කුණුගොඩ වසා බදාම දමා අනුන්ට උපදෙස් දෙන ඉරානය, කාදිනල්තුමා සහ මාලිමාව

Last Updated on 1 day by admin

‘ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා’ යන්න ඉන්දියාවේ බමුණන්ගේ ආප්තෝපදේශයකි. බුදුසසුන විනාශ කිරීමෙන් පසු එයින් කොල්ලකාගෙන ඉදිරිපත් කරන ලද්දකි. අනුන්ගෙන් කොල්ලකා උපදෙස් දීම වර්තමාන ලෝකයේ සිරිතක් වී තිබේ.

ලංකාව උදාහරණයකට ගනිතොත් ලංකාවේ කතෝලික දේවස්ථානය කෙලින් වී ඇත්තේ බෞද්ධයන්ගේ හැම උරුමයක්ම පාගාගෙනයි. එය රෙපරමාදු ප්‍රතිසංස්කරණයෙන් පසු සිදු වූවකි. ඉන් පසු පාප්තුමා වෙනස් විය. ඔළුවෙන් සිටි කතෝලික සභාව දෙපයින් සිට ගත්තේය. දැන් ඔවුහු මානව හිමිකම් සුරැකීම, ජාතීන් අතර සමානතාව, වැනි අලුත් සටන් පාඨ භාවිතා කරති. කාදිනල් මැල්කම් රංජිත් බිෂොප්තුමා වර්තමානයේ කියන කතා, එදා පෘතුගීසි යුගයේ ක්‍රිස්තියානි බිෂොප්වරුන් කළ කී දේ සමග සසඳා බැලීම මෙය වටහා ගැනීමට හොඳම ක්‍රමයයි.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අලි කුමේනි පසුගිය දිනක ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවට චෝදනාවක් එල්ල කළේය. ඉන්දියාවේ ඇත්තේ රටේ සුළු ජාතීන්ට, සුළු ආගමිකයන්ට පීඩා කරන ආණ්ඩුවක් බව ඔහුගේ අදහසයි. ඒ පහර කෑ ඉන්දියාව දකුණු කම්මුල ඇල්ලුවේ නැත. හැරෙන තැපෑලෙන් කනේ පාරක් දුන්නාය. ලෝකයටම ඇහෙන්නට, තම ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නැයි ඉරානයට කීවේය.

මාලිමාව, ඉරානය සේ හැසිරෙන දේශපාලන සංවිධානයකි. අන් අයගේ අදහස්, මතවාද නොඉවසීම ජවිපෙ ප්‍රතිපත්තිය විය. ඔවුහු ප්‍රතිවාදීන්ට පහර දුන්හ. ප්‍රතිවාදීන් මරා දැැමූහ. දැන් මාලිමාව තරම් මානව හිතවාදී පක්ෂයක් ලංකාවේ නැත.

මානව හිමිකම් ගැන කියමින් මාලිමාව නමින් අලුත් නමක් ගත් නමුත් විරුද්ධ මත දරන්නන් නොඉවසීමේ ජවිපෙ ප්‍රතිපත්තිය වෙනස් වී නැත. බුදු සසුනට ගහන ගැහිල්ල නිදසුනකි. මේ ඇත්ත වටහා ගැනීමට බැරිව, මාලිමා නායකයින්ට පිරිත් නූල් බඳින භික්ෂුන් වහන්සේ සිටිති. ලාල් කාන්තට පිරිත් නූලක් බැන්ද ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරවෝ නිවාස කොල්ලයකට වැරදිකරු වූහ.

ඉරානය මානව හිමිකම් ගැන කියන නමුදු අඩුම තරමින් ඉරාන කාන්තාවකට තමන් කැමති ඇඳුමක් අදින්නට නොහැකිය. හිජාබය නැතුව පාරකට බහින්නට නොපුළුවන.

ඉරානය මානව හිමිකම් ආරක්ෂා කළ රටක් මෙන් මානව හිමිකම් ගැන ප්‍රකාශ නිකුත් කරයි. කාදිනල් මැල්කම් රංජිත් බිෂොප්වරයා ඉතිහාසයේ වැරදි නොකළ සංවිධානයක් මෙන් සහජීවනය ගැන දොඩවයි. මාලිමාවත් ඒ ක්‍රමයටම හැසිරේ.

කුණු ගොඩ යටකර බදාම දමා අනෙක් අයට උපදෙස් දීම මේ හැම තැනකින්ම සිදු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link