බොහෝ දෙනෙකුට අමතක තවත් ජවිපෙ සටනක්

Last Updated on 5 months by admin

Photo credit: Florida Weekly, Palm Beach Edition

දුම් ඉරීම පිළිකා රෝගයට හේතුවකැයි ඇමරිකාවේ සෞඛ්‍ය බලධරයන් ප‍්‍රකාශ කළ 1950 දශකයේ ඇමරිකාවේ සිගරැට් සමාගමක් පෙරහනයක් (ෆිල්ටරයක්) සහිත සිගරැට්ටුවක් වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය. ප‍්‍රශ්නය වූයේ ෆිල්ටර් සිගරැට්ටුව කාන්තාවන්ගේ තොලට ගැලපෙන්නක් යැයි බොහෝ පිරිමින්ට හැඟීයාමයි. ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් බොහෝමයක, කාන්තාව පුරුෂයාට වඩා පහළ යැයි පිළිගැනීමක් පැවතිණි. මෙය ක‍්‍රිස්තියානි සිතිවිල්ලකි. අදටත් ඇමරිකාවෙන් බිහි වූ යාඥා කල්ලි එකක්වත් යේසුස් වහන්සේ මිස මරියතුමිය නොපිළිගනියි.

යුරෝපයේ බොහෝමයක් රටවල ඡුන්ද බලය හිමි වූයේ පිරිමින්ට පමණි. බහින් බස් වීමක් ඇති වූ අවස්ථාවල ‘කලිසම අඳින්නේ උඹද? මමද?’ කියා භාර්යාවගෙන් ප‍්‍රශ්න කිරීම ජර්මනිය වැනි රටක පවුල් ජීවිතයේ ලක්ෂණයක් විය. දේවස්ථානයේ පූජාවට යන ස්ත‍්‍රීන්ට මොට්ටැක්කිලියක් දමාගැනීමට සිදු විය. භාර්යාවට විවාහයෙන් පසු ස්වාමියාගේ නම ලැබුණි.

ෆිල්ටර් සිගරැට්ටුව ගැහැණුන්ට සුදුසු එකක් යැයි සිතූ පිරිමින්ගේ මනස වෙනස් කිරීමට සිගරැුට් සමාගම් භාවිත කළ ප‍්‍රචාරක දැන්වීම්වලට හැකි විය. ඒවායේ, ෆිල්ටරයක් සහිත සිගරැට්ටුවක් උරන කඩවසම් පිරිමියෙකුගේ රුවක් ප‍්‍රදර්ශනය විය. ඒ පුරුෂයා දැකීමෙන් මනස වෙනස් වූයේ ඇමරිකාවේ පිරිමින්ගේ පමණක් නොවේ. බොහෝ රටවල නළුවන්, කලාකාරයින්, දේශපාලනඥයින් පිරිමිකම පෙන්වූයේ සිගරැට් බීමෙනි. ඩඞ්ලි සේනානායක හා එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක දුම් පයිප්ප ඉරූ, ඒ උරමින් ඡායාරූපවලට පෙනී සිටි අගමැතිවරු දෙදෙනෙකි.

දුම්කොළ වගාව නිසා ලංකාවේ වන විනාශයක් සිදු විය. භූමියට හා පරිසරයට සිදු වන හානියට නොදෙවෙනි හානියක් ඊට ගොදුරු වූ ජනතාවට සිදු විය. ජවිපෙ, දුම්කොළ වගාවට සහ දුම් ඉරීමට විරුද්ධව නැගී සිටි එකම දේශපාලන පක්ෂයයි. විජේවීර ප‍්‍රමුඛ ජවිපෙ නායකයෝ දුම් ඉරුමෙන් වැළකී සිටියහ. එනිසා ජවිපෙ සාමාජිකයන් අතර දුම් ඉරීමෙන් වැළකීම විනය ප‍්‍රතිපත්තියක් විය. එය මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ ප‍්‍රසාදයට පත්වූ ක‍්‍රියාවකි. මේ නිසාම ලංකා දුම්කොළ සමාගමේ අනුග‍්‍රහයෙන් පැවති රාජ්‍ය නාට්‍ය උළෙල වර්ජනය කිරීමට ඇතැම් කලාකරුවෝ කටයුතු කළහ.

දුම් උරන මිනිසුන්ට හිරිහැර කිරීමේ ප‍්‍රත්පත්තියක් ජවිපෙට නොතිබුණි. නමුත් දුම් උරන මිනිසුන්ට පහර දී පලායෑමේ පිළිබඳ සිද්ධි කිහිපයක් ඇති විය. සිගරැට් උරන්නෙකුගේ කට කපා පලා යන මැරයින් ගැනද ආරංචි පැතිරුණි. ජවිපෙ ගිණුමට බැර වන මෙබඳු ක‍්‍රියා ගැන ජවිපෙ නායකයින්ටද දැනගන්නට ලැබුණි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි මා ඕ සේතුං කියා ඇතත් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙන් බිහිවූ ජවිපෙ නායකයෝ ඉතිහාසයෙන් ප‍්‍රයෝජන නොගත්හ.

රා සහ අරක්කු නිපදවීම බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ඉතා ජනප‍්‍රිය වූ වෙළෙඳාම් දෙකකි. මේවා දේශීය පරිභෝජනය සඳහාම නිපදවන ලදි. ආණ්ඩුව නොමිලයේ අරක්කු බෙදා දෙමින් මෙම කටයුත්තට අතගැසූ බවට තොරතුරු තිබේ. කලක් යන විට සිංහල නායකයින් රේන්දකාරයෝ වූහ. අමද්‍යප සභාව අරක්කු නිපදවීමෙන් සහ පානය කිරීමෙන් සිංහලයා ගලවා ගැනිම සඳහා පිහිටුවූ සංවිධානයකි. ධර්මපාලතුමා ඒ සටනේ ඉදිරියෙන්ම සිටියේය.

අමද්‍යප සභා රැස්වීමක් මොරටුවේ සූදානම් කෙරුණි. මත්පැනට ඇබ්බැහිව සිටි නාගරිකයන් පිරිසක් සභාවේ වේදිකාවට නැංවීම රැස්වීමේ ප‍්‍රධාන අංගයක් වූයේය. මේ බව දැනගත් තැබෑරුම්කරුවෙක් රැස්වීමට මරදානේ සිට කථිකයන් ගෙනෙන වාහනයේ රියදුරාට පගාවක් දුන්නේය. කාර්මික දෝෂයක් බව අඟවා රථය පැය කිහිපයක් ගල්කිස්සේ නවත්වා ගැනීමට ඔහුට හැකි විය.

වේදිකාවට නගින්නට සූදානමින් සිටි කිහිප දෙනා ඇවිස්සීමක් මෙහිදී සිදු විය. වේලාව ඉක්ම ගොස් කථිකයන් එන විට වේදිකාවට නගින්නට සිටි පිරිස අරක්කු බී කුජිත වී සිටියහ.

ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය තමන් නොදන්නා බව ජන බලවේගය සමහර නායකයෝ කියති. අනුර කුමාර දිසානායක 1968 වසරේ උපන්නකි. අපේ‍්‍රල් කැරැල්ල සිදුවන විට ඔහුට වයස දෙකකි. කැරැල්ලට පෙර හා පසුව විජේවීර සහ පක්ෂය පාවා දුන් කිහිප දෙනෙක් ජීවතුන් අතර සිටිති. ඔවුන’තරින් වඩාත් ප‍්‍රසිද්ධ අයෙක්, අත්අඩංගුවේ සිටිය දී පොලිස් නිලධරයන් වීසි කරන සිගරැුට් කොට අහුලාගෙන ඉරූහ. මෙවැන්නෙකු ‘ජවිපෙ දුම් ඉරුමට විරුද්ධ වූ බවක් මා නම් දන්නේ නැතැ’යි කීවොත් පුදුම විය යුතු නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link