වෛරයම බෙදන ගොං බඳින කනු

Last Updated on 4 hours by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

Pic.credit: itslife.in

පොංගල්, දෙමළ රටේ (තමිල්නාඩුව) උපන් උත්සවයක් යයි සිතන්ට කරුණු ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාව, එම උත්සවය නිමිත්තෙන් ප්‍රියදර්ශනී නමැති නිවේදිකාව යොදාගෙන විසුරුවා හැරි පණිවිඩය මගින් කෙරෙන්නේ උත්සවය ඉදිරියට දමා ඊළාම් බෙදුම්වාදී චින්තනය බෙදාහැරිමයි.

නිවේදිකාවගේ පසුබිමෙන් පෙනුන ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක සහ කඳුකරය එක්කර සැදූ සිතියම පැරණි කොටි බෙදුම්වාදීන්ගේ සිතියමේ අලුත් සංස්කරණයකි. සිය නිජභුමිය අහිමිව රටක් නැතිව සිටින දෙමළ ජනයා නිදහස ලබාගැනීමට තෛපොංගල් දිනයේ අධිෂ්ඨාන කරයුතු බව ප්‍රකාශනයෙන් කියවුණි.

ආශිර්වාද පණිවිඩ නිකුත් කිරීම මිස ඇතැම් ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමිකයන්ට පොංගල් දිනයේදී වත් ගවයාට සහ එළදෙනට දයාවක් දැක්විය නොහැකිය. දිගු කලක් ලංකාවේ විසූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්, ‘සිංහලයින් ගව මස් කෑම පිළිකුල් කරන බව’ සඳහන් කරයි. ගෙරිමස් පිළිකුල් කළ ඒ සිංහලයන් විශාල පිරිසක් හරක් මස් රාජ භෝජනයක් හැටියට සලකන්නේ කවර කාලයක සිටද යන්න පැහැදිලි කරගැනීම අපහසු නැත. ජනගහණය සැලකිල්ලට ගත් විට ලංකාවේ දෙමළ බෞද්ධයන්ගෙන් සියයට අනූනවයක් වඳකර හමාරය. වර්තමානයේ සිදුවන්නේ සිංහල බෞද්ධයින් වඳකිරීමයි.

උතුරු සහ නැගෙනහිර මුහුදු වෙරළේ අනවසර ඉදිකිරීම් අප්‍රමාණ සංඛ්‍යාවක් ඇති බව රහසක් නොවේ. මේවා අතර බෞද්ධ නොවන ආගමික ගොඩනැගිලි ගණනාවකි. පොංගල් ඇරඹෙන්නේ ත්‍රීකුණාමලයේ බෞද්ධ සිද්ධස්ථානයක් බේරාගැනීමට ඉදිරිපත් වූ භික්ෂුන් වහන්සේ සිව් නමක සිරගෙට යැවීම සමඟය. බෞද්ධයා වේදනාවට පත්කරන එම සිදුවීමට දිසානායක රෙජීමය වගකිව යුතුය.

ඒ අතර සිය පොංගල් කතාවේදී දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව උසිගැන්වීමට ජනාධිපති සහෝදරයා මහන්සි ගත්තේය. “පෝයට සිල් ගන්න ශ්‍රීමහා බෝධිය පසුකරගෙන යාපනයට එන්නේ වෛරය නිසයි හාමුදුරුවනේ” යැයි කීමේ අරමුණ එයයි. කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොදෙන්නෙමැයි කයිවාරු ගැසුවේද ඒ කටින්මය. සිංහලයන් උතුරට යන්නේ දෙමළ ජාතිවාදීන් මාලිමා ආණ්ඩුවේ ආධාර ඇතිව කොල්ලකක්නට මහන්සි ගන්නා සිය උරුමය රැකගන්නට බව අනුරට නොපෙනෙන්නේ දෙමළ ජාතිවාදීන් ඔහුගේ ‘ඇස් බැඳ’ ඇති බැවිනි.

බහුජාතික, බහුආගමික රට ආර්. ප්‍රේමදාසගේ සංකල්පයකි. මැද කොළඹ සිංහල නොවන ඡන්ද ලබාගැනීම සඳහා ඔහුට වුවමනා විය. වර්තමානයේ සිදුවන්නේ ඒ ක්‍රියාවේ දිගුවකි. හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් කරන්නෙ මහන්සි ගන්නේ ළමයාගෙන් බෞද්ධ සාරධර්ම ඉවත්කිරීමට බව වටහා ගැනීමට ලොකු දැනුමක් වුවමනා නැත. නමුත් හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයන්නැයි පාරට බැස මොර දෙන්නට තරම් ඇතැම් රටවැසියන් ගොබ්බ කිරීමට දේශපාලනඥයෝ සමත්වී සිටිති.

ජර්මන් දාර්ශනිකයෙකු වූ පෙඩ්රික් නිඑට්ෂේ (Friedrich Nietzsche)ගේ පියා ක්‍රිස්තියානි පූජකවරයෙකි. නිඑට්ෂේ උගත්තේ පුජකයෙකු වීමේ අරමුණෙනි. නමුත් පූජකයින් කෙරේ කලකිරුන ඔහු ’දෙවියෝ මිය ගිහිල්ලා ’ යැයි කීවේය.

දේශපාලනඥයන් කෙරේ කලකිරුණු පිරිසක් වර්තමාන ලංකාවේ සිටිති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වෙනසක් බලාපොරොත්තුවෙන් මාලිමාව බලයට පත්කිරීමට ඡන්දය පාවිච්චි කර ඇත. ඔවුන්ට අවධාරණය කළ යුතු වැදගත් දෙයක් තිබේ.

ගවයන් සහ දෙනුන් නහවා පිරිසුදු කර කහදියර ඉස උන්ගේ අං පාටකර මල්මාලා සහ ගෙජ්ජි පැළඳවීම දෙමළ රටේ පොංගල් උත්සව සිරිතකි. ලංකාවේ සිංහල බෞද්ධ දේශපාලනඥයින් නළල් පාටකර මාල පැලඳගෙන පොංගල් උත්සවවලට කැඳවාගෙන යන හැටි පසුගිය පොංගල් උත්සවයේ දක්නට ලැබුණ විශේෂ සිදුවීමකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top