කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා

Last Updated on 3 months by admin

මෑත කාලයේ සිංහල බෞද්ධයන්ට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර කොතරම් දැයි අනාගතයේදී දැනගැනීමට හැකි වන්නේ, බෞද්ධයෙකු හෝ බෞද්ධ සංවිධානයක් ඒ ගැන සැකසු සංඛ්‍යා ලේඛන තිබුණ හොත් පමණකි. ත‍්‍රස්තයෝ දළදා මාළිගාව, ශ‍්‍රී මහා බෝධිය වැනි බෞද්ධයන් වැඳුම් පිදුම් කරන අති පූජනීය ස්ථානයන්ට පවා ප‍්‍රහාර එල්ල කළහ. අරන්තලා ප‍්‍රහාරකයෝ හයක් හතරක් නොදන්නා සාමනේර හිමිවරුන් පවා ඝාතනය කළහ. ඒ ත‍්‍රස්ත ප‍්‍රහාර මෙහෙයවූ බෙදුම්වාදීන් වෙනුවෙන් රට තුළත් රටින් පිටත්  කතෝලික පූජකවරුන් විශාල පිරිසක් පෙනී සිටියහ. උගත් පාඩම් කොමිසම ඉදිරියේ  මැල්කම් රංජිත් කාදිනල්වරයා ප‍්‍රකාශ කළේ සිංහලයන්ට හිතවාදී දේ නොවේ.   

පාස්කු ප‍්‍රහාරය කතෝලිකයන්ට එල්ල වූ එකම ප‍්‍රහාරයයි. එය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිද්ධියකි. ඒ ගැන නිසි පරික්ෂණයක් පවත්වා   වින්දිතයන්ට සාධාරණය ඉටු කරමියි ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණයෙන් පසු පොරොන්දු ඉටු නොකළේ යයි කාදිනල් මැල්කම් රංජිත් චෝදනා නගන්ට විය. එසේ කීම වැරදි යයි ගෝඨභාය රාජපක්ෂ ලිපියකින් පැහැදිලි කළේය.

ඊට කාදිනල්වරයා දක්වන අදහස බෞද්ධයන්ට නිගරුවකි. ‘ඉස්ලාම් සංවිධාන හිටපු ජනාධිපතිතුමාට සහාය නොදැක්වූ බව සත්‍යයක් විය හැකි වුවද එහි නම්කර ඇති ඉස්ලාමීය නොවන සංවිධාන සහාය දැක්වූ බව කවුරුත් දන්නා කරුණකි.’  (2004 05. 06 දිවයින)

කාදිනල්වරයා වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ කුමක්ද? පාස්කු ප‍්‍රහාරය පසුපස බෞද්ධ සංවිධාන සිටියේ යයි යමෙකු කියතොත් එය අමූලික බොරුවකි.  

වතිකානුව යනු ලෝකයට බලපෑම් කළ හැකි හා බලපෑම් කරන ලෝකයේ ඇති බලගතුම ආගමික සංවිධානයයි. ලංකාවේ බෙදුම්වාදී යුද්ධයේදී ඇල්ටීටීඊයට ලංකාවේ ඇතැම් කතෝලික බිෂොප්වරුන් උපකාර කළේ රහසින් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෙරළු ‘අරගලය’ නම් වූ දේශපාලන සැණකෙලිය පිටුපස ඊළාම් රට බිහි කිරීමට අසමත් වූ කතෝලික නායකයින් සිටි බව බොරුවක්ද? ලංකාවට සමාන සිදුවීම් ලෝකයේ වෙනත් රටවලින්ද අසන්නට ලැබේ. මේ නිදසුනකි.

කොන්ගෝ ජනරජයේ රජයේ හමුදාව සහ ‘මාර්තු 23’ සංවිධානය අතර සටන් උග‍්‍ර වී ඇත. මාර්තු 23 සංවිධානයේ උත්සාහය කොන්ගෝවේ නැගෙනහිර පළාත කඩා වෙනම රටක් සැදීමයි.  ඕනෑම යුද්ධයක දෘශ්‍යමාන ප‍්‍රතිඵලය ජීවිත හා දේපළ හානියයි. අප‍්‍රිකාවේ ප‍්‍රසිද්ධ කාදිනල්වරයෙකු වන කින්ෂාෂාහි වෙසෙන කාදිනල් ප‍්‍රිඩෝලින් අම්බෙන්ගෝ යුද්ධය නිසා සිදුවන විනාශය ගැන කියමින් කොංගෝ රජය විවේචනය කරයි. වතිකානු මාධ්‍ය අම්බෙන්ගෝගේ කතා අප‍්‍රිකාව පුරා විසුරුවා හරියි. මේ නිසා කොංගෝ රජය අපකීර්තියට පත් වන බව, රජයේ හමුදා සෙබළුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන පිළිවෙළ, කැරලිකරුවන්ගේ චිත්ත ධෛර්ය හා ඔවුන්ට ලැබෙන විදේශ සහාය වැඩි වන ආකාරය කොංගෝ රජය කියයි. අම්බෙන්ගෝ කාදිනල්වරයාගේ ක‍්‍රියාව ගැන කොංගෝ රජය සොයා බැලීම පිළිබඳව වතිකානුව කැමති නැත.

මහින්ද රාජපක්ෂ බලයෙන් පෙරළු මැතිවරණය රටේ හැමෝටම අමතක යයි නොසිතමි.  මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම දේශපාලන කුමන්ත‍්‍රණයකි. ඒ අවුරුද්දේ නත්තල් කාලයේ ඥානාර්ථ ප‍්‍රකාශය නමැති කතෝලික පුවත්පතේ පෙරවදන මගින් රටට ප‍්‍රකාශයක් නිකුත් කළේය.  

“මාංශගතවීමේ සිද්ධිය නව ලොවක් ඇතිකිරීමේ අඩිතාලමයි. නත්තල මෙය සැබවින්ම සිදුකිරීමකි. එපමණක් නොව මාංශගත වීමත් සමගම ඇරඹුන නව සමාජය ගොඩනැංවීමට නත්තල අප කතෝලික සැමට අභිියෝග කරන බව අමතක කළ යුතු නොවේ. නව සමාජයක් සඳහා ඉදිරි පියවර තැබීම මාංශගතවීම ඇරයුමක් කරන බව  කතෝලික අපට මේ නත්තල තුළ වැටහෙන්නේ නම් සිරවුන චින්තන වලින් මිදි මෙත් වඩවන පොදු සමාජයක් බිහිකරලිමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම අප යුතුකම නොවන්නේද? – ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා.”

ඡන්දයක් හෝ ඡන්දය දියයුතු පක්ෂයක් මෙම සටහනේ සඳහන් කර නැත. ‘‘ සිරවුන චින්තන වලින් මිදි මෙත් වඩවන පොදු සමාජයක් බිහිකරලිමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම අප යුතුකම නොවන්නේද?’’ යනුවෙන් කතෝලික ඡන්ද දායකයින්ගෙන් කරන ඉල්ලීමක් අඩංගුය.

මැල්කම් රංජිත් කාදිනල්වරයා කළ අලූත් ප‍්‍රකාශයක්, ‘අර පක්ෂයට මේ පක්ෂයට ඡන්දය දෙන්නැයි මා කියා නැහැ’ යන සිරස්තලයෙන් මැයි 01 දිවයින පත‍්‍රයේ පළ වූයේය. එක ප‍්‍රකාශයකින් කියන දේ සහ අනික් ප‍්‍රකාශයෙන් කියන දේ අතර වෙනස නුවණැත්තන්ට පෙනේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link