සමන්මලීලාගේ ටිකිරි මොළවලට නොතේරෙන ධනවාදී කුමන්ත‍්‍රණ

Last Updated on 6 months by admin

ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ දේශපාලන කණ්ඩායම බලාපොරොත්තු වන බව කීම කාගේ කාගෙත් අවධානයට යොමු විය යුතුයි.

“ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියා තොටගමුවේ රාහුල හිමියන් උන්වහන්සේගේ කාව්‍යකරණය තුළින් සඳහනක් කළද එය ගණිකා වෘත්තියක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි.

1505 දී පළමුවන යුරෝපියා මෙරටට පය ගැසූ මොහොතේ සිට නිල වශයෙන් කාන්තා ගණිකා වෘත්තිය මෙරට ආරම්භ වන්නට ඇතැයි කියා අපට අනුමාන කළ හැකියි.

සැපයුම ඉහළ යන්නේ ඉල්ලුම ඇත්නම් පමණක් කියා අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයින් ලෙස හැදෑරුවා.

අතීත ලංකාවේදී කාන්තා ගණිකා වෘත්තියට ඉල්ලුමක් නොතිබුණු නිසා සැපයුමක් තිබුනේ නැති බවත් අපි පිළිගත යුතුයි.

බටහිර ක්‍රිස්තියානි රටවල් වල කාන්තා ගණිකා වෘත්තිය නීති ගත කර තිබෙන්නේ කාන්තාවට ඇති ආදරය නිසා නොව, එම වෘත්තියේ නියැලී ඉන්න අයගෙන් බදු අය කර ගැනීම සඳහායි.

ඒඩ්ස් හා උපදංශ වැනි සමාජ රෝගවලින් ගණිකාවන් සහ පාරිභෝගික පිරිමින් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය හා සෞඛ්‍ය රක්ෂණ බලධාරීන් විද්‍යාත්මක ක්‍රමවේද පවා පාවිච්චි කරන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයට නිරෝගී මිනිස් ශ්‍රමය ඉතාමත් වැදගත් වන නිසා.

මැද පෙරදිග ගෘහ සේවිකාවන් ලෙස නිර්යාත කළ ශ්‍රමය නිළවශයෙන් පිළිනොගත්තත් ගණිකා සේවයකට පරිවර්තනය වූයේ අපේ කාන්තාවන් කාමුක වීම නිසා නොව මෙම කාන්තාවන් ශ්‍රමික වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් සූරා කෑමට මැද පෙරදිග හාම්පුතුන් අදටත් උත්සහ කරන නිසා බව රහසක් නොවෙයි.

ජවිපෙ හා ජාතික ජන බලවේගය සමාජවාදය ගැන මොනතරම් පුරසාරම් දෙඩුවත්, ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියට පොළඹවා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් බලයට පැමිණි දවසක ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිසියේ කඩාපැනීම් වලට ගොදුරු නොවී තම වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය කරන මානසික පසුබිම (හිරිඔතප් බිඳ ගැනීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය) සකස් කර ලිංගික ශ්‍රමයට ක්‍රමය තුළ පිළිගැනීමක් ඇති කර දීමට කරන උත්සාහයක් ලෙස හඳුනාගත හැකියි. ගරා වැටෙන ධනවාදය රැක ගැනීමට කරන දුබල උත්සාහයක් ලෙසත් මෙය හැඳින්විය හැකියි.

රටේ ජාතික නිෂ්පාදනවලට අතහිත දීම තුලින් ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට විදේශගතව සිටින මිතුරන්ගේ මුදල්වලින් විදේශ ණය ගෙවීම හා එදිනෙදා වේලපිරිමහ ගන්නා ආර්ථිකයක් ජනතාවට පොරොන්දු වෙන JVP/NPP ය, එය නිළ වශයෙන් මාළිමාවේ ආර්ථික ක්‍රමවේදය බව පෙන්වීමට දුබල උත්සාහයක් දරමින් සිටී. මෙය ජවිපෙ විධායක සභික සමන්මලී ගුණසිංහගේ ටිකිරි මොළයට වැටහුණු දෙයක් නොව ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික පරිසරය හා සිංහල සභ්‍යත්වය අකා මකා දමන්න උත්සාහ කරන දේශීය හා විදේශීය බලවේගවල තවත් එක කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වුවහොත් එය අසත්‍යයක් නොවෙයි.

මේ දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාව නිල වෙළඳ භාණ්ඩයක් වී තිබුණේ නැහැ. JVP/NPP බලයට පැමිණියහොත් ඒ අඩුවත් පිරිමහනු ඇතැයි සැක හැරම පිළිගත හැකිවනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link