ඩබල් ගේම් සහ හිමාලයා කේක්

Last Updated on 6 months by admin

කොන්ස්ටන්ස් රජු ක‍්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කිරීම සහ පාවුළු, පළමුවෙනි පාප්තුමන් වශයෙන් පත්වීම ආසන්න සිදුවීම් දෙකකි. පසු කලෙක, රෝම රජ පවුල් විසූ කොන්ස්තන්තිනෝපල් නුවර මුස්ලිම් හමුදාවට ගොදුරු වූයෙන් වතිකානුවේ විසූ පාප්තුමාට අධිරාජ්‍යයේ ඉතිරි කොටස රැුකගැනීමට සිදුවිය. බොහෝ ප‍්‍රතිරාජවරු සහ ප‍්‍රදේශ පාලකයෝ මහජනයා පෙලමින් රටවල් සූරාකෑහ. ඔවුන් ඒ වැරදි මකාගත්තේ පාප්තුමාට මුදල් ගෙවා ආශිර්වාද ලබා ගැනීමෙනි.

උගත්තු නිහ`ඩව පාප්තුමාට සහාය පළ කළහ. ප‍්‍රාග් නුවර විසූ ආච් බිෂොප් ජොහානස් හුස් ඒ නිශ්ශබ්දතාව බිඳ හෙලූවේය. වතිකානුව මුදල්වලට දෙන ආශිර්වාදය එතුමාගේ විවේචනයට ලක් වූයේය. පාප්තුමාගේ හමුදාව ජොහානස් හුස් බිෂොප්තුමන් අත්අඩංගුවට ගෙන නඩු අසා ගින්නේ ලා පුළුස්සා දැමුවේය. එය සිදු වූ කොන්ස්ටන්ස් නගරයේ බිෂොප් හුස්ගේ පිළිරුවක් ඉදිකරනු ලැබ තිබේ.

මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ නිකාය මූලස්ථානවල නායක ස්වාමින් වහන්සේ හමුවීමට දේශපාලනඥයින් දැකුම් වට්ටි ඔසවාගෙන යෑම ඉහත කී රෝම සිරිතේ අනුකරණයකි. සිංහල සිරිතක් නොවේ. නායක හිමිවරු දැකුම් වට්ටි පිළිගෙන තමන් බැහැ දැකීමට එන නායකයින්ට පිරිත් නූල් බැඳ හෝ නොබැඳ ආශිර්වාද කරති. මෙය පිරිතට කරන අගෞරවයකි.
බුදුසසුන රාජ්‍ය පාලනයෙන් ඉවත් කර තැබිය යුතු යයි දොඩවන ගඩොල් මෝඩයින් ද බෞද්ධ ජනයා රැුවටීමේ අදහසින් දැකුම් වට්ටි ඔසවාගෙන මහානායක හිමිවරු බැහැ දැකීමට යති. උන්වහන්සේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඔවුන්ටත් ආශිර්වාද කරති.

මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන්ගේ ප‍්‍රකාශයකට අනුව (යුටියුබ්* උන්වහන්සේ හමුවීමට පැමිණි වමේ නායකයෙක් විහාරයෙන් එළියට ගොස් වාහනයට ගොඩවීමට පෙර හාමුදුරුවන් බැන්ද පිරිත් නූල කඩා විසිකර දැමුවේය. දේශපාලන ලෝකයේ මෙවැනි ක‍්‍රියා හැඳින්වෙන්නේ ‘ඩබල් ගේම්’ වශයෙනි. නැවත බෙදුම්වාදයට පාර කැපෙන ‘හිමාලයා’ ප‍්‍රකාශනය ද ඉතා සංවිධානාත්මක ඩබල් ගේමකි. එහි අයිසින් එක සංඝයා වහන්සේ කිහිප නමකි. යට කේක් එක තනිකර දෙමළ ඩයස්පෝරාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link