බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද

Last Updated on 6 months by admin

දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදැන වීරයින් වෙන්න දඟලන මිනිසුන් හඳුනාගත හැකි ප්‍රබල නිර්ණායකයක් නම් “ජන වර්ගය” කට ජාතික අනන්‍යතාවය දෙන හා ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව “සිවිල් යුද්ධයක්” යයි කියන පල්ලියෙන් වැටුප් ලබන NGO නඩවල මුග්ධයින් නිතර කියන කතාවයි. මේවා අපට වාචාල කතා උනාට, උන්ට ජීවිකා වෘත්තියක්. NGO නඩවලට එකතු වී ආත්මය විකුණන්න අකමැති අය ප්‍රතිපත්තිගරුකව මහ පාරේ හිඟමන් යදිනවා. කථිකයා උජාරුවෙන් මෙන් කියනවා “30 අවුරුදු සිවිල් ගැටුමට එකම විසඳුම යුද්ධය” යන මතය ශ්‍රී ලාංකික බහුතරයේ ජන විඥානයේ මුල් බැසගෙන තිබුණා කියා.

ලාවා විදාරණය වන්නේ සක්‍රීය ගිනි කඳුවලින් පමණයි. ඒ ලෙසින්ම මෝඩකම තුළින් මෙලෝ රහක් නැති තකතීරු අදහස්ද විදාරණය වෙනවා. මොවුන් මේ තක්කඩි වැඩේ කරන්නේ ලංකාවේ සිටින්නේ “බත් කන හරක්” කියා සිතාගෙනයි.

කෙල මෝළෙන් ඇනලා කිව්වත් සමහරුන්ට නොතේරෙන්නෙ එක වාක්‍යයක් දශක කිහිපයක් තිස්සේ අමනයින් අතර පමණක් සංසරණය වෙනවා. එනම් “සිවිල් ගැටුමට යුද්ධමය විසඳුමක් දීම වැරදියි” කියන මිත්‍යාව. මේවා වතිකානුව ප්‍රමුඛ World Vision මගින් බෙදා හරින මිථ්‍යා ප්‍රබන්ධ.

ඊනියා සිවිල් යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවා වශයෙන් නම් කරන සිංහල බෞද්ධයා කිසිම අවස්ථාවක මෙම ම්ලේච්ඡ යුද්ධයේ කොටස්කරුවකු වූයේ නැත. වතිකානුව විසින් ලොවටම ප්‍රචාරය කරමින් තිබුණු “උතුරේ ක්‍රිස්තියානි දමිළ සුළු ජන කොටසට” විරුද්ධව අවි දරා සටනට එළැඹී ඇත්තේ “සිංහල ආණ්ඩුවේ බෞද්ධ හමුදාව” යයි කියන අධම ප්‍රචාරය ලෝක ජනමතයක් බවට පත්වෙමින් තිබුණු යුගයක් ද පසුකර ඒමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

මෙම ලේඛකයා තර්ක කරන අන්දමට “සිවිල් ගැටුමට” විසඳුම යුද්ධය නොවේනම්, 2005 වසරේ සිට 2009 දක්වා වතිකානුවේ පුහුණුව ලබමින් සිටි වර්තමාන කාදිනල් ත්‍රස්ත විරෝධී යුද්ධය අවසන් අදියරේදී ආයුධමය ජයග්‍රහණයක් සඳහා ම්ලේච්ඡ මස් වැද්දෙකු වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ආශිර්වාද කරන්න ඉතාලියේ නගරයක කතෝලික පල්ලියක දේව මෙහෙයක් පැවැත්වූයේ ඇයි? එම දේව මෙහෙයට සහභාගිවීම සඳහා වතිකානුවෙන් නොමිලේ ගුවන් බලපත්‍ර හා හෝටල් පහසුකම්ද සහිතව එවකට මන්නාරමේ බිෂොප් කොටි ත්‍රස්ත රායප්පු ජෝසප්, යාපනයේ බිෂොප් මහේන්ද්‍රන්, දෙමළ ඩයස්පෝරාවේ නායක එමෑනුවෙල් පියතුමා වැනි කොටි හිතවාදී පූජකයින්ට ආරාධනා කළේ ඇයි? ඔවුන් ලවා ආශිර්වාද කළේ යුද්ධයට තිරිසන් බවක් ලබාදීමට නොවේද?

මෙම දේව මෙහෙය පැවැත්වූ පල්ලියේ පාවඩයක් සේ සිංහල ධජය පයට පෑගෙන සේ බිම අතුරා තිබීම ඒ වන විට කාදිනල් වී නොසිටි බිෂොප් මැල්කම් රංජිත් නොදැන සිටියාද? ඔහුගේ අනුදැනීමකින් තොරව මෙම දේව මෙහෙය පැවැත්වීමට හැකියාවක් තිබුණේද?

අපගේ මතයට අනුව නම් මෙය පල්ලියෙන් යැපෙන NGO කාරයින් විසින් වේදිකාගත කරනු ලැබූ තවත් එක නිරුවත් රංගනයක් පමණි.

ලෝක ඉතිහාසයේ කිසි දිනක කිසි තැනක බෞද්ධයින් තවත් රටක් ආක්‍රමණය කර නැත. එසේ නොවුණේ එවැනි අවශ්‍යතාවක් නොතිබුණු නිසයි. “අවි ගත්තෝ අවියෙන් නසිති” යන බෞද්ධ ඉගැන්වීමට යම් තරමින් හෝ ගරුත්වයක් දැක්වීමට වතිකානුව පුරුදු වී සිටියේ නම්, ජර්මනියෙහි හිට්ලර් කෙනෙකු බිහි වන්නේ නැත. දෙවන ලෝක යුද්ධය නිසා මිලියන 40 ක මිනිසුන්ට ජීවිත අහිමි වන්නේද නැත.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතර සිවිල් ගැටුමක් තිබුණේ නැත. දෙවන ලෝක යුද්ධයට මුල් වූ යුරෝපය පුරා පැතිරුණු යුදෙව් විරෝධී රැල්ලේදී වතිකානුව ඇඩොල්ෆ් හිට්ලර් හා බෙනිටෝ මුසොලිනි වැනි ලෝකයේ පහළ වූ ම්ලේච්ඡතම අළුගෝසුවන්ට යුධමය වශයෙන් ආශිර්වාදය ලබා දුන්නේ ඇයි? කතෝලික Croatia වලදී Serbian වරුන් 2,17,000ක ජනතාවක් සමූල ඝාතනය කරන්නට ඒ වන විට එහි පාලනය බාරව නාසි හමුදාවට දේව ආශිර්වාදය ලබා දුන්නේ කවුද?

වතිකානුවේ ලණු කෑ මුසෝලිනීට හා හිට්ලර්ට අඩු වශයෙන් දිව්‍යලෝකයට යෑම සඳහා කතෝලික පල්ලියක සොහොන් බිමක මිහිදන් වීමේ වාසනාව වත් ලැබුණේ නැහැ.

මේක දෛවයේ සරදමකට එහා ගිය පාඩමක්. ලෝකයේ ඕනෑම තැනක ඉතිහාසය පුනරුච්චාරණය වෙද්දෙන්. එහෙත් අප ජීවත් වන තාක් කල් අපේ මාතෘ භූමිය තුළ ඒ දේ සිදු නොවන්නට අප වග බලා ගත යුතුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link