බටහිරින් එන ගැහැණු පිල්ලි

Last Updated on 7 months by admin

ඇමරිකාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟින්, ‘බටහිරුන් භාරත හින්දු දැනුම තම දැනුම බව’ ප‍්‍රසිද්ධ කර ඇති ස්ථාන පෙන්වා දෙන ශාස්ත‍්‍රීය ලිපි ගණනාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඒ කිසිම තැනක ‘පිල්ලිය’ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ එය බටහිර සමාගම කොල්ලකෑ භාරත දැනුමක් නොවන බැවිනි.

බොහෝමයක් ලෙඩ රෝග වසංගත එක් ස්ථානයක සිටි වෙනත් තැනකට යැවීමට පුළුවන. බටහිර යුරෝපීය හමුදා, වසංගත රෝග රටවල් යටත් කිරීමේ යුද අවි වශයෙන් භාවිත කර තිබේ. ‘කොවිඞ්’ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට රටකින් රටකට පැතිරුන වංසගතයකි. යන්ත‍ර මන්තර ශාස්ත‍්‍රය හැදෑරූ සිංහල වෛද්‍යවරුන්ගෙන් අප දැනගත් ලෙසට, පිල්ලිය තැනකින් තව තැනකට යැවිය හැකි මානසික වසංගතයකි.

කලකට පෙර, රජයේ දිස්පැන්සරි සහ ආරෝග්‍යශාලා, පුද්ගලික වෛද්‍යවරුන්ගේ කාමර, මාතෘ නිවාස ආදියේ ප‍්‍රදර්ශනය කළ පුෂ්ටිමත් ‘සුදු බේබි’ගේ පින්තුරයත් පිල්ලියකි. එයින් කළේ කිරිපිටි දීමෙන් දරුවා සුදු බේබි කෙනෙකු කළ හැකිය විශ්වාසය අම්මාගේ මනසේ ඇති කිරීමයි. දැන් ලංකාවේ තරුණ තරුණියන්ට වැළඳී ඇති හම සුදුකර ගැනීමේ උමතුව ඒ පිල්ලියේ ප‍්‍රතිඵලයකි.

සිංහල අවුරුදු කාලයට සිංහල ගම් බොහෝමයක අවුරුදු කුමාරි තේරීම සිදු වේ. ඒ අතර විවාහක ගැහැණුන් වෙනුවෙන් විවාහක රූ රැජිණියන් තේරීමේ තරග ද පැවැත්වේ. මෙයින් කරන්නේ දරුවන්ට තනකිරි නොදී කිරිපිටි දෙන්නට අම්මලා පෙළඹවීමයි. අම්මාගෙන් කිරි නොලැබෙන දරුවා අනාථ මඩකම දරුවෙකුට සමානව ඇති දැඩි වේ.

රුසියාවේ විප්ලවයට පසු සෝවියට් කාන්තාව පිරිමින් හා සමාන යයි මාක්ස්වාදීන් කියන්නට ගත් විට ඔවුන් සමඟ තරග කිරීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල ‘විමන් ලිබරේෂන්’ බිහි විය. බුදුරජාණන් වහන්සේ ඊට අවුරුදු දෙදහකටත් පෙර කාන්තාව පුරුෂයා හා සමාන බව වදාළහ. බ‍්‍රාහ්මණ හා ඉස්ලාම් ආගම් විසින් ඉන්දියාවේ බුදුසසුන චප්ප කර කාන්තාව පුරුෂයාගේ වහලියක කරන ලදි. ඒ සිරිත් හා යුරෝපීය චින්තනය සිංහල බෞද්ධ සමාජයට නොයෙක් හානි සිදු කර තිබේ. නමුත් ස්ත‍්‍රිය පුරුෂයාට වඩා පහළ යයි සිංහල බෞද්ධයෝ නොසිතූහ. ඔවුන්ගේ මහත් ගෞරවය ලබන අනුරාධපුර ස්වර්ණමාලි ස්තූපය නිදසුනකි. පොළොන්නරු රාජධානියේ ප‍්‍රධාන ස්තූපය වූයේ සෝමාවතී දේවියගේ නමින් ඉදිවූ සෝමාවතී ස්තූපයයි.

බටහිරින් ලංකාවට පැමිණි විමන් ලිබරේෂන් (ස්ත‍්‍රිය ගළවාගැනීම) සිංහල බෞද්ධ කාන්තාවට සිය ඉතිහාසය ගැන සැක ඇති කිරීමට ඉගැන්වූ පිල්ලියකි. ඊට ගොදුරු වූ කාන්තාවන්ට බුදුහාමුදුරුවන් ගැන පවා වැරදි අදහස් ඇති විය. (විස්තර සඳහා අප විසින් රචිත ‘පදුරියෝ’ කෘතිය බලන්න.) ‘ලිබරේෂන්’ අදහසේ නායිකාවක වශයෙන් සැලකෙන ආචාර්ය කුමාරි ජයවර්ධන, බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකගේ දුවකි. ඈ ලන්ඩනයේ උසස් අධ්‍යාපනය ලබා මේ දර්ශනයත් සමඟ ලංකාවට පැමිණියාය.

බටහිර රටක උසස් අධ්‍යාපනය නිම කර සිංහල කාන්තාවන් ගලවා ගැනිමට පැමිණි තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සිටිති. ඇමරිකාවේ සිට පැමිණි සුනිලා අබේසේකර නිදසුනකි. ඇය සමලිංගික ජිවිතයක් ගෙවූ තැනැත්තියක බව ‘විකිපේඩියාවේ’ සඳහන් වේ.

ආචාර්ය හරිනි අමරසුරිය කාන්තාව ගළවාගැනීමේ ව්‍යාපාරයේ වර්තමානයේ කැපී පෙනෙන නායිකාවකි. ලන්ඩනයේ අධ්‍යාපනය ලබා පැමිණ සිටින ඇය, කාන්තාව එක මිටියකට ගෙන ඒමට සැරසේ. මෙය මාක්ස්වාදයට ඉඳුරා පටහැනි අදහසකි. ලෙනින්ලා රුසියානු කාන්තාව එක මිටියකට ගෙන ඒමට සිතුවා නම්, සාර් රජ පවුලේ කුඩා ගැහැණු දරුවෝ ඝාතනයට ලක් නොවෙති.

වැරදි අදහස් ඉදිරිපත් කිරීම පිල්ලියක මුඛ්‍ය ලක්ෂණයයි. රටේ වර්තමාන අර්බුදයට හේතුව කාන්තාවට වැඩි බලයක් නොදීම යන්න ඊට නිදසුනකි. ජවිපෙ මෙන්ම මාලිමාවේ නායකයින්ද කියන මෙම කතාව එජාප නායකත්වයෙන්ද ප‍්‍රකාශ වී තිබේ. ලංකාවේ අර්බුදය මේ ආකාරයෙන් සැහැල්ලූවට ඉදිරිපත් කිරීම ජනතාව නොමඟ යැවීමකි. ජනතාවගේ මොළ දූෂණය කර ඔවුන් නොමඟ යැවීම පිල්ලි මඟින් සිදු කෙරෙන ප‍්‍රධාන ක‍්‍රියාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link