මාටිගෙ පිළිරුව හැදුවට කියුබාවෙන් ඩොලර් ගඟක්?

Last Updated on 2 weeks by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

Pic. credit: newswire

බෙදුම්වාදී හැඟීම් ඇති මිනිසුන් නැත්තේ මොන රටේද? ඊළම නම් බෙදුම්වාදී සිතුවිල්ලක් දෙමළ ලාංකිකයින් පිරිසකගේ සිතට ආවේ කොහොමද?

දුර්වල සිතක් තුළට ඕනෑම කුණු අදහසක් රිංගවන්න පුළුවනි. බුදුදහමේ සිත පිරිසුදු කරගැනීම පෙන්වන්නේ ආර්ය ක්‍රියාවලියක් ලෙසටයි. සිතේ කුණු පුරවා ගැනීම අනාර්ය ක්‍රියාවයි. දකුණු ඉන්දියාවට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරි දේවගැතිවරු ආර්ය අනාර්ය සංකල්ප වෙනස් විදිහකට තේරුම් කළා.

‘ඉන්දියාවෙ දකුණෙ ඉන්නෙ අනාර්යයින්. උතුරේ ඉන්නෙ ඔවුන්ව එහෙන් එලවපු ආර්යයින්. ඒ උතුරේ ආර්යයින්ම තමයි ද්‍රවිඩයන්ව පාලනය කරන්න දෙමළ ජනයා විසූ ලංකාවට සිංහල කියන ආර්යයින් පිරිස ගෙනත් දැම්මෙ’ වැනි කතා කියමින් ඔවුන් දේශනා පැවැත්තුවා. පීඩනයට පත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් රාජ්‍යයක් පිහිටුවමු කියන කතාව මුලින්ම පැතුරුණේ දකුණු ඉන්දියාවෙ.

එල්ටීටීඊ නමැති දේශපාලන සංවිධානය ප්‍රකාශ කළ ඊළම දෙමළ අධිරාජ්‍යයේ බීජයයි. එය පැලවන්නේ ජාතිවාදී කෝලාහලයක් ඇතිකර දෙමළ ජාතිකයින් විශාල පිරිසක් විදේශ රටවලට යෑමෙන්. ඔවුන් වැඩි දෙනෙක් ඒ රටවල පදිංචි වුණේ ක්‍රිස්තියානි දේවස්ථාන හා සංවිධානවල උපකාරයෙන්. බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව කියන්නේ ඔවුන්ගෙන් බිහිවුන දේශපාලන සංවිධානයක්. කෙසේ හෝ ඊළම පිහිටුවීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා.

මාලිමාව කොළඹ ජාතික පුස්තකාල බිමේ හෝසේ මාටිගේ ප්‍රතිමාවක් පිහිටෙව්වේ කාගේ වුවමනාවටද?

හෝසේ මාටි (1853-1895) කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවතුන කාලයේ හාවානාහි උපන්නෙක්. මවුපියන් ස්පාඤ්ඤ ජාතිකයන්. ස්පාඤ්ඤයන්ගෙන් නිදහස්වීමට දකුණු ඇමරිකාවේ රටවල් උත්සාහ දැරූ මේ කාලයේ කියුබාවේ නිදහස්කාමීන් පිරිසකට සම්බන්ධවීමේ වරදට 16 හැවිරිදි හොසේ මාටි දඬුවම් ලැබුවා. දෙවසරක් හිරේ සිටි ඔහුට ස්පාඤ්ඤයේ පදිංචි දෙමව්පියන් වෙත යන්නට රජයෙන් අවසර ලැබුණා. ස්පාඤ්ඤයේ කලක් සිටි හොසේ මාටි ඇමරිකාවට ගියා. ඔහු එහි පදිංචි වී ඉගෙනුම ලබා ආචාර්ය උපාධියකුත් ලැබුවා.

මේ කාලයේ ඇමරිකාව තුළ වහල් වෙළඳාමට විරුද්ධ චින්තන ව්‍යාපාරයක් පැතිරුණා. වහලුන් නිදහස් කළ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ඝාතනය කිරීම හොසේ මාටි සසල කළ සිද්ධියක්. ඔහු වහලුන් හා නිදහස වෙනුවෙන් ලිපි ලියුවා. දේශන පැවැත්වුවා. කියුබාව නිදහස් කර ගැනීමේ දේශපාලන සංවිධානයකට සම්බන්ධ වුණා. ඒ වෙනුවෙන් දිවි පිදුවා.

හොසේ මාටි ගෞරවය ලැබිය යුතු පුද්ගලයෙක්. ඔහු ෆිදෙල් කස්ත්‍රෝ වගේ ‘සමාජවාදය’ කරපින්නාගත් කෙනෙක් නෙවෙයි. ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ජාතිකවාදියෙක්. දකුණු ඇමරිකාවෙ ඔහු හැඳින්වෙන්නේ ‘අපොස්තල් හොසේ මාටි’ කියලයි. කියුබානු නිදහසේ බුද්ධිමය පියා වශයෙන් හැඳින්වෙන්නෙ ඔහුයි.

කස්ත්‍රෝ ඉපදුණේ මාටි මැරිලා අවුරුදු 30කට පස්සේ. නමුත් මාටිගේ නම තමන්ගේ විප්ලවීය ව්‍යාපාරය සඳහා පාවිච්චි කරන්නට කස්ත්‍රෝට හැකි වුණා.

මාලිමාවුන් කොළඹ හොසේ මාටිගේ පිළිරුවක් හැදීමති දේශපාලන ප්‍රයෝගයක්. මොවුන්ගේ උත්සාහය මාලිමා හිතවාදීන්ව අන්දවන්නයි. ටිල්වින් සිල්වා වගේ අය ඉස්සර කයිවාරු ගැහුවා ‘අපි කියුබාවෙන් ආධාර අරං රට දියුණු කරනවා’ කියා. අපට ආධාර කරනවා තියා කියුබාව දැන් හතේ හත වැදිලා ඉන්න රටක්. මිනිස්සු වැඩිහරියක් ඉන්නෙ හාමතේ.

මාටිගේ පිළිරුව හදපු සතුටට කියුබාව මේ වෙලාවෙ අමාරුවේ වැටිලා ඉන්න මාලිමාව ගොඩදායි කියලා කවුරු හරි මාලිමා පාක්ෂිකයෙක් හිතනවා නම් අන්ත මෝඩයෙක් තමයි. ඒ වගේම මේ කෙලින පිස්සු දිහා බැලුවාම, කියුබාව ටිකක් චූන් කරලා ඩොලර් මිලියන කීපයක ආධාරයක් ගන්න පුළුවන් වෙයි කියලා මාලිමාවෙ ලොක්කො හිතනවා නම් ඒකත් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

මාලිමාවට ඇමරිකාව ඇන්දවිය නොහැකියි. ඉන්දියාව අන්දවන්නත් නොහැකියි. මොවුන්ගේ මේ ක්‍රියාවෙන් කඩාවැටෙන කියුබාවට කිසිම ප්‍රයෝජනයකුත් නෑ. නමුත් මෙයින් ඩයස්පෝරාවට ප්‍රයෝජනයක් ඇතැයි එහි ක්‍රියාකාරිකයෙක් පැවසුවා.

‘ලංකාවෙ සිංහලයා කියන්නෙ දෙමළ මිනිස්සුන්ව වහල් තත්වයේ තියාගෙන හිටි අපරාධකාරයෙක් කියලයි අපි ලෝකෙට කියල තියෙන්නෙ. හොසේ මාටි වහල්ලුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු මිනිහෙක්. ඉතින් වමේ ආණ්ඩුව හෝසෙ මාටිගෙ පිළිරුවක් හැදීමෙන් අපේ කතාව තහවුරු වෙනව නේද?’ ඔහු පැහැදිලි කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top