ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව

Last Updated on 5 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Photo credit: purina.ca

යේසුස් වහන්සේ නිවහල් පුද්ගලයෙක් වුණාට, වතිකානුව ඇතුළු මුළු කතෝලික සභාවම නිවහල් චින්තනයේ සතුරන්.

2009 යුද්ධය අවසන් වන්න කලින් උතුරේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හා වතිකානුව හරහා ජාත්‍යන්තරය උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් කළ අන්දම පැහැදිලි කරමින් මා විසින් Asian Tribune පුවත්පතට ලියන ලද ලිපිය නිසා ජර්මනියේ මා කරමින් සිටි රැකියාව මට අහිමි වීම පිටුපසත් ලංකාවේ කතෝලික සභාවත් වතිකානුවත් සිටි බව හිතළුවක් නොවෙයි.

උතුරේ ත්‍රස්තවාදය විමුක්ති අරගලයක් ලෙසින් පෙන්වාදීමට වතිකානුව දිගින් දිගටම උත්සාහ කළා. බටහිර රටවල් වල මාධ්‍යවලට තොරතුරු ලබාදීමේදී වතිකානුව දකුණේ තරුණයින්ගේ අරගලය ත්‍රස්තවාදයක් ලෙස හුවා දැක්වීමටත්, උතුරේ සැබෑ ත්‍රස්තවාදය විමුක්ති අරගලයක් ලෙස පෙන්වීමටත් “සාර්ථක” උත්සාහයක් දැරුවා.

රාජපක්ෂලා රනිල්ලා විසින් ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වා දී ඇති කලවම් සංස්කෘතිය තුළ, අධිරාජ්‍යවාදය, පංති සටන, පන්ති අරගලය අතීතය තුළම වළදමා තිබෙනවා.

කොහොම නමුත් උතුරේ හා දකුණේ ත්‍රස්තවාදවල න්‍යායාත්මක වෙනසක් දකින්නට නොලැබෙන්නේ ඒ පිටුපස වතිකානුව සහ ඔත්තු සේවා ඇතුළු බටහිර බලවේග සිටි නිසා. සිංහලකමට හා බුදු දහමට එරෙහිව යාම මේ කණ්ඩායම් දෙකටම පොදු ලක්ෂණයක් වී තිබුණා. මේ කණ්ඩායම් දෙකම දේශපාලන අවජාතක දරුවන්.

උතුරේ ත්‍රස්තවාදයට ආගමික මුහුණුවරක් ඇතුළු කර ලෝක ප්‍රජාවගේ අනුකම්පාව ලබා දෙන්නට දේශීය පල්ලිය මෙන්ම ජාත්‍යන්තර පල්ලියද දිගින් දිගටම කටයුතු කළා.

එහෙත් දකුණේ කැරැල්ලේ නායකත්වය සිංහල බෞද්ධ තරුණ තරුණියන් අත තිබීම නිසා, එයට ජාත්‍යන්තරයේ විරෝධය ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී නමක් පට බැන්දා පමණක් නොව, දේශානුරාගය අරගලයෙන් ඉවත් කර තබන්නටත් අධිරාජ්‍ය ගැති සකලවිධ බලවේගයන් ඒකාබද්ධව කටයුතු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උතුරයි දකුණයි යා කරන පාළමක් ලෙස දෙමළ ඩයස්පෝරාව සහ දකුණේ දේශපාලන බලය සඳහා සටන් වැදී සිටින ජනතා විමුක්ති පෙරමුණ එකම අරමුණක් වෙනුවෙන් එකම චත්‍රයක් යටතට ගෙන ඒමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ දක්වා සමත් වී තිබෙනවා.

ජවිපෙ නායකයින්ට ඉන්දියාවේ සහ ඇමරිකාවේ චාරිකාවලට ආරාධනා ලැබෙන්නේ මෙම වැඩපිළිවෙළේම අත්‍යවශ්‍ය අංගයක් ලෙසයි.

මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට බුදුදහමත් සිංහල කමත් බලවත් ප්‍රශ්නයක් වෙන බව ශ්‍රී ලංකාවේ හතුරන් මනාව අවබෝධ කරගෙන සිටිනවා.

ඌරගේ මාළු ඌරා පිට තබා කපන්නා සේ, සිංහල බෞද්ධයා සිංහල බෞද්ධයාගේම හතුරෙක් ලෙස හඳුන්වා දෙන මාදිලියේ සමාජ මාධ්‍ය ජාලාවක් ශක්තිමත් පදනමක් මත මේ මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාව තුළ අද දිනයේ දේශපාලන යථාර්ථය වන්නේ, කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ හුදු දේශපාලන හා ආර්ථික බලය ලබා ගන්නේ කෙසේද යන්න අධ්‍යායනය කිරීමයි. මේ කියන අරගලයට පක්ෂ භේදයක් හෝ පක්ෂ පාට භේදයක් නැහැ.

බලය යනු පැවැත්මට අවශ්‍ය ප්‍රබලම සාධකය බව ජඩ දේශපාලනයේ නිරත වන්නන් විසින් පැහැදිලිවම අවබෝධ කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වන සිංහ කොඩියේ සිංහයා තනිවී නැති බවත්, සිංහයාගේ තනියට තැඹිලි පාට සහ කොළ පාට තීරු දෙකක්ද ඇතුළත්ව ඇති බවත් මෙනෙහි කරන්නට ලාංකික ජනතාවට පුරුදු පුහුණු කිරීම තුළින් සිංහයා අත දරා සිටින අසිපතද වැඩිකල් නොගොස් සිංහයාගෙන් උදුරා ගැනීම සිදුවෙන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුව තිබෙනවා.

මෙය වර්ගවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් නොව, දේශයේ මතු ආරක්‍ෂාව පතා හෙට දිනය වෙනුවෙන් කරන අනතුරු හැඟවීමක් බව කරුණාවෙන් සලකන්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link