Last Updated on 45 minutes ago by admin
ඩේවිඩ් ඇන්තනි

අක්හිල් භාරත් සිතියම
Photo credit: abhmindia.org
පසුගියදා පැවැති මැතිවරණ ප්‍රතිඵල පාදක කරගෙන ඊශ්‍රායලය ගැන දුර්මත පළකරන්නෝ ලංකාවේ මෙන්ම විදේශයන්හිත් සිටිති. බොහෝ රටවල මාධ්‍යකරුවන් ඊශ්‍රායලය ගැන වැරදි කතා පතුරුවන්නේ පලස්තීනයේ හෝ අරාබි රටවල බලපෑම හේතුවෙනි. ලිබියාව, සවුදිය වැනි රටවල් පසුගිය වකවානුවේ ලෝක ඉස්ලාම් බලය පැතිරවීම සදහා විශාල වශයෙන් ධනය යොදවා තිබේ. ඔවුන් ලංකාවේද සම්පත් යොදවා ඇත. වර්තමාන නැගෙනහිර පළාත ඉස්ලාම් බිම් කලාපයක් වැනිය.
ඊශ්‍රායලය ඉස්ලාම් ලෝකය මැද පිහිටි, ඉස්ලාමිකයන්ගේ උදහසට ලක්වූ ඉස්ලාම් නොවන රටකි. එය ලෝක සිතියමින් ඉවත්කරන බව ඉරානය කිහිප අවස්ථාවකම ප්‍රකාශ කළේය. එම නිසා තමන්ගේ පැවැත්ම සඳහා කටයුතු කරන්නට ඊශ්‍රායල් ජාතිකයන්ට සිදුවන බවට ඉදිරිපත් වන තර්කය බැහැර කළ නොහැක.
යුදෙව්වන් වනාහි ඉතිහාසය පුරා දරුණු පීඩනයකට හිංසනයට හා අවමානයකට ලක්වූ ජනවර්ගයකි. ඉන්දියාවත් යුදෙව්වන් වාසය කළ භූමියකි. අතීත කාලයේ අනුරාධපුරයේ යුදෙව්වන් විසූ බවට තොරතුරු තිබේ. ඔවුන් අතුරුදහන් වූයේ කෙසේද? ආණ්ඩුව නැගෙනහිර පළාතේ ඉස්ලාම් කෞතුකාගාරයක් ගොඩනංවා තිබේ. එයින් පැහැදිලි කෙරෙන්නේ යුදෙව් ආගම ඉස්ලාම් ආගම විසින් ගිලගත් බවයි.
අභාවයට පත්වෙමින් සිටි යුදෙව් ජනවර්ගය ජාතියක් වශයෙන් පිහිටුවීමේ ගෞරවය ජර්මනියේ විසූ යුදෙව් පවුලකට හිමිවේ. අම්සෙල් රොත්ෂිල්ඩ් Amschel Rothschild සිය දරුවන්ද සම්බන්ධ කරගෙන යුදෙව් වෙළඳ අධිරාජ්‍යයකට පදනම දැමුවේය. ලංඩනය, පැරිස්, වියානා, ප්රෑන්ක්පර්ට් ආදි යුරෝපා නගර කිහිපයකම රොත්ෂිල්ඩ් බැංකු පිහිටුවීමට ඔහුට හැකිවිය. යුදෙව්වන් බලවත් ජාතියක් වූයේ එතැන් සිටය.
බ්‍රිතාන්‍යයෝ දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ යුදෙව්වන් විසූ භූමිය (ඊශ්‍රායලය) ආරක්ෂා කිරීමේ ගෞරවය ලබති. එහෙත් ඒ යට ඇති අප්‍රසිද්ධ කතාවෙන් කියවෙන්නේ ඊශ්‍රායල් භූමිය ආරක්ෂා කිරීමට යුද පෙරමුණේ සටන් වැදුන පිරිස ඉන්දියානුවන් බවයි. එමනිසා ඉන්දියානුවන් කෙරෙහි යුදෙව් ජනවර්ගයා තුළ විශාල දැඩි බැඳීමක් පවතී.
‘මැතිවරණය ඊශ්‍රායලයේ වෙනසක් ඇති නොකරයි’, මැයෙන් දේශපාලන ලිපියක් පසුගිය දිනක අල් ජසිරාවේ පළකර තිබුණි. එයින් කියැවෙන්නේ නෙත්නියාහුගේ පරාජය හේතුවෙන් ඊශ්‍රායල් සිතියම ඇකිලෙන්නේ වත් ඊශ්‍රායල් ජාතික ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවන්නේ වත් ස්වාධීන පලස්තින රටක් ඇතිවන්නේ වත් නැති බවයි.
සිංහලයන්ට වෙළෙඳ බලයක් නැත. බ්‍රිතාන්‍ය පාලන සමයේ එවැන්නක් තිබූ බවට සාක්කිය කොළඹ සිංහල වෙළද සංගමයයි. අනාගාරික ධර්මපාලතුමා එයින් බිහිවූවෙකි. දැන් ඒ කොළඹ පමණක් නොව ලංකාවේ ප්‍රධාන නගර සියල්ලකම ඉඩම් සහ වෙළෙඳ බලය ඉස්ලාමිකයන් අතට පත්ව තිබේ. ඔවුන් විසින් සිංහල බෞද්ධ නායකයින් මෙහෙයවනු ලබන්නේද යන්න සෙවිය යුතු කාරණයකි. නිදසුනක් දක්වතොත් බොදුබල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි නායකයින් සවුදි අරාබියට ගිය කවර වුවමනාවකටද වැනි ප්‍රශ්නවලට පැහැදිලි තර්කානුකූල පිළිතුරු ලැබී නැත.
සිංහලයන්ගේ වෙළෙඳ බලය නැතිකිරීම ලංකාවේ වාමංශික ව්‍යාපාරය මුල්වී සිදු කරන ලද්දකි. පේරදෙණියට පත්වූ මාක්ස්වාදී ඇදුරන් හා ඔවුන් පැතිරවූ මාක්ස්වාදය විසින් පරගැති චින්තනය හිසේ තියාගත් උගතුන් පිරිසක රටේ බිහිකරන ලදි. විශ්වවිද්‍යාල බවට පත් වූ පිරිවෙන්වලටත් ඔවුන්ගේ ගෝලයෝ පත්වූහ. මොවුන් හැදූ උගත්තු බලයට පත්වන හැම දේශපාලන නායකයකු වටාම එකතු වී ජාතිය ගොඩනැංවීමේ අදහස් වළක්වන පවුරු සේ ක්‍රියා කළහ. පසුගිය දිනක බෝධිසභාව පළකළ නාරද කරුණාතිලකගේ ලංකාවේ අලින් පිළිබඳව ජනාධිපතිවරයෙකුට දෙවරක් බාරදුන් සන්දේශය පිළිබඳ ලිපිය නිදසුනකි.
කැලේ ගසක් නසන්නට කැලේ ගසක් යෙදවා ගැනීමේ පැරණි උපමාව සිහිගන්වමින් කොමියුනිස්ට් චින්තනය විසින් නොමග යැවූ ඒ් උගතුන්ගේ මොළ බිඳීමක් මාක්ස්වාදී මාලිමා රජය යටතේ සිදුවේ. ටයි පටියට කෑදර උගතුන්ට මාලමා නායකයින් හමුවේ සිංහලෙන් කතාකරන්නට සිදුවී තිබේ. මාක්ස්වාදී උගතා බිම හෙලීම අක්හිල් භාරත් වැඩපිළිවෙළේ කොටසකි. එය ඉන්දියාවේ හා තවත් රටවල් ගණනාවක ක්‍රියාත්මකය.
හින්දුන් ක්‍රිස්තියානි කිරීම හා ඉස්ලාම් කිරීම වැළැක්වීමේ වැඩසටහන් ගණනාවක් ඉන්දියාවේ සිදුවෙමින් පවතී. එකක් අන පනත්ය. අනික හින්දුන් දිළිඳුබවින් සහ මානසික වහල්බවින් මිදවීමයි. එදා අනගාරික ධර්මපාලතුමා මේ පණිවිඩය සිංහලයන්ට දුන්නේය. අන්‍යාගමිකකරණය හා මොළ දූෂණය පිණිස විදේශ රටවලින් ගලා එන ධනය නැවැත්වීමට ඉන්දියාවේ බීජේපී රජය කටයුත කරයි.
ලංකාවේ ඇතැම් බෞද්ධ නායකයින් හින්දු විරෝධීන් වී සිටින්නේ ඉස්ලාමික හා ක්‍රිස්තියානි සංවිධානවල බළල් අඬු වශයෙන් විය හැක. හින්දු ආගම බෞද්ධයාගේ සතුරෙකු බව පෙන්වන ඔවුහු නොයෙක් උපාය භාවිත කරමින් බෞද්ධයන් අබෞද්ධයන් කිරීම වැළැක්වීමට නොවෙහෙතෙි. මෙවැනි වැඩ ගැන දනුමක් ලැබෙන්නේ ඊශ්වර නෙත් ඇත්නම් පමණි. ජාත්‍යන්තර දේශපාලනයේ බොහෝ දේ සිදුවන්නේ සාමාන්‍ය ඇස්වලට පෙනෙන විදිහට නොවේ.
මහා ඊශ්‍රායලය ගොඩනැගෙමින් තිබේ. අක්හිල් භාරතය ගොඩනංවන කාලය ප්‍රකාශ කර ඇත. සිතියමේ හැටියට මහා ඊශායල් දේශසීමාවේ සිට ගොඩනැගෙන අක්හිල් භාරතයට ලංකාව, බංගලාදේශය, ඉන්දුනීසියාව ආදි රටවල් ද අයත් වේ.
