ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ

Last Updated on 6 months by admin

චීනය අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින රටක් බව පිළිගැනීමට බොහෝ මාක්ස්වාදින් කැමති නැත. ඒ යථාර්ථය පිළිගනු කැමැත්තෝ, සේද මාවත ගොඩනැගීම (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) වැඩපිළිවෙළ යට සැඟවුන දේශපාලන උපාය දකිති. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ඉන්දියානු සාගරයේ බලය පවත්වා ගැනීමට චීනයට සිදු වේ. මාල දිවයින් සහ ශ‍්‍රී ලංකාව ඊට අවශ්‍යම රටවල් දෙකයි.

‘ඉන්දියාව පිටවෙනු’ යන්න පසුගිය වසරේ පැවති මාල දිවයින් මහා මැතිවරණයට ඉදිරිපත් වූ මොහොම්මද් මුයිසුගේ පක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨයක් වූයේ, මාල දිවයින් පාලනය කළ ඊබ‍්‍රාහිම් මොහොම්මද් සෝලියාගේ රජය දැඩි ඉන්දියානු හිතවාදී පිළිවෙතක් අනුගමනය කළ හේතුවෙනි. ඔහු රට තුලට ඉන්දියානු හමුදාව කැඳවාගෙන සිටියේය. සෝලියාගේ විදේශ ප‍්‍රතිපත්තිය කෙරෙහි මාල දිවයින් වැසියන් දැක්වූ අකැමැත්ත පැහැදිලි වූයේ මුයිසුගේ ජයග‍්‍රහණයෙනි.

ශ‍්‍රී ලංකාව හා සමාන කරන විට, මාල දිවයින් රාජ්‍යය ඉතාම කෙටි කාලයක් තුළ ධනවත් වූ රටකි. මාල දිවයිනේ නැගීමට සංචාරක ව්‍යපාරය ප‍්‍රධාන හේතුවකි. රන් බිත්තර දමන කිකිළියකු බඳු මාලේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සෝලියා රජයේ ප‍්‍රධාන කටයුත්තක් වූයේය. රජය පෞද්ගලික අංශයත් සමග එක්වී මේ සඳහා අති විශාල ධනයක් ආයෝජනය කර තිබේ. මාලදිවයින්වලට වැඩිම සංචාරක පිරිසක් පැමිණියේ ඉන්දියාවෙන් හා බටහිර රටවලිනි.

ලක්ෂදීප, කේරළයට කි. මී. 400 ක් දුරින් පිහිටා ඇති ඉන්දියාවට අයිති දුපත් මණ්ඩලයකි. ඊට අයත් දුපත් 35 න් ජනාවාස වී පවතින්නේ දුපත් දහයක් පමණි. පසුගියදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, වෙළෙදුන්ගේ හෝ සංචාරකයින්ගේ අවධානයක් නොමැතිව පැවති මෙම ¥පත් නැරඹීමට ගියේය. ඔහු සමග ආයෝජකයින් විශාල පිරිසක්ද එහි ගිය බව කියවේ. මේ සැමගේ පරමාර්ථය වූයේ ලක්ෂදීප සංචාරකයින්ගේ පරාදීසයක් කිරීමයි. මේ සඳහා අති විශාල මුදල් ආයෝජනයක් කිරීමට ඉන්දියානු රජය හා සමාගම් සැරසේ.

මාලදිවයින් රජය ඉන්දියාවේ ක‍්‍රියා පිළිවෙත දකින්නේ සංචාරක ව්‍යාපාරයට පහර ගසා මාල දිවයින් දුප්පත් කිරීමට ඉන්දියාව ක‍්‍රියාත්මක කරන සැලසුමක් හැටියටයි. මේ නිසා මුයිසුගේ රජයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් සහ රටේ ප‍්‍රධාන පුවත්පත් කිහිපයකින් ඉන්දියාවට සහ නරේන්ද්‍ර මෝදිට අවමාන කෙරෙන ප‍්‍රකාශ නිකුත් විය. අයෙක් ඉන්දියාව ගොම ගොඩක් හැටියට හැඳින්වූහ. උප ඇමතිවරියක්, මෝදි විකටයෙකු වශයෙන් හැඳින්වූවාය.

ඉන්දියානු කලාකරුවෝ මාල දිවයින් නායකයින්ගේ කතා ඉදිරියේ නැගීසිටින දේශපේ‍්‍රමී පෙරමුණේ නායකත්වය ගෙන සිටිති. මාලදිවයිනට යන ඉන්දියානු සංචාරකයින් ලක්ෂදීප වෙත හැරවීමට පෙරමුණ ගෙන සිටින්නේ ඔවුන්ය. ලංකාවේ සිදු වන්නේ මීට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවකි. ලංකාවේ බොහෝ කලාකරුවන් රොදබැඳෙනේනේ රටට වින කරන ව්‍යාපෘති වටාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link