දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ 

Last Updated on 1 day by admin

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ආකර්ෂණය සහ ප්‍රසාදය දිනෙන් දින කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය සැප්. 09 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.


වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි බිම් මට්ටමේ ජනතාව තුළ පවතින දැඩි උනන්දුව සහ ආදරය පිළිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් මන්ත්‍රීවරිය එහිදී මෙසේ ද පැවසුවාය.


“අද ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූර කිරිවලින් නාවන තරමට එතුමාට ආදරය කරනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එන අවස්ථාවලදී මම මගේ දෑසින්ම දැකපු දෙයක් තමයි, තේ වතු මැද්දෙන් කානු දිගේ පවා පහළට බැහැගෙන මිනිස්සු දුවගෙන ඇවිත් එතුමාගේ රැස්වීම්වලට එකතු වෙන ආකාරය. ජනාධිපතිතුමාගේ මුහුණ ටිකක් දැකබලා ගන්න, එතුමා කතා කරන දේ අහන්න ජනතාව තුළ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top