Last Updated on 2 years by admin
නැට්ටුවන්ට කලින්ලු කස ගිනිබෝල
ඡන්දෙට කලින් එනවලු වර්ජන රැල්ල
හැම ආණ්ඩුවම රාසේටයි කැඹිරිල්ල
අනික් උන්ට නෑ වාගේ බඩගින්න
කල දුටු කල වළ ඉහගන්න වාගෙම
බාගෙන නොකා ඉහගෙන කන්න හපන්නූ
අපෙන් කා අපිට වර්ජන ගිනි බෙදතී
අපි කන හැටි අයිබං ණයපොත් දනිතී