Last Updated on 2 weeks by admin

Pic. credit: Vinny Gragg/flickr.com
කිසියම් වනාන්තරයක විසූ වඳූරු කණ්ඩායමකින් කොටසක් වෙනස් වී මිනිසාගේ ආරම්භය සිදු වූ බව පරිණාමවාදයෙන් ප්‍රකාශ වේ. එකල ලෝකයේ පැවති දියුණුම රට වූ එංගලන්තයේ විසූ චාල්ස් ඩාවින් නමැති මහා විද්‍යාඥයා ඒ සොයාගැනීම රටේ ඉහළම විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කළේය. ඔහුගේ නිරීක්ෂණයට හසු වූ වඳුරු පොසිලවලට වඩා අවුරුදු මිලියන ගණනක් පැරණි වඳුරු පොසිල, චීනය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකින් ඊට පසු කාලවල සොයාගෙන ඇතත්, ඒ කිසිම රටකින් පරිණාමයට සාක්කි පෙන්වන තොරුතුරු ලැබී නැත. කොහේ හිටියත් වඳුරන් හැමදාම වඳුරන් මිස මනුෂ්‍යයෝ නොවෙති. වඳුරු වැඩ කරන මිනිස්සු නම් සිටිති. මිනිස් කරන වැඩ කරන වඳුරන්ද සිටින බවට තොප්පි වෙළෙන්දාගේ කතාව සාක්කියකි.
එංගලන්තයේ ක්‍රිස්තියානි බිෂොප්වරු, පරිණාමවාදය ගැන අසා හොඳටම බිය වූහ. ඊට හේතුව යුරෝපයේ විද්‍යාඥයින් ඩාවින්ගේ ඉදිරිපත් කිරීම කෙරෙහි දැක්වූ සැලකිල්ලයි. එනිසා පරිණාමවාදය සාමාන්‍ය මනුෂ්‍යයින් අතරට යෑම වැළැක්වීමට බිෂොප්වරු උත්සාහ කළහ. ඇමරිකාවේ සමහර ප්‍රාන්තයන්හි පාසල්වල පරිණාමවාදය අදටත් තහනම් විෂයකි.
පරිණාමවාදයට පෙර යුරෝපා සම්මතය වූයේ මැවුම්වාදයයි. ඊට අනුව ලෝකය මැවුම්කාරයකුගේ නිර්මාණයකි. ඇතැම් බයිබල් ආචාර්යවරු ඒ කාලයේ පැවති විද්‍යාත්මක ක්‍රමවලට, මැවීම සිදු වූ දිනය හා වෙලාව පවා ඉදිරිපත් කළහ. අයර්ලන්තයේ විසූ සුප්‍රකට ආච් බිෂොප් ජේම්ස් ඌෂර් ගණන් බලා ඇති ලෙසට එය සිදු වී ඇත්තේ ක්‍රි. පූ 4004 ඔක්තෝබර් 23 වැනිදාය.
යුදෙව් ඉතිහාසය අඩංගු මැවුම්වාදය දාර්ශනික නිර්මාණයකි. මෑත කාලීන බටහිර ලෝකයේ මහා විද්‍යාඥයින් හා දාර්ශනිකයන් විශාල පිරිසක් බිහි කර ඇත්තේ යුදෙව්වන් විසිනි. කාල් මාක්ස් සහ ඇල්බට් අයින්ස්ටයින් ප්‍රසිද්ධ උදාහරණ දෙකකි. ලෙනින්, ට්‍රොස්කි, මාඕ, ෂී ආදින්ගේ පටන් ලංකාවේ දොස්තර වික්‍රමසිංහ, රෝහණ විජේවීර, අනුර කුමාර දිසානායක දක්වා නොයෙකුත් දේශපාලනඥයින් පීඩිත පංතියක් ගැන අදහස් දක්වන්නේ මාක්ස් පැතිරවූ දැනුමේ ආධාරයෙනි.
යේසුස් වහන්සේද යුදෙව්වෙකි. එතුමා ජලය මත ඇවිදී. මළවුන්ට පණ දෙයි. ජලය වයින් බවට පත් කරයි. ගල්වලින් පාන් මවයි. මේ ආකාරයට කිසියම් විශේෂ මනුෂ්‍යයෙකුට රටක් ජාතියක් හෝ ජනවර්ගයක් ඉහළ නැංවිය හැකිය යන අදහස ජර්මනියේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා වූ නියෙට්ෂේ Friedrich Nietzsche ගෙන් ප්‍රකාශ වේ. හිට්ලර්ගේ පරමාර්ථය වූයේ සුපිරි ආර්ය වර්ගයක් හැදීමයි. ඔහු කතෝලිකයෙකි.
‘අල් ජසීරා’ සමඟ කළ සංවාදයෙන් පසු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ රනිල් වික්‍රමසිංහගෙන් කියවුණේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සමාගම්, පුද්ගලයින් සමඟ පවත්වන සංවාද තොරතුරු, සමාගමට වුවමනා පරිදි කපා කොටා හමගසා ප්‍රසිද්ධ කරන බව තමා නොදැන සිටි බවයි. මෙය ඉතාම බාල කතාවකි. මාලිමාවේ නායකයින් සංවාදය ගැන මොර ගහන්නේ වෙනත් හේතුවකටයි. ඔවුන්ව බලයට පත් කිරීමට වෙහෙසුන ලංකාවේ කතෝලික සභාවේ නායකයින් දේශපාලනය කරන බව රනිල්ගෙන් කියැවුනි. රනිල් අල් ජසීරා සංවාදය යට සැඟවුන දෙමළ ඩයස්පෝරාවට ඇඟිල්ල දිගු කිරීමද ඔවුන් ගැස්සුන සිද්ධියකි.
‘නියුමෝනියාවෙන් පෙළෙන පාප්තුමාට ඉක්මන් සුවය ලැබේවා’යි යාඥා කරන්නැයි ලෝකයේ කතෝලික නායකයින් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළහ. එවිට, ‘තමා සුපර් හියුමන් කෙනෙකු බව පැවසූ ‘මිරකල් ඩෝම්’හි ජෙරම්, පාප්තුමා ආවොත් තමාට එතුමාව සුව කළ හැකි යයි කී බව’ මුහුණු පොතේ දක්නට ලැබුණි. මෙය සංස්කෘත නාට්‍යයේ නේපථ්‍යාගාරයට විහිළුකාරයා පැමිණීම හා සමාන සිද්ධියකි. ලස්සන ඇඳුමෙන් සැරසී ‘මිරකල් ඩෝම්’ ගොස් ජෙරම්ගේ ස්පර්ශය ලබා බිම පෙරළෙන කාන්තාවන්ට, අසූහය හැවිරිදි පාප්තුමා සුව කළ හැකි යයි කියන ජෙරම් මහරගම පිළිකා රෝහලට පිටත් කර බාල තරුණ මහලු පිළිකා රෝගීන් සියල්ලම සුව කරවීමට නොහැකි මන්ද?
‘සුපර් මෑන්ස්ලා’ වර්තමාන ලංකාවට වැදී ඇති ලොකුම හෙණයයි. මේ සුපරුන්ට ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ හදන්නට හැකි යැයි සිතන පිරිසක් සිටිති. ජපන් පීඑච්ඩී සහතිකය ඉදිරිපත් කරන්නම් කියා හැංගුන කතානායක සුපරෙකි. සිංහල බෞද්ධ පවුල් ක්‍රමයට අපහාස කරමින් පොත පත ලියූ හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය වී සිංහල දරුවන්ගේ අනාගතය ගොඩනගන බව පෙන්වීමද සුපිරි ක්‍රියාවකි.
සිය පනස් වැනි ජන්ම දිනය වෙනුවෙන් ලන්ඩනයේ නාට්‍ය සමාගමක් සංවිධාන කළ උත්සවයකට සහභාගි වන්නට පොරොන්දු වූ චාලි චැප්ලින්, විහිළුවක් කරන්නට අදහස් කර, වෙස් මාරු කරගෙන උත්සවයට ගියේය. ඔහු යන විට විනිශ්චය මණ්ඩලය හමුවේ චාලි චැප්ලින් කෙනෙක් විහිළු කරමින් සිටියේය.
ලංකා දේශපාලනයේ ලොකුම කඩාවැටීම සිදුවන්නේ මෙවැනි විකටයින් හේතුවෙනි. ඔවුන් කරන්නේම මහජනයා රැවටීමයි. එය රටකට දීර්ඝ කාලයක් දරාගන්නට පුළුවන් දෙයක් නොවේ.