Last Updated on 3 hours by admin
අපි ලෙනින් කියවමු – 6
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

(ඡායාරූපය: වසර එකසිය තිස් තුනකට පෙර මියගිය කාල් මාක්ස්, අපේ ලෝකය තේරුම් ගැනීමට, කොතරම් ප්‍රයෝජනවත්ද? ‘The New Yorker’ හි පළ වූ, රොබර්ටෝ ඩි වික් ඩි කම්ප්ටිච්ගේ Roberto De Vicq De Cumptich චිත්‍රයකි.)
හෑම මනුෂ්‍යයෙකුටම මනසක් (විඤ්ඤාණයක්) ඇත. මැවුම්වාදය අනුව සිතූ කාල් මාක්ස් මනස ශරීරයේම අතුරු නිෂ්පාදනයක් සේ දුටුවේය. ඔහුගේ පංතිවාදය පිළිගත් රුසියානුවන් පිරිසක් ලෙනින්ගේ නායකත්වයෙන් 1917 දී රුසියාවේ රාජ්‍ය බලය පැහැරගත්හ. මෙය පංති සටනක් වශයෙන් ලෝකය පුරා ගෙන යාමට සිතූ ලෙනින් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ඇරඹුවේය. මෙය ට්‍රොට්ස්කිගේ අදහසකි. රුසියානු විප්ලවය නිලධාරිවාදයක් බව කී ට්‍රොට්ස්කි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් කැඳවූයේය. ලංකාවේ ඇතැම් වමේ පක්ෂ සිය ධජයට 4 ඉලක්කම ඇතුළත් කරන්නේ එය සිහි කිරීමටය.
ලංකාවේ කොමියුනිස්ට් රාජ්‍යයක් ගොඩනැඟීම වෙනුවෙන් වෙහෙසුන දේශපාලන සංවිධාන කිහිපයකි. ඇල්ටීටීඊය ලංකාව බෙදා ස්වාධීන දෙමළ රටක් හැදීමට ඉදිරිපත් වූ ජාතිවාදී සංවිධානයකි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි තමිල්නාඩු දේශපාලන සංවිධාන කිහිපයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ඉන්දියා ආණ්ඩුවෙන් කැඩුණු වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි.
මාක්ස් හෝ ඒංග්ල්ස් හෝ දේශපාලන සංවිධානයක සාමාජිකයන් නොවේ. යටත් විජිත රැස් කිරීමේදී එංගලන්තය භාවිත කරන ප්‍රයෝග ඔවුන් වටහා ගත්තේ බුද්ධියෙනි. රටක වැසියන්ගේ චින්තන ශක්තිය වෙනස් කිරීමේ උපායක් වශයෙන් යටත් විජීතවාදීන් අබිං භාවිත කරන අයුරු ඔවුන්ට පෙනුණි.
අබිං ආසියාවේ සහ මධ්‍යධරණී කලාපයේ රටවල් ගණනාවක වෛද්‍යවරුන් භාවිත කළ ඖෂධයකි. අදටත් ආයුර්වේද වෛද්‍යවරුන්ට අබිං ඖෂධයකි.
අබිංවලට මනුෂ්‍යයාගේ සිත හා කය පාලනය කිරීමට හැකි යැයි බ්‍රිතාන්‍ය රසායනික විද්‍යාඥයෝ සොයා ගත්හ. මාක්ස්, අධික ලෙස දුම්පානය කළ අයෙකි. බ්‍රිතාන්‍යයින් දුම්පානය දැනගත්තේ දකුණු ඇමරිකානුවන්ගෙනි. මායා හා ඇස්ටෙක් වෛද්‍යවරු අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ දුම්කොළ පැළෑටිය ඖෂධයක් වශයෙන් ප්‍රයෝජනයට ගත්හ. ඇමරිකාව යටත් කරගත් බ්‍රිතාන්‍යයෝ දුම්කොළ වෙළෙඳ භාණ්ඩයක් කළහ.
ලංකාවේ පැරණි පාසැල් පොත්වල සර් වෝල්ටර් රැලේගේ කතාවක් අන්තර්ගත විය. එයින් කියැවෙන්නේ දුම්පානය එංගලන්තයට හඳුන්වා දුන් රැලේ දිනක් දුම්වැටියක් දල්වාගෙන පුටුවක වාඩිවී සිටින විට සේවකයෙකු ‘ගින්නක් නැතිව දුමක් නොනගී’ ඉගැන්වීම සිහිකර ඔහුගේ හිසට වතුර බාල්දියක් වත් කළ බවයි. මාක්ස්ට අඹු දරුවන්ගේ ආහාරයට වඩා දුම්වැටිය වැදගත් විය. මේ බව මාක්ස්ගේ බිරිඳ ඒංග්ලස්ට පවසා තිබේ.
පෙරදිගට පැමිණි බ්‍රිතාන්‍යයෝ අබිං වාණිජ භාණ්ඩයක් කරගත්හ. ඔවුන් චීනුන් සමඟ කළ යුද්ධයක් හැඳින්වෙන්නේ ‘අබිං යුද්ධය’ නමිනි. මාක්ස්ගේ සමාජයේ විසූ කම්කරුවන් ප්‍රීතියක් ලැබුවේ අබිං කෑමෙනි. එහි නගරවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන නොතිබුණි. කම්කරු ස්ත්‍රීන් රක්ෂාවට ගියේ කුඩා දරුවන්ට අබිං දියර පොවා නිදි ගැන්වීමෙනි.
‘සියලුම ආගම් සමානය’ යැයි ප්‍රචාරය කිරීම මිනිසුන්ට අබිං කැවීමට වඩා අතිශයින් භයානක ක්‍රියාවකි. එයින් කෙරෙන්නේ පුද්ගලයාගේ සිහිය වෙනස් කිරීමයි. ක්‍රිස්තියානි ආගමට අනුව යේසුස් වහන්සේ මනුෂ්‍යයාගේ ගැලවුම්කාරයා වන්නේය. උන්වහන්සේ කුරුසයේ ඇණ ගැසුම් කෑවේ මනුෂ්‍යයින් වෙනුවෙනි. බෞද්ධ හෝ හින්දු හෝ දර්ශනයන්ට අනුව එවැන්නක් සිදු විය නොහැකිය. ඔවුන්ගේ දැක්ම පරිදි, යේසුස් වහන්සේ දඬුවම් ලැබීම පූර්ව අකුසලයකට ලැබුණු විපාකයකි. අකුසල් කරන්නන්ට මේ ජීවිතයේ දී නැතිනම් වෙනත් භවයක දී හෝ විපාක ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි.
මැල්කම් රංජිත් කාදිනල්වරයා සහ සිරිල් ගාමිණී පියතුමා කොටින් සමඟ එකට සිටගෙන සිටි බවට අප්‍රමාණ සාක්කි තිබේ. මේ නිසා බොහෝ සිංහලයන් එතුමන්ලාව දන්නේ කොටි හිතවාදීන් වශයෙනි. එතුමන්ලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවීමේ මුවාවෙන් උත්සාහ දරන්නේ කොටින් පරාජය කළ ආරක්ෂක හමුදා නායකයින්ට දඬුවම් කිරීමට බව ඔවුන්ගේ අදහසයි. පාස්කු ප්‍රහාරයට සත් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවති උත්සවයේදී මැල්කම් රංජිත් බිෂොප්වරයා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කීවේය.
කතෝලික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශය කාදිනල්තුමාගේ වුවමනාව පැහැදිලි කරන ගැටපදයකි. එතුමා කොටින් පැරදවූ ආරක්ෂක හමුදා නිලධාරීන් බිල්ලට ඉල්ලයි. ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයින් වුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඔවුන් රණවිරුවන් වශයෙන් හඳුන්වා නිදහස් නොකළ යුතු බව කාදිනල්තුමා කියයි. වහෙන් ඔරෝ බසින් එතුමා මේ කියන්නේ පාස්කු ප්‍රහාරයට ආරක්ෂක හමුදාව සම්බන්ධ බවයි.
දිනාගන්නට ලෝකයක් ඇති කම්කරුවන්ට දම්වැල් මිස කිසිම ධනයක් නැති බව මාක්ස් කීවේය. ඔවුන් ඊට අපොහොසත් වන්නට හේතුව අබිංවලට සමාන ආගම යැයි ඔහු කීවේය. දිළින්දන්ට දේශනා පවත්වන පූජකවරු දිළිඳුකම භාග්‍යවන්තකමක් යැයි උගන්වති. ස්වර්ග රාජ්‍යය දිළින්දන් වෙනුවෙන් වෙන්ව ඇතැයි කියමින්, ඔටුවෙකු ඉදිකටු සිදුරෙන් රිංගුවත් ධනපතියෙකුට ස්වර්ගයට යෑමට නොහැකි බව පවසති. දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම්, ඔවුන් පංති අරගල කරන්නේ කුමකටද? සිරිල් ගාමිණී පියතුමන්ලා පාස්කු ප්‍රහාරය ගැන කියන දේ පිළිගන්නා අය කුඩ්ඩන්ගේ තත්වයට පත් වෙති.
