බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර

Last Updated on 6 months by admin

Photo credit: Osho World

බුදු සසුනට පහර ගැසීමට සිතන සමහරු ඕෂෝගේ කියමන් උපුටා දක්වති. ඕෂෝ (රාජනීස් භගවාන්* බුුදුදහමට විරුද්ධ අදහස් දැරුවෙකු යැයි මොවුන් සිතනවා විය යුතුයි. එය වැරදි වැටහීමකි.

යුද්ධයෙන් පසුව දෙකඩ වූ ජර්මනියේ බටහිර බර්ලින් නගරයේ පිහිටි ‘කුඩාම්’ වීථිය සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ ස්ථානයක් විය. හැන්දෑවට දොරවල් ඇරෙන රංගශාලා (ඩිස්කොතෙක්* ගණනාවක් එහි තිබුණි. මේවායේ දොරටු මුරකරුවන්ගේ ප‍්‍රධාන ක‍්‍රියාවක් වූයේ රංගශාලා තුළට ඇතුළු වීමට එන තුන්වෙනි ලෝකයේ පිරිමින් පැන්නීමයි. රාජනීස්ගේ සන්නාසියෝ වර්ණ භේදයක් නැතිව කාටත් ඇතුළු විය හැකි රංගශාලාවක් කුඩාම්හි විවෘත කළහ. ඒ නිමිත්තෙන් පැවති උත්සවය ‘පරිනිර්වාන සාදය’ නමින් හැඳින්වීම නුසුදුසු ක‍්‍රියාවක් බව ඔවුන්ට පැහැදිලි කිරීමට අපට හැකි විය.

අප දන්නා තරමට රාජනීස්ගේ අනුගාමිකයින් වැඩිම පිරිස හැදුනේ ජර්මානුවන්ගෙනි. එකල ලංකාවේ සති අන්ත පුවත්පතක ඉතා කලාතුරකින් රාජනීස් ගැන ලිපියක් පළ විය. එය තනිකරම මඩගැසීමක් වූයේය. ඉන්දියාවේ පත්තරවලින්ද රාජනීස්ට මඩ ගැසීම ජයට කෙරුණි. ඇමරිකානු මාධ්‍ය රාජ්නීස්ව හැඳින්වූයේ ‘සෙක්ස් ගුරු’ නමිනි. අපි රාජනීස්ගේ අනුමැතිය ඇතිව ඔහුගේ දේශනා කිහිපයක්ම මුද්‍රණය කර බෙදා හැරියෙමු.

ඕෂෝ අත්අඩංගුවට ගෙන නීති විරෝධී අයුරින් වාසය කෙරුවෙකු බව ඔප්පුකර රටින් පිටුවහල් කිරීමට ඇමරිකානු පොලිසිය සමත් විය. මරණයට පෙර ඔහු කළ ප‍්‍රකාශයක් පකිස්ථාන ඇමරිකානුවෙකු වූ ඕෂෝගේ පෞද්ගලික වෛද්‍යවරයා – පේ‍්‍රම් අම්රිතෝ – විසින් අනුගාමිකයන්ට දන්වනු ලැබුවේය. එහි මෙසේ සඳහන්ව තිබුණි.

“My crippled body is the work of Christian fundamentalism in the United States”

අම්රිතෝ සිද්ධිය පැහැදිලි කර තිබුණි.

“I asked him what I should say to you all. He said to tell you that since his days in the Marshal’s cell in Charlotte, North Carolina, in America, his body has been deteriorating. He said that Oklahoma jail they poisand him, with Thallium and exposed him to radiation, which we can only came to know when the medical experts were consulted. He said they had poisoned him in such a way that would leave no proof.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link