Last Updated on 11 hours ago by admin
ඩේවිඩ් ඇන්තනි

Pic. credit: chuahoangphap.com.vn
මිනිස් ඉතිහාසය අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ දේශගුණය මනුෂ්‍යයා නපුරට හෙවත් ප්‍රචණඩත්වයට පත් කළ මූලික කාරණය වූ බවයි. මේ ගැන ගැඹුරින් පරික්ෂා කරන්නෙකුට ජෛනාගම, බුද්ධාගම වැනි ආගමක් හෝ චාර්වක ආජීවක වැනි දර්ශනයක් ශීත කලාපයක ඇතිවිය නොහැක යන අදහස ඇති වේ. සතුන් මැරීම, උන්ගේ මස් කෑම, වන විනාශය, සුරා පානය, අනුන්ගේ වස්තුව කොල්ලකෑම, කාම මිථ්‍යාචාරය ආදි සියල්ලකටම ප්‍රධාන හේතුවක් වූයේ ශීතල දේශගුණයයි. අරාබීන් පෙරදිග ආක්‍රමණය කරන්නට සහ යුරෝපීන් රටවල් සොයා යෑමට ප්‍රධාන කාරණාවක් වූයේද දේශගුණය විසින් ඔවුන් ප්රචණ්ඩ කිරීමයි.
අරාබි රටවල් පොහොසත් වූයේ පෙරදිග සහ අප්‍රිකාවේ රටවල් කොල්ලකෑමෙනි. ඛනිජ තෙල් පසුකාලීන සොයා ගැනීමකි. ඔවුන් ආාකරයටම ඉතා දරුණු ලෙස මෙම කොල්ලය බටහිර යුරෝපීයයන් විසින් සිදුකරන ලදි. රටවල් සොයා යෑම නමින් සිදුව ඇත්තේ මෙම කොල්ලකෑමයි. අපගේ භාෂාවලින් මොන තරම් සුන්දර වචන භාවිත කර ඉතිහාසය ලිව්වත් මහමදාගම හෝ ක්‍රිස්තියානි ආගම පිළිගෙන රටවල් කොල්ල කෑ ජාතීන් ලොව කොතනක දී වත් සමාකාමී විදිහට කටයුතු කර නැත.
අතක ඇඟිලි පහකි. කලාතුරකින් ඇඟිලි හයක් ඇත්තෙකු හමුවේ. පූජකයන්ගේ ස්වභාවයත් එයමය. කලාතුරකින් ප්‍රචණ්ඩත්වයෙන් තොර පූජකයෙකු දැකිය හැක. ඔහු ඉදිරිපත් කර සියලුම පූජකයින් අවිහිංසාවාදීන් යයි කියන්නට නොපුළුවන.
කොල්ලකෑම නිසා බටහිර යුරෝපා රටවල් පොහොසත් වුනි. ඔවුන් සදාචාර නීති හදන්නේ ධනවත් වූ පසුවය. ඒ නීති හදාගත්තේ ඔවුන්ගේ ආගම මුල්කරගනිමිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මානව හිමිකම් මැයෙන් අලුත් නීති රාශියක් හදාගෙන තිබේ. බටහිර යුරෝපීන්ගේ කොල්ලයට හසුවූ ලංකාව වැනි රටවල් සියල්ලටම ඔවුන්ගේ ඒ සදාචාර නීති පිළිගන්නට සිදුවුනි.
ඉන්ධන සම්පත් නැතිව යනවිට කිසිදු අරාබි රටකට අනාගතයේදී පොහොසත්කම පවත්වාගෙන යා නොහැක. එවිට ලෝකයේ ඉස්ලාම් ආගම පැතිරවීමට ඔවුන්ට ඇති හැකියාව අඩුවී යයි. රටවල් කොල්ලය නැති නිසා බටහිර යුරෝපා රටවල් ටිකෙන් ටික දිළිඳු වෙමින් පවතී. එය කතෝලික ආගමටත් වඩා යාඥා ආගම්වලට තර්ජනයකි. මෙම ආගම් බෞද්ධයින් සිය ආගම්වලට ඇදගන්නේ ධන බලයෙනි.
මේ සියල්ලේ අවසානය දිළිඳු වන බටහිර යුරෝපා රටවල වැසියා ප්රචණ්ඩ මාවතට පිවිසීමයි. එහි ප්‍රධාන අවස්ථාව බටහිර යුරෝපා රටවල පදිංචිවී සිටින විදේශිකයන් කෙරේ ඒ ඒ රටවල සුදු ජාතිකයින් විරෝධය දක්වීමට පටන්ගැනීමයි.
මේ තීරණාත්මක අවස්ථාවේ සිදුවන්නේ බලවතුන් විදිහට ජීවත්වූ බවට ඉතිහාසයක් ඇති ඉන්දියාව සහ චීනය නැවත නැගී සිටීමයි. චීනයේ බලය ලෝකය පුරා පැතිරයමින් පවතී. රුසියානු ජනාධිපති පුටින් සහ ඇමරිකානු ජනාධිපති ට%ම්ප් පීකිං නගරයේ දී එක්වීම චීනයේ බලය බුද්ධිමතුන්ගේ ඇසට පෙනෙන මොහොතකි. ඉන්දියානු නායක මෝදි ඊශ්‍රායලය සමග සිටින්නෙකි.
යුදෙව්වන් දැඩි අවමානයට ලක්වූ පීඩාවින්ද ජාතියකි. ඒ පීඩාව සමග ඔවුන් කළ බලගතුම දේශපාලන කටයුත්ත අප්‍රිකානුවන් බටහිර යුරෝපා රටවල ප්‍රධාන ජන බලවේගයක් බවට පත් කිරීමයි. එය සිදුවූයේ වහල් වෙළෙඳාම නමිනි. මේ යුගයේ දාස් කැපිටල් ලියූ කාල් මාක්ස් එංගලන්තයේ විසූ පිරිසිදු යුදෙව්වෙකි. ඔහු සිය පොත මගින් රටවල් කොල්ලකෑ එංගලන්තයට පංති වෛරය හඳුන්වා දුන්නේය. පංති වෛරයට ගොදුරු වන ඔ්නෑම රටක මිනිස්සු දෙකට බෙදී ඇණ කොටා ගනිති. එංගලන්තයේ ඉගෙනුම ලැබූ සිංහලයන් කිහිප දෙනෙකු කළේ මාක්ස් යුරෝපයට ඉදිරිපත් කළ පංති වෛරය ලංකාවට ගෙන ඒමයි. මෙය හරිත විප්ලවය මෙහෙයවූ බටහිර කෘෂි සමාගම් ලාංකික උගතුන් යොදවා ලංකාවේ දේශීය ගොවිතැන විනාශ වෙන ඔවුන්ගේ පරිසර විරෝධී කෘෂිකර්මය හඳුන්වාදීම වැන්නකි.
ඉන්දියානු දේශපාලනයේ ජාතිකත්වය විනා පංති වෛරය වැදගත් නොවේ. යුදෙව්වන්ගේ රට වූ ඊශ්‍රායල ජනතාව අතර පංති වෛරය නැත. ජාතිකත්වය ඉන්දියානු දේශපාලනයේ වැදගත්ම සාධකයයි. ඉන්දියානුවන් සිතන ලෙසට ඉන්දියාව වටා ඇති සියලුම රටවල් ඉන්දියානු සංස්කෘතිය විසින් පෝෂණය කර ඇත. ලංකාව, බුරුමය වැනි රටවල බුද්ධාගම ඉන්දියාවෙන් ලැබූ දායාදයකි. බුද්ධාගම සහ හින්දු ආගම අතර ඇති මූලික වෙනස, හින්දු ආගම සතුරා අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බව පෙන්වීමයි. ඊශ්‍රායල් චින්තනයත් එයමයි.
