ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු

Last Updated on 6 months by admin

PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS)

සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත.

“තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි.

විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.

අපේ අරමුණ පීඩාවට පත් වූ ජනතාව ඉන් මුදවා ගැනීම නොවේ නම්, මෙහිදී අප කරන සංවාද ගඟේ ගසා ගෙන යන ඉණි බවට පත්වනවා ඇත.

අප දන්නා දෙයක් අන් අයට අසන්නට හෝ කියවන්නට සැලැස්වීම චර්යාධර්මික යුතුකමකි. එහෙත් දැනුම ආභරණයක් සේ සළකා අන් අයට ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහොත්, දන්නා එකා සහ නොදන්නා එකා අතර හඳුනාගත හැකි ලොකු වෙනසක් නැත.

මානව ඉතිහාසය තුළ දැනුම පිළිබඳ කතිකාවේ එක් අඳුරු පැත්තක් නම්, හැම යුගයකදීම පාහේ ඊනියා උගතුන් ඔවුන් සතු දැනුම “ගණිකා වෘත්තියේ” යෙදීමයි.

ලෝකයේ පැරණිම වෘත්තිය වශයෙන් සලකන ගණිකා සේවය ශරීරය විකිණීමට එහා යන කතාවක් අපට කියයි.

දක්ෂිණාර්ධ ගෝලයේ එය සෘජුවම දරිද්‍රතාව හා සම්බන්ධ වුවත් උත්තරාර්ධ ගෝලයේ විවිධ සමාජ කොටස්වලින් එන ඉල්ලුමට ආශ්වාදය මුල් කරගත් සැපයුමක් හා සබැඳුණු නීතිගත සේවයකි.

ඉහත කී උදාහරණය කායික ක්‍රියාවලියක් හා සම්බන්ධ ගණිකා සේවයක් මත පදනම් වුවත්, අප මෙහිදී අවධානය යොමු කරන්නේ “දැනුම ගණිකා සේවයේ” යෙදවීම ගැනයි.

කායික ගණිකා සේවය ගැන සදාචාරාත්මක දෘෂ්ටිකෝණයකින් බලන්නට උත්සාහ කිරීම එක්තරා අන්දමක කුහක කමකි. මන්ද එය පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන ගනුදෙනුවක් වන නිසා.

එහෙත් ජනතාවගේ බදු මුදල්වලින් උසස් අධ්‍යාපනයක් ලබා, සමහරවිට විදේශ ශිෂ්‍යත්ව පවා ප්‍රයෝජනයට ගනිමින් සමාජ හිණිපෙත්තේ ඉහළටම නැගීම සඳහා බලයේ සිටින දූෂිතයින්ට රෙදි නැතුව කඩේ යන ඇතැම් ආචාර්ය මහාචාර්යවරු තම දැනුම ගණිකා වෘත්තියේ යෙදවීම ඛේදවාචකයකට ලඝු නොකර, ඔවුන්ව සමාජ ද්‍රෝහීන් ලෙස හෙළිදරව් කළ යුතුව ඇත.

බුද්ධිමත් කිසිම උගතෙකු මේ පාහර වැඩේ කරන්නේ නැත. පොත පතින් පමණක් ලබා ගත් දැනුම හරහා තමන් බලාපොරොත්තු වූ සාර්ථකත්වයේ ගිරි මුදුනට නැග ගැනීමට බැරිකම “පුද්ගල අනාරක්ෂිත” භාවයකට පෙරළා ගන්නා මෙවැනි “වනපොත් වීරයින්” 8 වන පෙළ සමත්, දේශපාලනය හෝ ආර්ථිකය ගැන මෙළෝ දැනුමක් නැති ඇමතිවරයෙකුට “සර්” කියමින් මනදොළ සපුරා ගනිති. ඒ තුළින් ඔවුන් මුළු රටම අනාරක්ෂිතභාවයකට පත් කරති.

මේ තත්ත්වයට දිගු කාලීන විසඳුමක් ලෙස අප විසින් ලොවට හඳුන්වා දුන් ” අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය” ට විරුද්ධත්වය පාන්නේ නිසි අධ්‍යාපනයක් නොලැබූ ගැමියන් නොව, දැනුමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල ඇදුරන් සහ මහා ඇදුරන්ය. සමීක්ෂණයක් කර බැලුවහොත් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අනාරක්ෂිත ඊනියා උගතුන් බව හෙලිදරව් වනු ඇත. ඔවුන්ගේ දැනුම ගැන ඔවුන්ටම විශ්වාසයක් නැත.

“බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ” න්‍යාය අකුරටම පිළිපදිමින් තමන්ගේ තැන තව කෙනෙකු පැහැර ගනීය යන බියෙන් හා අභියෝග කරන්නන් විනාශ කරමින්අ නාරක්ෂිතබවට පොහොර දමමින් මුළු ජීවිතයම

මා විසින් ලියූ ග්‍රන්ථ දෙකක් මා ඉගෙන ගත් සහ මා ඉගැන්වූ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් ඉවතට විසි වන්නේ පුස්තකාලයේ පොත් වල දූවිලි පිස දාන්නන් අතින් නෙවෙයි.

කුහක උගතුන් ඇත්තෙන්ම බය පරමාණු බෝම්බ වලට නොව, සත්‍යය දැනුමටය. මෙම කුහකයින් තමන්ගේ වෘක ක්ෂුධාව සන්තර්පණය කරගන්නේ තක්කඩි දූෂිත දේශපාලුවන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි.

මාගේ ග්‍රන්ථ දෙකට සිදුවුණේ කුමක්ද කියා බලධාරීන්ගෙන් කිහිප වතාවක්ම කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් ලෙස මුහුණ ඉච්ඡාවට කීවේ ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවයි.

“අපක්ෂපාතී” යන වචනය ඈඳන විටම, පරීක්ෂණයේ ප්‍රතිඵල, පරීක්ෂණයක් නොපවත්වාම අපට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී ඇත.

NPP එක පමණක් නොවෙයි ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ හැම එකකටම ගුල්ලන් මෙන් රිංගා ගන්නා උගතුන් අතීතයේදී පැරණි පක්ෂ වලින් වරප්‍රසාද ලබා ගත්තා සේම, ජාතික ජන බලවේගයෙන්ද ගත හැකි සෑම දෙයක්ම ලබා ගනු ඇත.

ඊළඟ මහ පෙරහැර එනතුරු නැට්ටුවන් පමණක් නොව කසකරුවන්ද කස හකුළාගෙන වැටුප පමණක් සාක්කුවේ දමාගෙන නිහඬව සිටිනු ඇත.

සාමාන්‍ය ජනයා මේ දකින්නේ සිහිනයක් නොව අලි ඇතුන් හා නිළමෙලා සහිත පෙරහැරකි.

මේ පෙරහර අපි තව කොපමණ කලක් නරඹමුද?

1 thought on “ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link