බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම

Last Updated on 5 months by admin

පාටලීපුත‍්‍ර නගරයේ පැවති තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු ලංකාවට වැඩම කළ මිහිඳු හිමියෝ, ලංකාවේ බුදු සසුන පිහිටුවූහ. මේ පිළිබඳ සියලූ විස්තර මහාවංශයේ සඳහනි. ශාසන ඉතිහාසය සොයන්නෙකුට ලංකාවට වඩා ප‍්‍රබල බෞද්ධ රටවල් දඹදිව පැවත ඇති බව වැටහේ. ධර්මාශෝක රජු විසූ මගධ රට උදාහරණකි. ‘මාගධී’ වඳ වී ගිය මගධයන්ගේ ජාතික භාෂාවයි. අශෝක රජුගේ ධර්ම ලිපි වැඩි සංඛ්‍යාවක් ලියවී ඇත්තේ මාගධී අකුරුවලිනි.

අශෝක රජුගේ ධර්ම දූතයෝ රට රටවලට ගියහ. ඒ ගැන තොරතුරු අඩංගු මූලාශ‍්‍රය කිහිපයකි. ග‍්‍රීක ලේඛන එක උදාහරණයකි. මගධයේ විසූ ග‍්‍රීක තානාපතිවරයෙකු වූ ‘මෙගස්තින්ස්’ පාටලීපුත‍්‍ර නුවර විසූවෙකි. මාගධී බසින් පාටලීපුත්ත යන්නෙහි අරුත ‘බෞද්ධ නගරය’ යනුයි. ඒ අනුව ‘අශෝක ධර්ම ලිපි‘වල සඳහන් ‘කේරළපුත්ත’ හා ‘සත්‍යපුත්ත’ දකුණු ඉන්දියාවේ පැවති බෞද්ධ රටවල් දෙකකි. මෙයින් කේරළපුත්ත රාජධානිය ලංකාව සම`ග පැවැත්වූ සබඳතා පැහැදිලි කිරීමට අපි මෑතකදී පළ කළ ‘බෞද්ධ සංස්කෘතික කොල්ලය’ පොතෙන් උත්සාහ කළෙමු.

https://sooriyabooks.lk/books/baudda-sanskruthika-kollaya-collet-senanayaka-narada-karunathilaka/

වර්තමානයේ, කේරළය ඉන්දියාවේ ප‍්‍රධාන කතෝලික ප‍්‍රාන්තයයි. එහි හින්දු සහ ඉස්ලාම් ආගම් පවතී. බටහිර යුරෝපීය වෙළෙඳ සමාගම් එන තෙක් එහි බෞද්ධයෝ විසූහ. කලක් රාජ්‍ය ආගම වී පැවති බුදුසසුන දැන් වඳ වී ගොසිනි. ඒ කාලයේ කේරළ බෞද්ධයන් පන්සල හඳුන්වා ඇත්තේ ‘පල්ලිය’ යනුවෙනි. ‘පල්ලි’ නම අගට යෙදෙන ගම් නගර සිය ගණනක් අදත් කේරළයේ තිබේ.

දකුණු ඇමරිකාවේ බිහි වූ ‘ගළවාගැනීමේ ක‍්‍රිස්තියානි මතවාදය’ (ලිබරේෂන් තියොලොජි) ලංකාවට ආවේ ද කේරළයෙනි. මෙම මතවාදයේ ආනයනිකයින්, ‘ලිබරේෂන්’ යන්නෙහි සැබෑ අර්ථය වෙනස් කර බුදුදහමට සම්බන්ධ ‘විමුක්ති’ යන වචනට ඊට සපයා ඇත. මෙය කෘෂි රසායනික ආනයනිකයින් රසායනික විස, ‘තෙල්’ ලෙසින් හඳුන්වා දීම හා සමාන ක‍්‍රියාවකි. ලිබරේෂන්, විමුක්තිය යනුවෙන් පරිවර්තනය වූයේ ඇයි දැයි බොහෝ බෞද්ධයෝ නොසිතති.

ෂන්ගේ (නාගලිංගම් ෂන්මුගදාසන්) කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල කැඞී බිහි වූ ‘ලංකා ලයින්’ පසුව ‘ජනතා විමුක්ති පෙරමුණ’ බවට පත් වූයේය. කතෝලිකයෙකු වූ විජය කුමාරතුංග තම පුතාට විමුක්ති නම දුන්නේය. ‘වුමන් ලිබරේෂන්’ (කාන්තා ‘විමුක්ති’) සංවිධාන බිහි වීම ඊටත් පසු සිදු වූ ක‍්‍රියාවකි.

ඉන්දියාවට ගිය ජාජබ නායක අනුර දිසානායක ඇතුළු කණ්ඩායම සංචාරය නිම කරන්නේ කේරළයෙනි. කේරළය හා සමාන කොමියුනිස්ට් රටක් සැදීමට ජාත්‍යන්තර ක‍්‍රිස්තියානි බලවේගය වෙහෙසෙන බව මේ ගමනට කලකට පෙර ප‍්‍රකාශිත ‘බෞද්ධ සංස්කෘතිත කොල්ලය’ පොතේ සඳහනි. කොමියුනිස්ට් රටක් බිහි කිරීම සඳහා මහාවංශයට හා ථෙරවාදී බුදුසසුනට පහර දිය යුතුමයි. මේ ජාත්‍යන්තර ක‍්‍රිස්තියානි බලවේගය බළලූන් ලවා කොස් ඇට බාවන ආකාරයයි.

ත‍්‍රිපිටකයේ සරල සිංහල පරිවර්තන පොත් ලියූ පියසේන රණවීර මෙසේ සඳහන් කරයි: ‘‘මාද පස්වරක් ඉන්දියාවේ ගොස් ඇතත් අශෝකයන් කළ එකද වෙහෙර විහාරයක් වත් ඉන්දියාව තුළ ඇති බවක් නොදුටිමි.’’ (දීඝනිකාය සූත‍්‍රසාරය, පෙරවදන)

මේ කියවන්නා මුළා කරන තර්කයකි. අශෝක රජු තැනූ වෙහෙර විහාර දැකීමට ඉන්දියාවට එක් වරක් වත් යා යුතු නැත. අන්තර් ජාලයට පිවිසෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link