ඊශ‍්‍රායල්-හමාස් යුද්ධය දෙස එක ඇහැකින් බැලීම

Last Updated on 8 months by admin

ඉස්ලාමිකයින් ලංකාවේ ආර්ථිකය හසුරුවන ප‍්‍රධාන ජනවර්ගයයි. බි‍්‍රතාන්‍ය පාලන කාලයේ සිටම රටේ දේශපාලන නායකත්වය මෙහෙයවන්නේ ක‍්‍රිස්තියානි නායකයින් විසිනි. කලක සිට දෙමළ නායකයින්ට ඉන්දියානු නායකයින්ගේ සහාය ලැබේ. එමනිසා ජාතිවාදි දේශපාලනඥයින්ට උතුරේ ඕනෑම බෞද්ධ සිද්ධස්ථානයකට අයිතිවාසිකම් කීමේ ශක්තිය තිබේ. ලංකාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, රජය බුද්ධාගම රකින බව සඳහන් වේ. නමුත් ආණ්ඩුව එය කරන්නේ, ඉස්ලාම් ක‍්‍රිස්තියානි සහ හින්දු ආගම්වලට විශේෂ අනුග‍්‍රහය දක්වමිනි. මේ නිසා බෞද්ධයාට විශාල විපතක් සිදුවේ. සිංහල බෞද්ධයා තවමත් රටේ ජන සංඛ්‍යාවෙන් බහුතරය බව ඇත්තකි. ඔවුන්ට ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණයට සාපේක්ෂකව ආර්ථික හෝ දේශපාලන බලයක් නැත.


ඔක්තෝබර් 07 දින ගාසා යුද්ධය පටන්ගත්තේ ඊශ‍්‍රායලය නොවේ. කාලයක් තිස්සේ ඊට සූදානම් වූ හමාස් ත‍්‍රස්තයින් හා තවත් ත‍්‍රස්ත කණ්ඩායම් හදිසියේ ඊශ‍්‍රායලට කඩාපැනීමෙනි. එය විදේශ රටක් ආක‍්‍රමණය කිරීමකි. ප‍්‍රහාරයට සම්බන්ධ වූ ත‍්‍රස්තයෝ යහපත් ක‍්‍රියා කිසිවක් නොකළහ. හමාස් හමුදාව වැරදි ක‍්‍රියාවක් කළ බව ප‍්‍රකාශ කළ ඉස්ලාම් රටක ජනමාධ්‍ය ආයතනයක් ගැන දැනගන්ඩ නැත. ඒ හැම රටකම මාධ්‍ය මගින් ඊශ‍්‍රායලයේ යුද අපරාධ ප‍්‍රකාශ වේ.
ත‍්‍රස්තයෝ ඊශ‍්‍රායලයට කඩා පැන ගෙයක් ගානේ යමින් පුරුෂයන් මැරූහ. ස්ත‍්‍රීන් මැරුහ. ළමයින් මැරූහ. ඔවුන්ට හසුවී ඊශ‍්‍රායලයේ රැුකියාව කළ සිංහලයෝ ද මිය ගියහ. ඔවුහු, ඊශ‍්‍රායල් දේපොළ කොල්ල කෑහ. පුද්ගලයන් පැහැරගත්හ. ඔවුන් කළ අසික්කිතම ක‍්‍රියාව කාන්තාවන් හා ගැහැණු ළමයින් ¥ෂණය කිරීමයි. ගාසා යුද්ධය ගැන වාර්තා සපයන ලංකාවේ මාධ්‍යකරුවෝ ඊශ‍්‍රායලය ආරෝග්‍යශාලාවලට බෝම්බ හෙලන බව නිරතුරුව කියති. බෝම්බවලින් විපතට පත් කාන්තාවන්ගේ හා දරුවන්ගේ ඡුායාරුප ප‍්‍රදර්ශනය කරති. ඔවුහු හමාස් සොල්දාදුවන් කළ ඒ අසික්කිත ක‍්‍රියාව දනිති. නමුත් ඒ ගැන කිසිම තොරතුරක් ඉදිරිපත් නොකිරීමට ප‍්‍රවේශම් වෙයි.


ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවෝ ඉස්ලාම් ලෝකයට අවනත භාවයක් දක්වති. ඊට හේතු පැහැදිලි නැත.
ඊශ‍්‍රායලය තම රටේ කාන්තාවන් හා ගැහැණු ළමයින් ¥ෂණය කිරීම ගැන හමාස් භටයන්ට චෝදනා කරයි. ඊශ‍්‍රායල් කාන්තා සංවිධාන මේ ගැන තොරතුරු අනාවරණය කරති. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතනයන්ටද මේ ගැන පැමිණිලි ලැබී තිබේ.


මීට අවුරුදු දාහකට පෙර ඉස්ලාම් හමුදාවෝ භාරතය ආක‍්‍රමණය කළහ. ඒ කාලයේ ‘ස්ථාන්’ රටවල් නොවිණි. ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය පිහිටි ප‍්‍රදේශ මුල්වී බෞද්ධ කලාපයක් පැවතිණි. එය පාලනය කළෝ බෞද්ධ රජවරුය. කනිෂ්ක එවැනි පාලකයෙකි. එතුමාගේ සමයට අයත් කාසි අඩංගු මුට්ටියක් මොහෙන්ජෝදාරෝ ස්තූප භූමියකින් හමු වී තිබේ. භාරතය ආක‍්‍රමණය කළ ඉස්ලාම් හමුදාවලින් පිරිමින්ට ජීවිත දානය නොලැබුණි. සියලූ කාන්තාවෝ සහ ගැහැණු ළමයි ඔවුන්ට හසුවූහ. ඔවුන්ගෙන් කොටසක් තුර්කියට ගෙනයනු ලැබුවේය. මේ ඉතිහාසය ගැන කතා කරන්නෝ කවරහුද?


ඬේවිඞ් ඇන්තනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link