Last Updated on 22 hours by admin
අපි ලෙනින් කියවමු – 5
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

මාක්ස්වාදී විග්‍රහය පරිදි, ‘නිර්ධනයින් බිහිවීම මිනිස් ඉතිහාසයේ ප්‍රධාන අවස්ථාවකි’. ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නැති වීම මාක්ස් පවසන කම්කරුන්වන්ගේ ලක්ෂණයයි. ‘නිර්ධනයිනි එක්වව්. දම්වැල් හැර නුඹලාට නැති වන්නට දෙයක් නැත’ යැයි ඔහු සඳහන් කරයි. සිංහලයන්ගේ කම්කරුවන්ට රට, ජාතිය, ආගම, සිරිත් විරිත්, උරුමයන්, දරුපවුල්, ආත්මගරුත්වය ආදි වශයෙන් රැකගැනීමට බොහෝ දේවල් තිබුණි. වනාන්තරයේ බවුන් වැඩූ භික්ෂූන්ට, හැර ග්‍රාමවාසී භික්ෂූන්ට පවා නැති වන්නට දේ තිබුණි.
රෝම අධිරාජ්‍යයේ වැටීමත් සමඟ, පාප්තුමා යුරෝපයේ මහබලවතා වූයේය. එතුමාට රටවල් අල්ලා දීමට වෙහෙසුන විශාල පිරිසක් සිටිති. ‘රටවල් සොයාගැනීම’ ඔවුන් ගෙතූ ප්‍රබන්ධයකි. අතීතයේ දකුණු ඇමරිකාව චීනය සමඟ සබඳතා පැවැත්වූ බවට බොහෝ සාක්කි පවතී. කොලොම්බස්ලාගේ චරිත, ප්‍රබන්ධ කතාකරුවන්ගේ නිර්මාණ මිස සැබෑ චරිත නොවේ. එංගලන්තය යටත් විජිතවලින් කොල්ල කෑ වස්තුව ආයෝජනය කර කර්මාන්තශාලා ගොඩනැගූ රටකි. එම නිසා එහි කම්කරුවන් බහුල නගර ඇති විය. මාක්ස් මේ කාලයේ ලංඩනයේ විසූ නිර්ධනයෙකි. එංගල්ස්, මාක්ස්ගේ පවුල නඩත්තු කළේය.
වරාය සහ ඒ අවට වූ බ්‍රිතාන්‍යයන්ගේ වෙළෙඳ සැල් කිහිපයක සේවකයන් සිටි නමුදු, කොළඹ, කිසි කලෙක ලංඩනයේ බඳු කම්කරුවන් සිටි නගරයක් නොවීය. එංගලන්තය හා ඇමරිකාව වැනි රටවලට ගොස් ඉගෙනුම ලැබූ පිලිප්, ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි ආදී ස්වදේශික පොහොසතුන්ගේ දරුවන් කිහිප දෙනෙක් කොළඹ මුල් කර ‘සමසමාජ’ නමින් කම්කරු සංවිධානයක් ගොඩනැංවීම මීට වඩා සැලකිල්ල යොමු කළ යුතු කැරණයකි. 1817-18 කැරැල්ලෙන් පසුව බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය වූයේ සිංහලයන්ගේ ජාතිකත්වය නැති කිරීමයි. සමසමාජ නායක ආචාර්ය ඇන්.ඇම්., ‘රුවන්වැලි සෑයේ ගල්වලින් දුප්පතුන් කොපමණ සංඛ්‍යාවකට ගෙවල් හදා දිය හැකිදැ’යි ප්‍රශ්න කර තිබේ. ඒ ඇයි?
බුදුදහම මනුෂ්‍යයාගේ පුද්ගලිකත්වය සහ මනස පිළිගන්නා විඥානවාදී දර්ශනයක් බව ‘නිව්යෝක් තියෝසොෆිකල් සොසයිටිය’ යුරෝපීන්ට ඒත්තු ගැන්වූයේය. පරමවිඥානය එයට දුන් තේරුමයි. ඕල්කොට් ලංකාවේ පරමවිඥානාර්ථ සමාජයත් ඇරඹීම, බෞද්ධයන්ට ආදරයෙන් කළ වැඩක් නොවේ. මාක්ස්වාදය, විඥානය හා පුද්ගලභාවය නොපිළිගත් භෞතිකවාදී දර්ශනයකි. ඊට ඉංග්‍රීසියෙන් භාවිත කරන ’මැටීරියලිසම්’ යන පදය තේරුම් කරන මහාචාර්ය ගුණපාල මලලසේකර ශබ්දකෝෂය, ‘ඉන්ද්‍රිය විෂය වූ දේ හැර වෙන කිසිත් නැතැයි’ සඳහන් කරයි. පැරැන්නන් භාවිත කළ උච්ඡේදවාදය යන වචනයත් එහි අඩංගුය. බුදුන් ජීවමාන කාලයට පෙරත්, දඹදිව උච්ඡේදවාදිහු සිටියහ. මනස ශරීරයේ අතුරු නිෂ්පාදනයක් යැයි ඔවුහු කීහ.
මිනිස් සිරුරේ කොටස් අත, පය, හිස, මොළය ආදි වශයෙන් වෙන්කර පෙන්වීමට පුළුවන. එහෙත් මනස යනුවෙන් කිසිවක් පෙන්විය නොහැකි බව මාක්ස්වාදීන්ගේ තර්කයකි. ඔවුන් මනසේ ඇති වන ආදරය, ප්‍රේමය, ස්නේහය වැනි හැම දෙයක්ම දුටුවේ ප්‍රයෝග වශයෙනි. රුසියාවේ කොමියුනිස්ට් පාලනය විසින් පිහිටු වන ලද සාමූහික ගොවිපල ක්‍රමය ප්‍රචලිත කරමින් කාන්තාව ගොවිපලේ පොදු භාණ්ඩයක් කිරීමට ස්ටාලින්ට වුවමනා විය.
ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරයේ නායකයින් ප්‍රසිද්ධව ඇත්තේ පවුල් ජීවිතය ගැන සැලකිල්ලක් නොදැක්වූ පිරිසක් වශයෙනි. ගාල්ලේ අක්මීමන පැවති ජවිපෙ සාකච්ඡාවට පැමිණි සහෝදරයෙක්, අසල නිවෙසේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම රෝහණ විජේවීර ප්‍රධාන එහි පැමිණි පිරිස කෝප කළ සිද්ධියකි.
ලෙනින් හා ස්ටාලින් සිය ප්‍රතිපාක්ෂිකයන් යැයි සැක කළ සියලු දෙනා මරාදැමීමට හේතුව මනුෂ්‍යයා ද්‍රව්‍යයක් වශයෙන් සැලකීමයි. 1917 විප්ලවයෙන් රුසියාවේ රාජ්‍ය බලය ඇල්ලූ කොමියුනිස්ට් පක්ෂය සතු වූයේ ඉතා කුඩා මධ්‍යම කාරක සභාවකි. (සෙන්ට්‍රල් කොමිටි) රාජ්‍ය නායකයා මෙන්ම අගමැතිවරයාද, පත්වූයේ එම සභාවෙනි. ලෙනින් ගිලන් වී මිය යන විට වයස අවුරුදු 53 කි. අනතරුව, කුඩා කාලයේ දේවස්ථානයක හැදුන වැඩුන ස්ටාලින් ඒ තනතුරට පත් විය.
ඇඩලෝෆ් හිට්ලර් භක්තිමත් කතෝලිකයෙකි. ඔහු මෑත යුගයේ ලෝකයේ බිහිවූ බිහිසුණුම ඝාතකයා යැයි සමහරු කියති. එහෙත් හිට්ලර් නාසි අදහස් දරන්නන් ඝාතනය කරවා නැත. ස්ටාලින්, රුසියානු විප්ලවයට සහභාගි වූවන් පවා ඝාතනය කරවූයේය. වරක් රුසියානු ලේඛක චිංගිස් අයිත්මාතව් ජර්මනියට පැමිණ සිටියේය. බර්ලින් ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයට (කොන්ග්‍රස්හල) පැමිණ සිටි ඔහු සමඟ කළ සුහද සංවාදයකදී ජර්මන් මාධ්‍යවේදිනියක් මේ ගැන විමසුවාය. ‘ස්ටාලින්ගේ දේහය ලෙනින්ගේ සොහොන අසලින් ඉවත් කරන්නට කෘෂෙව් අදහස් කළේ මක්නිසා දැයි ඔබ දන්නවා’ ඔහු කීවේය.
ලෙනින්ගේ දේහය තැන් පත් කර ඇති චතුචරශ්‍රයේ ඊට සමීපව තම දේහය තැන්පත් කළ යුතු යැයි ස්ටාලින් මිය යන්නට පෙර සැලසුම් කළේය. ඔහු මියගිය 1953 වසරේ ක්‍රියාව එසේම සිදු විය. ඊට වසර අටකට පසුව 1961 දී කෘෂෙව්, ස්ටාලින්ගේ සොහොන හාරවා සිරුර එතැනින් ඉවත් කර ක්‍රෙම්ලින් තාප්පය අසල ස්ථානයක වළ දැමීමට කටයුතු කළේය.
බොහෝ සිංහලයන් අයිත්මාතව් දන්නේ නවකතාකරුවකු වශයෙනි. ඔහු කෘෂෙව්ගේ කාලයේ බිහි වූ විචාරකයෙකි. ලංකාවේ අතීතයේ පැවති ආණ්ඩුවල මෙන්ම, මාලිමා ආණ්ඩුවේත් ප්‍රධාන දුර්වලකම ඇට්ටඹින්ට හා සට්ටඹින්ට මිස විචාරකයින්ට දක්වන අකමැත්තයි. අන්දරේගේ මුවෙන් ’මට පේනා ලෙසට මහ රජ ඉබ්බාය’ යනුවෙන් කියවීමත් සිංහලයන්ගේ විචාරයකි.
