හොර ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමතිකම් දැරූවන්ගේ ගෝලයින් අනුන්ගේ උපාධි සෙවීම සදාචාරාත්මක නෑ

Last Updated on 3 months by admin

දයන්ත විජේසේකර සහ කරුණාසේන කොඩිතුවක්කු

ගාමිණී දිසානායක මහතාගේ වැඩිමහල් පුත්, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායකට අනුර කුමාරගේ සහ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සහතික පිළිබඳ සැකයක් ඇතිවී ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අභියෝග කර තිබෙනවා.

එසේ ප්‍රශ්න කරන්න රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. එසේ වන්නේ අනුර සහ සජිත් රටේ ජනාධිපති වීමට සුදුසු පුද්ගලයින් බවට අනුගාමිකයින් විසින් තීරණය කර තිබීම නිසයි.

දැඩි එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස නවීන් දිසානායකට මේ ප්‍රශ්නය අහන්න සදාචාරාත්මක අයිතියක් නැත්තේ, එජාපයේ පතාක යෝධයන් වී සිටි කරුණාසේන කොඩිතුවක්කු සහ දයන්ත විජේසේකර යන දෙදෙනාම මුදල් දී මිලදී ගත් ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමැති ධූර හා විශ්වවිද්‍යාල උපකුලපතිකම්  දැරූ නිසයි.

සාමාන්‍ය පුරවැසියෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ එය රටේ රාජ්‍ය පාලනයට හා ආර්ථිකයට සෘජුව සම්බන්ධ නොවන නිසා.

ඇන්.ඇම්., ලලිත්, ගාමිණී වැනි අය තමන්ගේ උගත්කම්වලින් වැඩ පෙන්නුවා.

අනුර දිසානායක පමණක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණට එකතු වුණු බොහෝ දෙනකුගේ සහතිකවල වටිනාකමක් නැත්තේ ඒවා බලය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කළ නිසයි.

රාජ්‍ය විරෝධී අන්දමින් කතා කළත් ඒවා ඇත්තෙන්ම ජනතා විරෝධී අදහස්. ඔවුන්ගේ සටන් පාට විරෝධ ආකල්පවලට සීමා වුණා. සමහර අවස්ථාවලදී ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණා.

සජිත් ප්‍රේමදාස කරපු දෙයක් නැහැ. තාත්තට නිසි අධ්‍යාපනයක් තිබුණෙත් නැහැ. පුතාටත් නැහැ.

නමුත් රාජ්‍ය පාලනය භාරගන්න දෑත් සෝදමින් ඉන්නේ. එහෙම කෙනෙක් අපොස සාමාන්‍ය පෙළ සමත් ද කියා අහන්න සාමාන්‍ය පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. එම අයිතිය සදාචාරාත්මක ද කියා විමසන්න කලින් රණසිංහ ප්‍රේමදාස කරපු හරිය සදාචාරාත්මක ද කියා විමසිය යුතුව තිබෙනවා.

රටක් පාලනය කරන්න සහතික අවශ්‍ය නොවුනත්, පවුලේ ලේ පැල්ලම් සහ මඩ සෝදා හරින්නවත්, උසස් අධ්‍යාපනයක් තිබීම වැදගත්.

අන්තිමට බලනකොට ඒ දෙකම නැහැ.

අනුර කුමාරගේ විද්‍යා උපාධි සහතිකය අපට නොපෙන්නුවාට කමක් නැහැ. එහෙත් තොරතෝංචියක් නැතුව හැමටම එළවළවා පහර දෙන අනුර රට සංවර්ධන කරන ක්‍රමය එහෙමත් නැත්නම් ඊනියා විසඳුම මොකක්ද කියා පැහැදිලි කර දිය යුතුව තිබෙනවා. මෙය පහදා දෙන්නට අනුරට තමාගේම කියා බුද්ධියක් තිබිය යුතුයි.

පැරණි ජනතා විමුක්ති පෙරමුණේ අක්මුල් තවමත් මොළයේ දුවන නිසා, කඩාකප්පල්කාරී චින්තනයෙන් මිදෙන්නට දේශපාලන රාමුවක් තුළ මොවුන්ට කවදාවත් හැකිවන්නේ නැහැ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link