Last Updated on 15 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Pic. credit: buddhaweekly.com
දේශපාලනය කෙරෙහි උද්යෝගී රටවැසියන් අතරේ ’පාර්ලිමේන්තුව හොර ගුහාවක් ’ යන අදහස පතුරුවා හැරීම සියුම් දේ දකින ඇසකට පෙනෙන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. රටට අලුත් පාලකයින් පිරිසක් පත් කළ යුතුය යන අදහස ඡන්දදායකයන්ගේ මනසට ඇතුළු කිරීම එයින් සිදු විය. කාදිනල් මැල්කම් රංජිත් ප්‍රධාන කතෝලික නායකයින් ඒ මතයට තල්ලුව දුන්නේ, ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනු’ කියමිනි. හොරුන් එළවීමේ වෙනස’ ව්‍යාපෘතියට වුවමනා මුදල් දෙමළ ඩයස්පෝරාවෙන් ලැබුණි. දෙමළ ඩයස්පෝරාව රට මංකාල්ලකෑමට වෙහෙසෙන පල්හොරුන්ගෙන් සමන්විත සංවිධානයකි. ඔවුන් මහින්ද රාජපක්ෂ කෙරෙහි වෛර කරන්නේ රටේ නායකයා වශයෙන් යුද්ධය මෙහෙයවා කොටි ත්රස්තයන් පැරදවූ හේතුවෙනි.
කොටි හිතවාදියෙකු වූ වික්ටර් අයිවන් පසුගියදා මිය ගියේය. ‘ෂන් කල්ලිය’ කඩාගෙන හැදුන ජවිපෙට අයිවන් පැමිණි හැටි අපි දනිමු. කාලයක් පුංචි බොරැල්ලේ අප සිටි නිවෙසේ විසූ ඔහු, පූජකයෙකු වීමට සෙමනේරි අධ්‍යාපනයක් ලැබූවෙකි. හෙතෙම, කොළඹ සිට පක්ෂයේ රහස් වෘත්තීය සමිති සංවිධානය කරන්නට වූයේ ‘පොඩි අතුල’ නමිනි. විජේවීර ‘රෝහණ සහෝදරයා’ වූයේය. ‘අතුල’, මාර්ටින් වික්‍රමසිංහගේ ‘රෝහිණී’ නවකතාවේ චරිතයක් වූ නිදහස් සටන මෙහෙයවූ දුටුගැමුණු රජතුමාගේ රුහුණේ සටන් සගයෙකි. ඉක්මනින් විජේවීරගේ වීරයා බවට පත් වූ අතුල (අයිවන්), සහෝදරවරුන්ට ‘කිරිටින් බෝම්බ’ හැදීමට පුරුදු කරන්නට වූයේය. විජේවීර, බෝම්බයක් අතේ පත්තු වී තුවාල වූ ඔහු බැලීමට රෝහලට යෑම රහසිගත දේශපාලන සංවිධානයක නායකයෙකු නොකළ යුතු අන්තිම තකතීරු ක්‍රියාවකි. ආපසු පැමිණි විජේවීර, ‘මාව මරා දමා විප්ලවය රැකගන්න’ යැයි පොඩි අතුල කී බව කියමින් හඬා වැලපුණි. 1971 අප්‍රියෙල් කැරැල්ලට අයිවන් සහභාගි වූයේ නැත. ඔහු සහෝදරවරුන් පාවාදෙමින් රහස් පොලිස් නිලධාරින් විසි කරන සිගරැට් කොට උරමින් සිටියේය.
මනස හැම දේටම ප්‍රධාන වෙන බව බෞද්ධ ඉගැන්වීමයි. ජවිපෙ නායකයින් මෙය පිළිගත්තේම නැත. පෙරදිගට පැමිණි බටහිර යුරෝපීන් මනස පිළිබඳ බෞද්ධ චින්තනය කොල්ල කෑ බව බොහෝ බටහිර මනෝ වෛද්‍යවරු නොපිළිගනිති. ඔවුන්ගේ අදහස මනෝවිද්‍යාව බටහිර සොයාගැනීමක් බවයි.
‘අංගුලිමාල’, සිංහලයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එය පුද්ගලයාගේ මනස වෙනස් කිරීම පැහැදිලි කෙරෙන බෞද්ධ කතාවකි. අංගුලිමාල කතාවෙන් පැහැදිලි කෙරෙන පරිදි, කෙනෙකුගේ මනස වෙනස් කර, මව මරා ඇඟිලි කැපීමට වුවත් පෙළඹෙන තත්වයට පත් කළ හැකිය. බොහෝ විට, බටහිර අධ්‍යාපනයෙන් කෙරෙන්නේ මෙම භයානක ක්‍රියාවයි. බටහිරුන් යටත් විජිත රටවල පිහිටුවූ අධ්‍යාපනය විසින් උගතෙකු බවට පත් කරනු ලබන පුද්ගලයින් වැඩි දෙනෙකුගේ මනසේ අංගුලිමාලට සිදු වූ පරිදි විකෘති වීමක් සිදු වේ. එවිට ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තම සංස්කෘතික උරුමයට පහර ගැසීමට මගක් සොයති.
ලිබරල්වාදය වනාහි මධ්‍යතන යුගයේ බටහිර උපන්, පුද්ගල නිදහස ආරක්ෂා කිරීම හා දියුණු කිරීම දේශපාලනයේ මූලික අරමුණ බව පිළිගන්නා දර්ශනයකි. නව ලිබරල්වාදය, එහි ඉහළ අවස්ථාව හැටියට පිළිගැනේ. බටහිර රටකට පැමිණ ඉහළ අධ්‍යාපනයක් ලබන ඕනෑම පුද්ගලයෙකුගේ මනස වෙනස් කර එම පුද්ගලයා අධමයෙකු කිරීමට ඒ දර්ශනය උගන්වන මහාචාර්යවරුන්ට පුළුවන. ඔවුන්ගේ මතවාදය පිළිගන්නා විද්‍යාර්ථියා කරන්නේ පුද්ගල නිදහසට හානි වේ යයි සිතන ඕනෑම සිරිතක් සම්මුතියක් බිඳ දැමීමට ඉදිරිපත් වීමයි. මේ දර්ශනය ලිංගික නිදහස ගැන කියයි. එය පිළිගත් විට, මව, එක කුසේ උපන් සොහොයුරිය, තවත් ගැහැණියක් පමණි. ඔවුන්ට පුතා හෝ සොහොයුරා තවත් එක් පිරිමියෙකි.
නව ලිබරල්වාදියෝ ස්ත්‍රිය හා පුරුෂයා අතර බැඳීම පුද්ගලයාගේ නිදහස ඇහිරීමක් වශයෙන් පිළිගනිති. ස්ත්‍රී පුරුෂ බැම්ම කැඩීම නොහොත් ‘සමනල දර්ශනය’ ඉදිරිපත් කිරීම ඔවුන්ගේ ක්‍රියාවකි. ඊට ගොදුරුවූවෝ, තමන් රෝගී වූ බව නොදැන, ශල්‍යකර්ම මගින් හෝ මනසින් හෝ උපතින් ලැබුණු ලිංගික ස්වභාවය වෙනස් කර ගනිති. එවැනි පුද්ගලයින් විකෘති ලිංගිකයෝ වෙති.
පසුගිය දා, සෑම් සෙනවිරත්න බෝධි සභාවට සැපයූ ‘හරිනිගේ පීඑච්ඩී එකෙත් කොස්සක්’ මැයෙන් වූ ලිපිය ඇයගේ ආචාර්ය උපාධිය එංගලන්තයේ එඩින්බරෝ සහ ක්වීන් මාගරට් විශ්වවිද්‍යාලයන්හි ඒකාබද්ධ උපාධියක් බව සඳහන් කරයි. ඊට අනුව ජොනතන් ස්පෙන්සර් සහ ඇලිසන් ස්ට්රැන්ග්, ඇගේ උපදේශකවරුන් වශයෙන් කටයුතු කර ඇත. ජොනතන් ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයට පැමිණි ලාංකිකයන්ගේ මනස වෙනස් කළ ඇදුරෙකි. මාලිමා අගමැති හරිනි අමරසූරිය ‘උගත්කම’ ලබන්නේ ජොනතන් ස්පෙන්සර්ගේ උපදෙස් ලබමිනි.
අනුර කුමාර ප්‍රධාන ජවිපෙ නායකයන්ට, හරිනි සමග කටයුතු කිරීමට සිදු වී තිබේ. ලාල් කාන්ත, කාලයක සිටි කාම කතා fදාඩවන්නෙකි. ඒ නව ලිබරල්වාදී හෙණය වැදී සිදු වූ මානසික පෙරළියකි. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ගැන අපි නොකියමු. ඔහු දැන් කරන්නේ කළු, සුදු කිරීමයි.
තම රටවල් නව ලිබරල්වාදී චින්තනයට ගොදුරු වනවාට, බොහෝමයක් දේශපාලන නායකයින් කැමති නැත. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටින්, චීනයේ සී ජිංපිං, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි නිදසුන් කිහිපයකි. මේ නායකයින් මහජනයා ඉදිරියට එන්නේ අදීන නායකයින් බව ඔප්පු කරමිනි. නව ලිබරල්වාදය පැතුරුන හොත් ජනතාව අවරපදං වී රටවල් විනාශ වන බව ඔවුහු දනිති.
‘අවරපදං’ යනු ගොවි සමාජයේ වහරකි. අවරපදං වූ කුඹුරක ගොයම් ගස් හැදේ. වී කරල් වෙනුවට නෙරි පීදේ.