Last Updated on 4 days by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි.
ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි.
මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම දැනුමක් හෝ අත්දැකීම් සම්භාරයක් නොළබා තිබීම ඊට හේතුවයි.
රාජ්‍ය පාලනය යනු කුඩා කාලයේ ළමුන් ක්‍රීඩාවක් ලෙස යොදාගත් “චක්ගුඩු” පැනීමක් වැනි දෙයක් නොවේ.
චාම්බව ඉතාමත් හොඳයි. නමුත් අනුර කුමාර දරුවා දුම්රියේ දුම් වැටි විකුණූ කාලයේ තිබුණු චාම් බව රාජ්‍ය පාලනයේදී නිතර නිතර ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහොත් බුහුමන් නොව ගෞරවය අහිමි කර ගැනීම නිසා යස රජ්ජුරුවන්ගෙන් කපටි අන්දමින් රාජ්‍ය බලය අත් පත් කරගත් සුභ දොරටුපාලයාගේ තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකියි.
හෙළ ඉතිහාසය ඇරඹුණු දා සිට මේ දක්වා සෑම රජ කෙනෙක්ම පාහේ රාජාභිෂේකයේදී බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කළා. සුබ නැකතකින් පිරිත් සජ්ඣායනා මැද ඔටුන්න හිස මත තබනු ලැබුවා.
ඒ හැම දෙයක්ම අපගේ සභ්‍යත්වය හා සංස්කෘතිය සංකේතවත් කළා, පොහොසත් කළා.
රාජාණ්ඩුවක් නැති යුගයකදී ඔටුණු පැළඳීම් අවශ්‍ය නැති වුවත්, එය සංකේතවත් කරමින් අතීත සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට ප්‍රාණය ලබා දෙන්න මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට ගත හැකිව තිබුණා.
ප්රජාතන්ත්රවාදී ජනරජ ආණ්ඩුවකදී අගමැති හෝ ජනාධිපති සාමාන්‍ය පුරවැසියන්ගෙන් කෙනෙක් වන අතර, ඔවුන් සංකේතවත් කරන්නේ ජනතාවගේ අභිලාෂයන්. ඒ බඩගෝස්තරය සඳහා වුණු අභිලාෂයන් නොව රට ජාතිය දහම ආරක්ෂාවන අන්දමේ ජනතාව හා පාලකයන් අතර ඇතිවන සම්මුතියක් විය යුතුයි.
එම සම්මුතිය බිඳ දැමීමෙන් සාම්ප්‍රදාය විනාශ කර තැනීමට බලාපොරොත්තු වන “නව” සමාජය සාම්ප්‍රදායික ඇගයීම්වලින් තොර වේ නම් වැසියනට අභිමානයක් ඇතිවිය හැකි රාජ්‍යයක් ඒ තුළින් බිහිවන්නේ නැත.
විහිළු කර සිනා සීමට කැමති යස (ලාලක තිස්ස) රජු අවස්ථාවාදී දොරටුපාලයාගේ රැවටිලිකාර රඟපෑම නිසා හිස ගසා දැමීමට ලක්වුණා.
මාක්ස්වාදියෙක් වී සිටි සයිමන් නවගත්තේගම අතීත කතා වස්තුව නාට්‍ය අනුසාරයෙන් වර්තමානයට ගෙන අවුත් සමාජයට දීමට උත්සාහ කළ පණිවිඩය වූයේ සාමාන්‍ය ජනතාව ප්‍රභූ පන්තියේ බලය බිඳ දමා පාලන බලය තම අතට ගත යුතු බවයි.
නමුත් ලංකා දේශපාලන සන්දර්භය තුළ සුබලා සිහසුනෙහි හිඳුවා සාමාන්‍ය ජනයා ලබා ගත් ජයග්‍රහණයක් නැත.
අත්දැකීමෙන් අඩු හීනමානයෙන් පෙළෙන මනස් ඇති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් මිස අඩුවීමක් මේ “පුනරුදය” තුළ සිදු නොවූ බව නම් ඉතාමත් පැහැදිලියි. ඔවුන් හීනමානයෙන් පෙළේ නම් එයින් මිදෙන ආකාරයත්, ඔවුන්ට අත්දැකීම් විරල නම්, අත්දැකීම් ලබා ගන්නා ක්රමවේදත් පාලන තන්ත්රය තුළින්ම බිහි විය යුතුයි.
ලෝකයේ සෑම රටක්ම පාහේ සංඛ්‍යාත්මක වශයෙන් ප්‍රධාන ජන වර්ගයේ නමින් රට හඳුන්වන අතර, බහුතරයේ ආගම හෝ දහම රාජ්‍යය විසින් ආරක්ෂා කළ යුතු බව සඳහන් වන ප්රඥප්ති ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම සුලභ දෙයක් මෙන්ම සාධාරණීකරණය කරනු ලබන සංසිද්ධියක් වී තිබුණා. රජතුමාගේ හිස ගසා දමා පාලන බලය තම අතට ගත් දොරටුපාලයා බලය රැක ගැනීම සඳහා වෙහෙසුනා මිස බුදු දහමින් පෝෂිත ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යාමක් ගැන සිතුවේ නැහැ. මිනී මරා රජවූ කෙනෙකුගෙන් ජනතාවට වැව් හෝ දාගැබ් සංස්කෘතියක් බලාපොරොත්තු විය නොහැකියි.
වාර්ගිකයන්ට ජාතික අනන්‍යතාවයක් ලබා දී, ප්‍රධාන ජන වර්ගය වූ සිංහල ජාතියේ බලය බිඳ දැමීමට රටෙන් පිටස්තර ජාතීන් හා වෙනත් ආගමික කණ්ඩායම් කුමන්ත්‍රණ කරන්නේ නම්, බහුතර සිංහලයින්ගේ පරමාධිපත්‍යයෙන් බලය ලබාගෙන මෙවන් විනාශයක් රටට උදා කිරීමට පිඹුරුපත් සකස් කරන්නේ නම්, එවන් අකෘතඥ පිරිසක් බලයට පත් කළ ආකාරයෙන්ම නෙරපා දැමිය යුතුයි.
උතුරට හෝ නැගෙනහිරට බලය බෙදා නොදුනහොත් නැවතත් තිස් අවුරුදු යුද්ධයක් ඒවි යයි ජනතාව බියගන්වා, අනාරක්ෂිතභාවයට පත්කර දිගටම බලයේ රැඳී සිටීමට කිසිම කණ්ඩායමකට සදාචාරාත්මක අයිතියක් නැහැ.
හෙළ ශිෂ්ඨාචාරය තුළ ඉතිහාසය ලිවිය යුත්තේ ලේ වලින් හා කඳුලින් නොව දහඩිය (ශ්‍රමය) හා සාමුහිකත්වය(එකමුතුව) තුළින්. ඊට විවිධ ජාතින්ගේ නමින් නිර්මිත ලේබල් අවශ්‍ය නැහැ.
ජාතිය ඒක ඡත්‍ර විය යුතුයි. දේශය හා චින්තනය නිවහල් විය යුතුයි.