Last Updated on 3 days by admin
මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD
Pic. credit: genome.gov
වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි.
සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ කුමන්ත්රණයයි. ජාන විනාශ කිරීම වැනි සටන් උපක්‍රම ගැන අපේ රටවල ජනතාවට ඇති දැනුම අල්පය.
බැලූ බැල්මට එම ප්‍රකාශය භාවාත්මක බවක් පෙන්නුම් කළද එය ජීව විද්‍යාත්මක හා පරිනාමික ක්‍රියාවලියක් හා සබැඳුණු සංසිද්ධියක්.
කිසියම් ජන කොට්ඨාසයක් ජීවත් වන භූගෝලීය ප්‍රදේශය එම ජනතාවට අවශ්‍ය කරන ආහාර භෝග නිපදවීමට අවශ්‍ය භූමිය සකස් කර දෙන අතර පැළෑටි මත පදනම් වුනු වෛද්‍ය ක්‍රමයක් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉතිහාසය පුරාම භාවිතා කර තිබෙනවා.
ඒවා ප්‍රධාන සංස්කෘතියේම වෙන් කළ නොහැකි කොටස්.
එම භූමියට පිටස්තරව පැමිණෙන කොටස් මහා සංස්කෘතිය කඩා බිඳ දමමින් සුළු ජන කොටස්වල සංස්කෘතිය සමස්ත භූමිය තුළ ස්ථාපිත කරන්න කරන උත්සාහය දේශපාලන අරගලයක් බවට පත් කළ විට එය කෙළවර වන්නේ ගැටුම්වලින්.
දියුණු බලවත් රටවල් පවා උත්සාහ කරනවා තමන්ගේ සංස්කෘතියත් (ආගම්ද ඇතුළුව) භූමියත් ආරක්ෂා කර ගැනීමට.
අවාසනාවකට වාගේ එම බලවත් රටවල්ම අපේ රටවල්වලට බලපෑම් කරනවා කුඩා සංස්කෘතීන් හා මහා සංස්කෘතීන් අතර වෙනසක් නොතිබිය යුතු බව ජනතාවට ඒත්තු ගන්වන්නට.
ඒක සදාචාර විරෝධී දෙබිඩි ප්‍රතිපත්තියක්. නමුත් බලයට කෑදර ස්වදේශිකයින් බාහිර බලවේගයන්ට අවනත වෙමින්, ඔවුන් පනවන කොන්දේසි පිළිගනිමින් තමන්ගේ රටත්, ජාතියත්, දහමත් රට්ටුන්ට පාවා දෙනවා.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය විසඳා ගත හැක්කේ සවිඥානික බුද්ධිමය ප්රයත්නයක් හරහා පමණයි.