රට ණය උගුලක හිර වෙන්න ලොකුම වැඩ කොටසක් කළේ ජවිපෙයි

Last Updated on 22 hours by admin

සෑම් සෙනෙවිරත්න

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ රටේ ණය විශාල ලෙස ඉහළ ගිය බව ඇත්තකි. මහබැංකු වාර්තාවලට අනුව ඒ කාලය තුල වාර්ෂික රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීමේ වේගය 13%කි. ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ කාලයේ හැරුණු විට අනෙක් සෑම පාලන කාලයකදීම වාගේ රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගවත්ය.

නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුව ඇත්තේ මහින්දගේ කාලයේදීය. ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නිසා, මහින්දගේ කාලය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු විය. මහින්ද රට භාරගන්නා විට එම ප්‍රතිශතය 100 ඉක්මවා තිබුණි.

එම නිසා මහින්ද ගත් ණය නිසා රට කඩාවැටුණ බව කීමේ පදනමක් නැත. 

නිදහස ලැබූ මුල් කාලයේ සිටම රට ණය ගත් නමුත් එය උග්‍ර වූයේ 1977 ජේආර්ගේ පාලන සමයේය. ඔහු රට භාරගන්නා විට ද.දේ.නි. ලෙස 58.5ක් වූ එය ඔහුගේ පාලනය අවසන් වන විට 100 ඉක්මවා තිබුණි. ජේආර් යුගයේ ණය වර්ධන වේගය 24% පමණ විය.

එම අගය 100 ඉක්මවා යන තැනට වැඩ සිද්ධ කළේ ජවි පෙරමුණයි. ඒ 87-89 භීෂණය හේතුවෙනි. එම කාලය තුළ ආර්ථිකය අඩාල වීම නිසා 1989 වන විට රටේ ණය ප්‍රමාණය රටේ සමස්ත නිෂ්පාදනයට වඩා 8.7% කින් පමණ වැඩි විය.

අවු. 76ක් රට පාලනය කළ අයට මාලිමාව කරන චෝදනාවේ අඩුවක් තිබේ. ඊට ජවිපෙ රටට කළ දැවැන්ත හානිය එකතු කළ යුතුව තිබේ. 87-89 කළ හානියට අමතරව වැඩවර්ජන මගින් ඔවුන් කළ හානියද මෙයට එකතු කළ යුතුය.

මහින්ද ගත් ණය යුද්ධය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරාය ආදියද ඇතුළත්ය. (ඒවායින් කොමිස් ගැහුවා විය හැකිය). 

ජේආර් ගත් ණයවලින් මහවැලිය ආදි වැඩ කෙරුණි.(ගාමිණි එම කොමිස්වලින් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත් බව එකල කියවුණි).

මුල් යුගයේ ගත් ණයවලින් ඩී.එස්. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹුවේය. 

ජවිපෙ රටට කළේ මොනවාද? විනාශයම පමණි.

මේ රට විනාශ කිරීමේ වැඩිම වැඩ කොටසක් කර ඇත්තේ ජවිපෙ බව ඔබට දැන් තේරෙනවා ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link