsWire.lk

ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව ආදි නම්වලිනි. මුහුණ වෙනස් කරන මෙම පක්ෂය ගොඩනැඟීමට මුස්ලිම් ජාතිකයින්ගෙන් විශාල මෙහෙයක් සිදුවී ඇති බව කියැවේ. ජාජබ-ඉස්ලාම් හවුලට සම්බන්ධ කිරීමට කලාපයේ ඉස්ලාම් බලයට වුවමනාවක් ඇත්නම් ඒ ගැන පුදුම විය යුතු නැත.

නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාව හින්දු අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. කලාපීය ඉස්ලාම් එකමුතුවක් ඇති වීම ඊට පිළිතුරකි. මෙවැනි අදහසක් කලාපයේ ඉස්ලාම් කණ්ඩායම් අතර පැතිරෙන්නට හේතුව මාල දිවයින් නායක මොහොමද් මුයිසුගේ ආදර්ශයයි. ඔහු ලෝකයේ කුඩාම ඉස්ලාම් රටක ඉස්ලාම් ජාතික නායකයෙකි. එහෙත් උපාය කෞශල්‍යයෙන් හා නිර්භීතකමින් මෝදි අභිභවා සිටියි.

මොහොමද් මුයිසු මාක්ස්වාදියෙකු නොවේ. ඔහු චීනයට හිතවත් දේශපාලනඥයෙකු වූයේ ඉන්දියාවේ වරදිනි. ඉන්දියානු දේපොළ ආරක්ෂා කිරීමට මාල දිවයිනේ පය ගසා සිටින ඉන්දීය සෙබළුන් රටින් පිට කිරීමට මුයිසු තීරණය කළේය. ඒ දේශපේ‍්‍රමී හැඟීමෙනි. එවිට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර, කලාපයේ බලවතා වශයෙන් කටයුතු කරමින්, ‘දුසේරා’ න්‍යායෙන් (රාවණා පිළිස්සීම) මුයිසුට පිළිතුරු දුන්නේය. ඒ මාල දිවයිනේ ආර්ථිකය බිඳ හෙලීමට සැරසීමෙනි. මෝදිගේ සැලැස්ම වූයේ මාල දිවයින් ආර්ථිකය පවත්වාගෙන යන සංචාරක කර්මාන්තය විනාශ කිරීමයි.

මෝදි ඉන්දීය සංචාරකයින් මාල දිවයිනට යෑම වැළැක්වීමට උපාය ගණනාවක් භාවිත කළේය. ලක්ෂ දූපත්, සංචාරක දිවයිනක් කිරීම එකකි. ඒ සඳහා තරමක කාලයක් ගත වන බව වටහාගත් ඉන්දීය බලධාරියෝ, ගමනාන්තය වශයෙන් ලංකාව තෝරා ගන්නැයි ඉන්දියානු සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කළහ. ‘අන්දමන් දූපත් ඉන්දියාවේ හොංකොං පුරය කිරීම’ ඉන්දියාවේ තවත් සැලැස්මකි. පසුගිය මාසයේ ඉන්දියාව හා මුරුසි දිවයින් අතර ගිවිසුම් ගණනාවක් ඇති වී තිබේ. මුරුසිය, හින්දු ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් වෙසෙන රටකි.

මුයිසු, මාල දිවයින කඩාවැටෙතැයි කී ප‍්‍රතිවාදීන් ගොලූ කරමින් චීනය සමග ආරක්ෂක ගිවිසුමකට එළඹුණේය. පසුගිය බදාදා චීන හමුදාපතිවරයා සමග මෙම ගිවිසුම අත්සන් කිරීම ඓතිහාසික සිද්ධියකි. මින් මතු, මාල දිවයින් ආරක්ෂා කිරීමේ වගකීම හා බලය යම් පමණකට චීනයට පැවරේ.

ජවිපෙ සමූල ඝාතනය කිරීමත් සමග ඊට සම්බන්ධව සිටි අති බහුතරයක් බෞද්ධයන් අබෞද්ධයන් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක විය. එනිසා, ජාජබ, චීනයට පක්ෂ දේශපාලන පක්ෂයක් කිරීම හෝ බෞද්ධ ජාතික බලවේගයක් කිරීම අති දුෂ්කර ක‍්‍රියාවකි. ඊට වඩා ඉස්ලාම් ලෝකයට පක්ෂ සංවිධානයක් බවට පත් කිරීමේ හැකියාව වැඩිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link