හින්දු – බෞද්ධ ඉන්දියාවක්?

Last Updated on 1 hour ago by admin

ඩේවිඩ් ඇන්තනි විසිනි

Pic. credit: Galery belajar mudah

2047 වසර වන විට ඉන්දියාව ලෝකයේ ඉහළින්ම සංවර්ධිත රටක් බවට පත්කිරීම, ‘වික්සිත් භාරත්’ සැලැස්මේ අරමුණයි. මෙය ඉන්දියාවට සීමාවූ සංවර්ධන ක්‍රියාවලියක් යැයි සිතන්නන් දැනුමැති සිංහලයන් අතර පවා නැතුවා නොවේ. ඊට හේතුව ‘භාරතය වික්සිත වන්නේ එහි පෙති ඉන්දියාව වටා පිහිටි සියලුම රටවලට දික්වීමෙනැ‘යි ඔවුන් නොසිතන බැවිනි.

ඉන්දියාවේ ජනහනයෙන් වැඩි ප්‍රමාණයක් හින්දුන් වීම එය හින්දු රටක් වශයෙන් පිළිගන්නට ප්‍රධාන හේතුවකි. නමුත් ඉන්දියාවේ හින්දුන් බලවත් වූයේ මෝදි බලයට පත්වූ පසුවයි. හින්දු ආගම හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට භාරතීය ජනතා පක්ෂය කැපවී කටයුතු කරයි.

ඉන්දියාවේ හින්දුන් දිගු කලක් ඉස්ලාම් පාලකයන් යටතේ නොයෙක් පීඩාවන්ට ලක්වූහ. වයඹ දෙසින් පැමිණි යුද සෙනෙවියන් ගෙනා මහමදාගම විසින් හින්දු දේවාල බිමදමා මස්ජිඩ් ඉදිකිරීම හා ජිස්යා ඇතුළු විවිධ බදු පනවමින් හින්දුන් ඉස්ලාම් කරවූ පිළිවෙළ වසං කිරීමට නොහැක. ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම පැතිරෙන්නේත් මීට තරමක් සමාන අයුරිනි. පෘතුගීසින්ගේ ‘ගෝව ඉන්කියුෂිසන්’ මේ බව තහවුරු කිරීමට හින්දු ඉතිහාසඥයින් ඉදිරිපත් කරන එක නිදසුනකි.

අතීතය සැලකිල්ලට ගනිද්දී වික්සිත් භාරත ව්‍යාපෘතියට ඉන්දියාව අවට ඇති ඉස්ලාම් රටවල් බිය විය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. එය හුඹස් බියකි. ෂියා ඉස්ලාමිකයන් බහුල ඉරානයට එල්ල වී ඇත්තේ දැඩි ක්‍රිස්තියානි බලපෑමකි. විශාල මස්ජිඩ ඉදි නොවුනද, රට පුරා ක්‍රිස්තියානි යාඥා ගෙවල් දහස් ගණනක් ගොඩනැගී තිබේ. එමනිසා අනාගතයේදී ක්‍රිස්තියානි ඉරානයක් බිහිවෙතැයි යන අදහසක් පැතිරෙමින් තිබේ. මීට වඩා ප්‍රබල ක්‍රිස්තියානි බලපෑමක් සුන්නින් බහුල අරාබියේ සිදුවේ. එහි සිදුවන්නේ අරාබි මුස්ලිම් සංස්කෘතිය සුනුවිසුණුවී යාමයි.

විදේශ රටවලින් අනියම් ක්‍රමයට එන සල්ලි ඉන්දියාවේ හින්දු ආගමට ඇති ලොකුම තර්ජනයයි. එය වැළැක්වීමේ ඉතා ප්‍රබල ක්‍රියාන්විතයක් ඉන්දියාවේ සිදුවේ. ගලා එන අනීතික මුදල් පාලනය වනවිට ක්‍රිස්තියානි කල්ලි ඉබේටම අකර්මණ්‍ය වේ. දිල්ලිය සෙලවූ කැරපොතු සංවිධානය දුර්වල වූයේ අනීතික ක්‍රමවලට ඔවුන්ට මුදල් ලැබුණු මාර්ග ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමෙනි.

ජම්බුද්වීපය නමින් සිංහලයන්ගේ පොත්වල සඳහන් භාරතය විකසිත වූ අවස්ථා ගණනාවකි. එය සම්පූර්ණයෙන් විකසිත වූ අවස්ථාව ධර්මාශෝක පාලන කාලයයි. දෙවැනි අවස්ථාව කනිෂ්ක පාලන සමයයි. කනිෂ්ක රජුගේ අගනුවර නූතන පකිස්ථානයේ ‘පුරුෂපුරය’ (පෙෂාවෝර්) වූයේය. මේ කරුණු සැලකිල්ලට ගත් විට භාරතය විකසිත විය යුත්තේ හින්දු බෞද්ධ දේශයක් ලෙසින්ය යන්න උගත් ඉන්දියානුවන්ගේ අදහසයි. එසේ නම් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල හින්දු දේශපාලනඥයින් කිහිප දෙනෙකු බෞද්ධයන්ට හිරිහැර කරන්නේ ඇයි? මෙය ‘වික්සිත් භාරත්’ සැලැස්ම කෙරෙහි සිංහලයන් බිඳවීමේ ක්‍රියාවක් විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top