හරිනි අමරසූරිය

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක්

සෑම් සෙනෙවිරත්න Pic. credit: newswire.lk අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් හා ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක්, ගල්කිස්ස හෝටලයේ පැවති ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ Arrival From Sweden සංගීත කණ්ඩායමේ ‘ඇබා ප්‍රණාම ප්‍රසංගය’ට ABBA Tribute show සහභාගි වීම මහජනයා තිගැස්සූ සිද්ධියකි. ධනපති පංතියට ගැලපෙන ලෙසින් සැරසී ඉතා මිල අධික ප්‍රවේශපත්‍රවලින් එහි පැමිණ, අලංකාර කෑම මේසවල අසුන්

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක් Read More »

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය. ‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ Read More »

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම

සෑම් සෙනෙවිරත්න මාර්ටින් ලූතර් කිං ‘රිවර්සයිඩ් චර්ච්’හි දේශනයක් පවත්වමින් Pic. credit: Riverside Church ජනාධිපති අනුර දිසානායක සහෝදරයා, ජවිපෙ සාමාජිකයන්ට දක්ෂ කථිකයෙකි. අලුත් පාර්ලිමේන්තුව විවෘත කරමින් ඔහු පැවැත්වූ රාජාසන කථාව ජවිපෙ, මාලිමා හිතවාදීන් පවා අසරණ කරන ලද්දිකි. ඊට හේතුව කතාවේ උච්ඡතම අවස්ථාව වූ අවසානයයි. සමහරු හැඟීම්බරවද, සමහරු ආවේගශීලීවද දේශපාලන කථා අවසන් කරති. ජනාධිපතිවරයා කථාව අවසන් කළේ

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම Read More »

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි Read More »

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි. ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම Read More »

මැටාගේ මැටි වැඩ

ඩේවිඩ් ඇන්තනි රජවරුන් හමුදා යවා රටවල් යටත් කළ කාලයක් ලෝකයේ පැවතුණි. ස්පාඤ්ඤ හමුදාව දකුණු ඇමරිකාවට ගියේ ඒ කාලයේය. පෘතුගීසින් සිංහලේට ඒමත් ඒ අවදියේ සිදු වූවකි. මැවුම්කරුගේ නාමයෙන් පාප්තුමාට රටවල් යටත් කර දුන් ස්පාඤ්ඤ හා පෘතුගීසි රජවරුන්ගේ හමුදා සහ ඔවුන් මෙහෙය වූ පූජකවරුන් ඒ රටවල සිදු කළ අපරාධ විස්තර කිරීමට වචනවලට ශක්තියක් නැති තරම්ය. ඒ සංහාරයන්

මැටාගේ මැටි වැඩ Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’

කොලට් සේනානායකනාරද කරුණාතිලක තරුණ තරුණියන් පිරිසක් පසුගිය සතියේ දිනක කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේ පැවැත්වූ චිත්‍රපට සන්ධ්‍යාවක තොරතුරු අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඊට අනුව එම අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණි. මෛත්‍රී වික්‍රමසිංහ දක්නට නොවීය. සාගල රත්නායක රනිල් සමීපයේ වාඩි වී සිටි නිසා සාගල ද ආරාධිතයෙකු යැයි සිතන්නට පුළුවන. රනිල්ගෙන් පැමිණ සිටි

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’ Read More »

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ක්‍රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්‍රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්‍යාවකගේ ජීවිත විනාශ වී යාමයි. පූර්වයේදී ප්‍රකාශ කරන ලද පරිදි

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද Read More »

Scroll to Top