පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ

Last Updated on 3 months by admin

පාස්කු ප්‍රහාරයට කාදිනල්තුමා කෙලින්ම සම්බන්ධ නැහැ.

නමුත් වක්‍ර මාර්ගයෙන් සම්බන්ධ වූවා යැයි කියන චෝදනාව බැහැර කිරීමට ඔහුට හැකියාවක් නැහැ.

පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා සමාජ මාධ්‍ය ජාලාවට මවිසින් වරින් වර ලියන ලද ලිපි කිහිපයකදීම කාදිනල්තුමාට විවෘතව අභියෝග කළා හැකිනම් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න කියා.

1. ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ආගමික ස්ථාන කිහිපයකට පහර දීමට සූදානමින් සිටින බව එවකට සිටි ඉන්දියානු මහ කොමසාරිස් ප්‍රහාරයෙන් පසු තමාට පැවසූ බව කාදිනල්තුමා කියූ කතාව බොරු.

2. කාදිනල්තුමා සහ ඉන්දියානු මහ කොමසාරිස් අතර ඇතිවුණු දුරකතන සංවාද හා/හෝ දින හා වේලාව ටෙලිකොම් ආයතනයේ දත්ත අතර තිබෙන බව සියලු දෙනාම දැන සිටියත්, කිසිම පරීක්ෂණයකදී ඒ පිළිබඳව සොයා බැලුවේ නෑ. සොයා බැලුවේ නම්, එහි පැහැදිළිවම සටහන් වෙනවා මහ කොමසාරිස් විසින් කර ඇත්තේ පූර්ව අනතුරු හැඟවීමක් බව.

3. මෙම ප්‍රහාරයන් එල්ල වන්නේ කතෝලික දේවස්ථානවලට නොව බෞද්ධ සිද්ධස්ථානවලට යයි කාදිනල් පූර්ව නිගමනයකට එළැඹ සිටියේ නම්, මේ ප්‍රහාරය පිළිබඳ තමන්ට ලැබුණු තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීමෙන් එම ප්‍රහාරය වැළකෙන බව කාදිනල්ට සිතුනා නොවිය හැකිද?

4. මෙම ප්‍රහාරය ගැන කාදිනල්තුමා නොදැන සිටියා යැයි අපි මොහොතකට සිතමු. එහෙත් උග්‍ර කතෝලිකයින් වන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත්, වරක් ආර්යාවක් වී සිටි ජනාධිපතිවරයෙකුගේ භාර්යාවක්ද දැන සිටි බව දූෂමාන ආරංචි නොවේ.

ප්‍රහාරයට මොහොතකට කලින් කොච්චිකඩේ පල්ලියට වාහනයකින් පැමිණි පිරිසක් එම ප්‍රභූ කාන්තාව එතැනින් ඉවත් කරගෙන යෑම වීඩියෝ ගත කර ඇති බව එය දුටු අයෙක් මා හට පැවසුවා. හරින් සහ මෙම ප්‍රභූ කාන්තාව කාදිනල්ගේ පරිස්සම සඳහා මෙය ඔහුට නොකියා සිටීවිද?

5. මේ දෙදෙනාගෙන් හෝ වෙන කාගෙන් හෝ කාදිනල්තුමා මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දිනයේ දැන සිටිය බවට ප්‍රබලම සාක්ෂිය වන්නේ කාදිනල්තුමා ඇතුළු කිසිම බිෂොප්වරයෙක් පාදිලිතුමෙක් හෝ අඩු වශයෙන් බ්‍රදර් කෙනෙක් හෝ දේව මෙහෙයවල් පැවැත්වීමට පල්ලිවලට නොයාමයි. නොගියේ ඇයිද යන ප්‍රශ්නයට කාදිනල් අද දක්වාත් පිළිතුරු සපයා නැත.

6. ඊට පිළිගත හැකි පිළිතුරක් ලබාදී නිදොස්වීමට කාදිනල්ට හැකියාව තිබුණත්, කාදිනල්තුමා ළඟ ඊට පිළිතුරක් නැති නිසා නිහඬව සිටිනවා හැර ඔහුට කරන්නට හෝ කියන්නට දෙයක් නැත.

මේ තත්ත්වයන් යටතේ අපට කීමට ඇත්තේ “පුහුල් හොරා කරෙන් දැනේ ” කියා පමණයි.

සොරු කිසිදාක සොරුන් අල්ලන්නේ නෑ. එහෙත් ජනතාව රැවටීම සඳහා හොරු නොවන පිරිස් පසුපස හඹා යාවි.

මේ වනතුරුත් අල්ලා නොගත් මහ මොළකරුවා හෙට දිනයේදී අල්ලන්නෙත් නැත.

අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ නායකයින් මැතිවරණ සූදානමක් ලෙස ජවිපෙ ආණ්ඩුවක් බලයට පත් වූ විට මහමොළකාරයා අල්ලන බව වහසි බස් දොඩමින් කෙහෙළි නංවනවා. පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරවාගෙන මැරුණු ත්‍රස්තයින්ගේ පියාවන ඊබ්‍රහිම් එහෙව් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. පුතුන් දෙදෙනකු බෝම්බ ප්හාරයට මුල්වූ සිද්ධියක තාත්තා ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නේ නම් බාහිර පුද්ගලයින් දන්නේ කොහොමද කියන එකෙත් පොඩි සැකයක් නැතිවාම නෙවෙයි. එහෙම නැත්තං තාත්තා තමයි හැංගිමුත්තං සෙල්ලම දන්නේ කියලත් කෙනෙකුට සැක හිතන්න පුළුවන්.

අනුර කුමාර පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ප්‍රසිද්ධ රැස්වීම්වලදීත් දූෂණ හා වංචා පිළිබඳ රහස් වාර්තා ස්තෝත්‍ර ගායනයක් මෙන් කර්ණ රසායන අන්දමින් අදටත් පවසමින් සිටිනවා. ඒවා එසේ මෙසේ රහස් නොවේ.

ඒවා අනුර කුමාරට ලබාදෙන්නටත් කොළඹ රදගුරු සම්මේලනය මුල් වුනා යැයි කිවහොත් එයද පුදුම විය යුත්තක්  නොවේ.

එවැනි රහස් දැනගැනීමට පල්ලිය ප්‍රමුඛ ජවිපෙ හා ජාජබයට හැකි වී නම් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ තොරතුරුත් මෙකියන පිරිස නොදැන සිටීමට හේතුවක් නෑ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link