සසුන වනසන වචන හොරකම

Last Updated on 5 months by admin

Photo credit: newchapter.lk

බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්‍යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්‍යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප‍්‍රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම බුදුසසුනට හානියකි. එහෙත් තම උරුමය කොල්ලකෑම පාලනය කිරීමට හැකියාවක් බෞද්ධයන්ට නැත.

දශක කීපයකට පෙර ආචාර්ය සුනිල් ආරියරත්න ප‍්‍රබන්ධ කළ නන්දා මාලිනී ගැයූ, ‘විරෝධ ගී’ මගින් පැරණි ජවිපෙට ලොකු උත්තේජනයක් ලැබුණි. ‘පවන’ ඒ කාලයේ නන්දා පැවැත්වූ විරෝධ ගී සංදර්ශනයකි. ඇයගේ ගීත රසිකයන් වූ බොහෝ තරුණ තරුණියෝ පොලිසියට හසු වී හෝ හමුදා සැකයට ලක්වී අකාලයේ මිය ගියහ.

සුළඟ, වාතය, (කමත් භාෂාවෙන්) බොන්ගා සමාන අරුතැති වචන කිහිපයකි. සමාන තේරුම් ඇති නමුදු, ‘පවන‘ කාව්‍යාඅර්ථයෙන් ප‍්‍රබලය. නන්දා මාලනීගේ පවන ගී ඇතුළත් සංගීත කැසට් පට බහලූමට භාවනා මුද්‍රාවෙන් ඉන්නා ඇයගේ සේයාරුවක් දමා අසලින් වටාපතක් හා බණ පොතක් තැබූ විට ඊට බෞද්ධ අර්ථයක් ලැබේ. මෙය වටාපත හා බණ පොත අවභාවිත කිරීමකි.
පැරණි වාමාංශිකයෝ මාක්ස්වාදය පැහැදිලි කරමින් පංති සටනක් ගැන කීහ. සමසමාජ පක්ෂයේ ගීතයෙන් ‘අන්තිම සටනට අන්තිම සටනට අන්තිම සටනට සැරසියව්’ කියා ඉල්ලීමක් කෙරිණි. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල, ‘සටන’ වෙනුවට ‘අරගලය’ යන වචනය භාවිත කරන්නට ගත්තේය. එයින් බිහි වූ ජවිපෙ සහ ‘පෙරදිග සුළං’ අරගලය ගැන කී දේශපාලන කණ්ඩායම් දෙකකි.

කැරලිකරුවන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට කොළඹට කඩා වැදීම තවත් ‘අරාබි වසන්තයකි’. පවන ගීයක් රසවිඳි ජවිපෙ සාමාජිකයන් හඹා යමින් තඩි ගැසූ රාජ්‍ය ආරක්ෂකයෝ ජනාධිපති මැඳුරට කඩාවදින්නන්ට මිත‍්‍රත්වයේ හස්තය දික්කළහ. මේ කැරලිකරුවෝ ගෝල්ෆේස් පිටියේ කඳවුරක් තැනූහ. එහි පුස්තකාල, කෑමකඩ, ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන, සායන කාමර තිබුණි. එළවලූ වගා බිමක් විය. දිනපතා සංගීත උත්සව පැවැත්වුණි. ගංජා අරක්කු කුඩු සමඟ නොයෙක් කාම ක‍්‍රීඩා පැවති බවට තොරතුරු තිබේ. මෙවැන්නක් කානිවල් සංදර්ශනයක් මිස අරගලයක් නොවේ.

අරගලය අවභාවිතයට ලක් කළ ගෝල්ෆේස් කානිවල් භූමියට ආචාර්ය නන්දා මාලිනී මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි සම්භාව්‍ය පුද්ගලයින් පැමිණීම විරෝධතා ගී ඇසීම නිසා මරණයට පත්වූ තරුණ තරුණියන්ට සරදමකි. මේ සියලූ සිදුවීම්වලට හේතු වූ විශේෂ ක‍්‍රියාවලිය මනස ඇත්තෝ දනිති. මසැස විනා මනස නැත්තෝ නොදකිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link