අයිබං

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

‘සජිත් අවංකයි, හරි වැඩකාරයාදූෂණ නැති එහෙව් නයුවෙක් ලොවෙත් නැත’සිරිලනිප නැවෙන් මූදට තල්ලු කළදයාසිරි ගායි සුදුහුනු ඕසෙට මධ්‍යම සංස්කෘතිකෙ, සිකුරි⁣ටි, කම්කරූබෝන් එගෙන්, ඉංගිරීසි පූචානම්ඒ ‘කප්’ මදිද පුතයව අඳුනාගන්ඩගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං Read More »

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,ගිහින් කියා වැ.බ. ⁣ලේකම් පොලීසියේව⁣ළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,ඇඬුවොත් මේව ඇහිලා‍, පුදුමයක් නෑ! වාරණ පිට සභාපති‍, ලේකමෙක් නෑමීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ⁣කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං! Read More »

සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං!

රට යවනව කියල සල්ලි ගරාලාදමිතයි සැමියයි බලු කූඩුවේලුහොරා කියල ‘අනුන්ට’ ඇඟිලි දික් කරනසමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං! දැන්වීමක, කබල් ටෙලියක රුඟුවාමතරු තරු කියා මාධ්‍යයෙන් පුම්බනරට දැය සමය ගැන ඇල්මක්, ලැජ්ජාවක්නැති අපතයො කරට ගත්තම පෙනෙයි තරු!

සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං! Read More »

කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං

ඥානසාර හිමි නිදහස් නොකළෝතින්යුද ඇවිලේවි කියනව අනුප පැස්කුවල්ගොන් කතා කියා රට ගිනි නොවද්දාඇපෑලට දෙමුද ටොප් පෙරකදෝරුවෙක් බුද්ධ ශාසනේට එරෙහි කුමන්ත්රණකටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබංහනුමන්තගෙ වලිගෙ වාගේ වහසි කතාසිහළ බොදුනුවගෙ අංක එකේ හතුරා

කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං Read More »

ගොන් කතාවලින් බැහැ රට රවටන්න

ජාතික සම්පත් නොරටට විකිණීමහොඳයි කියනවාලු බෝන් එගෙන් එරන්මැදපෙරදිග රටවල් තෙල් විකුණාලාතමයිලු ඔය යසඉසුරින් වැජඹෙන්නේ අයිතිය අත තියන් තෙල් රට පැටවිල්ලවගේද අයිබං සම්පත් විකිණිල්ලගොන් කතාවලින් බැහැ රට රවටන්නපාස්ටර්කමට නම් සුදුසුයි ඔන්න! !

ගොන් කතාවලින් බැහැ රට රවටන්න Read More »

ඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි!

‘වෙ⁣ළෙඳුන්‍, හිඟන්නන් ගැන කෝච්චියට එනඔත්තු දියව්!’ කියනව දු.දෙ. ඔපිසර⁣යෙක්අතිරික්තයො‍, කොමිස්, වර්ජක රාස්සයෝහොර ඕටී‍, පිංපඩි මිනීකාක්කෝ කැඩුණු ෆෑන්, බිඳුන ජනෙල්, මකුණු පුටූමළ කෑ යකඩ‍, ගඳ වැසිකිළි‍, හඩු පෙට්ටීගමන⁣ට වවුල්‍, ප‍්‍රමාද‍, කොට කෝච්චීඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි!

ඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි! Read More »

ඒකටයි විදින්ඩ ඕන හරි බේත

දෙස්පාලුවන් හට ක්‍රීඩාවෙ තනතුරුදෙනු එපා කියන ජනපති‍ අසනු මැනනෑ ගජමිතුරන්ට දීමත් වහක් තමයිඅමතකද බැඳුම්කරෙ කළ වින්නැහිය කවුන්සිලේ ඉන්න වැඩිහරියක් රොඩ්ඩෝඕනෑ එපා හැම දේටම ඔබා හොඹූකැඳහැලියක් වෙලා රට නොපෙනෙද අයිබංඒකටයි විදින්ඩ ඕන හරි බේත

ඒකටයි විදින්ඩ ඕන හරි බේත Read More »

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

ජවුසම් නටා ගරහා සිදත් සිරිතටහෙලුකොට වෙච්ච අය නම් එළියේ අයිබංබොදු බිම් කොල්ලකනු දැක වේදනාවටමොර දුන් හාමුදුරුවෝ මහ උළුගෙදර බුදුනට ගරහන චිංචිලගෙ හිස්බවපෙන්නමු, නඩු කුමට? පණ යන්ඩ ලැජ්ජාවේනැණ සර බලෙන් මිස, හිමියනි නැණ සාරකෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම? Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

කාට කියන්ඩද මන්දා ඒක නම්

පාසල් දරුවන්ට බත් වේලක් පුදනමල් වට්ටියට අතගැහු හැම දනන් හටආචාරය මෙන්න! කවුරු කළත් හොඳ දේහොඳයි කියන එක අපෙ යුතුකම අයිබං ඇමතියගෙ පටන් බෙදන එකා දක්වාඅත යටින් ගහන්න ඉව අල්ලනඑවුන් හොයා බලු කූඩුවෙ දැමිය යුතුයි!කාට කියන්ඩද මන්දා ඒක නම්

කාට කියන්ඩද මන්දා ඒක නම් Read More »

Scroll to Top