බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක්

Last Updated on 21 hours by admin

ඩේවිඩ් ඇන්තනි විසිනි

ඡායාරූපය අන්තර්ජාලයෙනි

භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ පවතී.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබු කාලයේ බටහිර බෙංගාලය අධිරාජ්‍ය විරෝධී කඳවුරක් විය. එය පැහැදිලි වුණේ මාක්ස්වාදීන්ගේ ජයග්‍රහණවලිනි. ලක්ෂ සංඛ්‍යාවක් බෙංගාල නිර්ධනයෝ, සමාජවාදී රාජ්‍යයක් මගින් ඔවුන්ගේ ගැටලු විසඳාගත හැකි යයි සිතූහ. බටහිර බෙංගාල කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ කලක් එහි මහ ඇමති ජෝති බාසු, කර්මාන්තශාලා හිමියන් යනු නිර්ධන පංතියේ සතුරන් බව කියමින් බටහිර බෙංගාලයේ කම්හල් හිමියන්ට විරුද්ධව සටනක් ඇරඹුවේය. එහි ප්‍රතිඵලය කර්මාන්ත ශාලා වැසී යමින් බෙංගාල නිර්ධනයින් කබලෙන් ලිපට වැටීමයි.

ජෝති බාසුලාගේ කොමියුනිස්ට් ව්‍යාපාරය බිඳ වැටෙන විට එයින් ඉවතට පැන්න තරුණ මාක්ස්වාදීහු, ‘නක්සලියිට්’ මාක්ස්වාදී කල්ලි ඇරඹූහ. එය ලංකාවේ ජවිපෙ බිහිවීම වැනි දෙයකි. ඔවුන් නිසා රට තුළ අපරාධ බහුල විය. ඝාතන, මංකොල්ලකෑම් නිරතුරුව සිදු විය. මෙහි ප්‍රතිඵලය වූයේ මමතා බැනර්ජි බලයට පත්වීමයි. ඇය පැමිණියේ බටහිර බෙංගාලයට කිරි ඉතිරවීමටය.

එහෙත්, සිදු වූයේ ඊට වෙනස් දෙයකි. ඉස්ලාම් සංක්‍රමණිකයන්ගෙන් බටහිර බෙංගාලය පිරෙන්නට විය. නගරවල ඉඩම්, කඩසාප්පු හා පාලන බලය, වේගයෙන් ඔවුන් අතට පත් විය. එයින් සමහර ඉස්ලාමිකයෝ හින්දු කාන්තාවන් පවා කොල්ල කෑහ. නගරයක් පාසා දැවැන්ත ඉස්ලාම් මස්ජිඩ් ගොඩනැගුණි.

බංගාලි දේශ ඉස්ලාමිකයන්ගේ හිංසාවට ලක්වූ භික්ෂුන් වහන්සේ කිහිප නමක් ලංකාවට වැඩම කොට සිටිති. ඒ කාගෙනුත් මහමදාගමිකයන් බංගාලි දේශයේ බෞද්ධයන්ට කරන විපත් දැනගැනීමට පුළුවන. සංක්‍රමණික ඉස්ලාමිකයන්ගෙන් බටහිර බෙංගාලයේ හින්දූන්ට සිදු වූයේත් ඊට සමාන දෙයකි.

මැතිවරණයෙන් පරාජය වූ පසු ටීඇම්සී නායිකා මමතා බෙනර්ජි, බීජේපීයට චෝදනා නගමින් දිගටම බලයේ සිටීමට බලවත් වෙහෙසක් දැරුවාය. ඇයට සහාය දැක්වූ පිරිස් හින්දූන්ට පහර දෙන්නට වුහ. ඉස්ලාම් ජමාත් සංවිධානය මෙහෙයවන මොහොමඩ් නුරූල් හුඩාඩුක් බටහිර බෙංගාලයේ සියලුම බීජේපී විරෝධින්ගෙන් ඉල්ලීමක් කරමින්, බීජේපීයට විරුද්ධව සන්නද්ධ කැරැල්ලක් අරඹන්නට යෝජනා කළේය. එහි නායකත්වය ගන්නැයි ඔහුගෙන් මමතාට ආරාධනා ලැබුණි. කැරලිකරුවන්ගේ ආධාරයට බංගාල දේශයෙන් ප්‍රබල මහමදික සේනාවක් කැඳවිය හැකි බව ඔහු කීවේය. ඉන්දියාවේ හින්දු හා බෞද්ධ රාජධානි නැතිව ගියේ මෙවැනි ආක්‍රමණ හේතුවෙනි.

නව බීජේපී පාලනය යටතේ නීති විරෝධී සංක්‍රමණිකයන් සියලු දෙනාවම බටහිර බෙංගාලයෙන් පිටමං කරනු ලබති. ඔවුන්ගේ මූලිකත්වයෙන් සිදුවූ සියලු නොපනත්කම් නැතිවී බටහිර බෙංගාලයට හොඳ කලක් උදා විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top