ජේආර්ගෙ මිනීපෙට්ටිය

Last Updated on 3 months by admin

තමා මිය ගිය පසුව දේහය තැන්පත් කරන මිනීපෙට්ටයේ හැටි ස්වභාවය දැන ගන්නඩ ජේආර් කල්පනා කළා. ජේආර් ප‍්‍රසිද්ධ අවමංගල සමාගම් සේරටම මේ උවමනාව දැන්නුව. හොඳම මිනීපෙට්ටිය නිර්මාණය කරන සමාගමට අනාගතයේ රජයේ රෝහල්වල මිනී කොන්ත‍්‍රාත්තුව දෙන බවත් කිව්ව.

දැන් අවමංගල සමාගම් හෝගාල උනන්දු වෙනව වැඩ පෙන්නල කොන්ත‍්‍රාත් එක ගන්න. ප‍්‍රදර්ශනය පැවත්වූ දවසෙ ප‍්‍රදර්ශන භූමියට එක එක සමාගම්වලින් එක එක විදිහෙ මිනීපෙට්ටි ඇවිත්. රේමන්ඞ්ලා ඕක් ලීයෙන් හදපු, සිරිපුර බුරුත ලීයෙන් හදපු, හයිලන්ඞ් කළුවර ලී පෙට්ටියක්, රෝහිණීලා ඊජිප්තුවේ මමි පෙට්ටියක අනුරුවට හැදූ පෙට්ටියක්, ෂෙල්ටන්ලා එරොප්පපෙ පැටන් එකක්, ජයරත්නලා රෝස් ලීයෙන්.

ජේආර් පෙට්ටියෙන් පෙට්ටිය නරඹමින් යන අතරේ අමුතුම මොඩල් පෙට්ටියක් දැක්ක. ඒකෙ මිනියේ මූණ පෙනෙන්ඩ වීදුරුවක් හයි කරල. ජේආර්ට හිනාවක් ගියා.

‘‘පෙට්ටිය වැහුවම මගෙ මූණ පෙනෙන්නයි මේක හදල තියෙන්නෙ. බොහොම හොඳ නිර්මාණයක්.’’

ජේආර්ට පොඩි ප‍්‍රශ්නයක් ඇති වුනේ වීදුරුවට ඉහළින් ඇති ‘වයිපරය’ දුටු විටයි. ‘දූවිලි පිහල දමන්ඩ වෙන්ඩ ඇති’ ඔහු හිතුව.
‘‘මොකොටද මේ වයිපරේ?’’ ඔහු මිනීපෙට්ටිය හදපු බාස්ගෙන් ප‍්‍රශ්න කළා.

‘‘සර්… සර්ගෙ මිනිය බලන්ඩ එන මහ ජනතාව මූණට කෙළ ගහනකොට ඔටෝමැටික් පිහදාන්ඩ.’’ බාස් උන්නැහේ බොහොම යටහත් පහත්ව උත්තර දුන්න. (පිටුව 24-25)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link