Last Updated on 46 minutes by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

ජවිපෙ උපන්දා සිටම කියුබාව කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. ඒ නිසාම ජවිපෙ සාමාජිකයින් ‘චේ ගුවේරාකාරයින්’ කියා හැඳින්වීමේ වරදක් නැත. ‘චේ ගුවේරා’ කියුබානුවෙකු නොවේ. ජවිපෙ ඉදිරිපත් කළේද, විදේශීය දේශපාලන දර්ශනයකි. වර්තමාන කියුබාවේ චේ ගුවේරාට ඇල්ම ඇත්තන් සිටී නම් ඒ මිලිටරි පාලකයන් අතර ඇති සුළු පිරිසක් පමණි. ජවිපෙ කටයුතු කරන්නේ මාලිමාව අස්සේ හැංගුන දේශපාලන සංවිධානයක් වශයෙනි.
කියුබාවේ විප්ලවය සිදුවී අවුරුදු 50 කි. මේ කාලය තුළ කියුබාව ලෝකයේ අන්ත දිළිඳු රටක් බවට පත් විය. වංචාව, සොරකම හා වෛශ්‍යා වෘත්තිය කියුබානු සංස්කෘතියේ ප්‍රධාන අංගයන් වී පවතී. මේ හිඟන තත්වය ඉදිරියට පවත්වාගෙන යාමෙන් මහජන නැගිටීමක් සිදු වෙතැයි සිතන පාලකයින් රටේ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර ඇත. එය සමාජවාදයෙන් ධනවාදයට පැනීමකි. කියුබාව ගොඩගැනීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට අවස්ථාව සලසා දීමෙන් ගමන ඇරඹේ. කියුබාව මේ ආකාරයට පිණුමක් ගහන්නට හේතු වූ තවත් කාරණයක් ඇත. ඒ කියුබානු පාලකයාව සිටි රාවුල් කස්ත්‍රෝ ඇමරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළු වී සිටීමයි.
සිංහල බෞද්ධයින් වැඩි පිරිසකට ලෝක දේශපාලනය ගැන ඇත්තේ අඩු දැනුමකි. ඔවුන් පෝලිමේ ගොස් මාලිමාව බලයට පත් කිරීම ඊට හොඳම සාක්කියකි. දෙමළ ඩයස්පෝරාව, කතෝලික පල්ලිය හා ඉස්ලාම් අන්තවාදය මාලිමාව මෙහෙයවන බව ඔවුන්ට නොතේරුණි. තමන්ට ඡන්දය දුන් බහුතරය සිංහල බෞද්ධයන් බව මාලිමා නායකයින්ට වැටහේ. එහෙත් සිංහලයාට සහ බුදු සසුනට හිතැතිව කටයුතු කරන්නට ඔවුන්ට නොහැකිය.
ජානක වංශපුර, ‘දිගටම මාලිමාවද?’ සිරස්තලයෙන් මුහුණු පොතට ලියා ඇති ලිපිය මේ ලිපිය ලියන්නට ප්‍රධාන හේතුවයි. ‘මාලිමාව වැඩ කරන්නේ බලය අත්හරින්න බලාගෙන නොවන බවයි’ යනුවෙන් සඳහන් කරන වංශපුර එය මෙසේ විස්තර කරයි: ‘
“නමුත් මාලිමාව මෙහෙයවන දේශපාලන හා ආර්ථික බලවේගවලට මාලිමාව ගැන විශේෂ අනුකම්පාවක් ඇති විය නොහැකියි. මාලිමාවට වඩා හොඳින් නම්බුකාර විදිහට තමන්ගේ අපේක්ෂාවන් ඉටුකරදීමට හැකි විපක්ෂයක් මතුවුවොත් මාලිමාවේ ස්වාමිවරුන් විසින් මාලිමාව ලොප්කර ඒ පක්ෂයට කොන්ත්‍රාත්තුව බාරදෙනු ඇත. ඒ නිසා මාලිමාවට දිගටම බලයේ රැඳී සිටීමට හැකි වේ යයි සිතිය නොහැකියි.”
මේ දේශප්‍රේමී හැමට වැදගත් පණිවිඩයකි.
ඉන්දියාවේ බුද්ධි අංශය, ඉන්දියානුවන්ගේ ආගම වෙනස් කිරීමට හා නක්සල්වාදය කෙරෙහි ඔවුන් පෙළඹවීමට විශාල වශයෙන් මුදල් යොදවන ඇමරිකාව මුල් කරගත් ‘තිමොති ඉනිටිඒටිව්’ (ටීටීඅයි) නමැති ක්‍රිස්තියානි ව්‍යාපාරය පිළිබඳව තොරතුරු පසුගිය සතියේ අනාවරණය කළේය. ඊට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් කළුසල්ලි හරහා නොයෙක් හපන්කම් කරන බව හෙලි විය. ඔවුන් ලෙඩ සුවකිරීම, භූතයන් පැන්නීම, හාස්කම් පෙන්වීම ආදී ප්‍රෝඩාවලින් කරන්නේ හින්දු ඉන්දියානුවන් වෙනස් කිරීම සහ ඔවුන් ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමයි. මේ හැම දෙයක්ම ලංකාවේත් සිදු වේ.
87-89 ජවිපෙ ප්‍රචණ්ඩ සමය ඇරඹීමට පෙර ආචාර්ය සුනිල් ආරියරත්න ප්‍රබන්ධය කළ නන්දා මාලිනී ගැයූ ‘පවන’ ගී මගින් බුදු සසුනට පහර ගැසුණි. තරුණ තරුණියන් කෝප කරවන ලදී. ක්‍රිස්තියානි ආගම එසවීමක්ද කෙරුණි.
කාලයක සිට ආචාර්ය කුමාරි ජයවර්ධන සහ ආචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රසිද්ධ කරන පොත් පත්වලින් බුදුසසුනට කරන්නේ දැඩි හානියකි. මේ දෙපොළ ඉහළට ඔසවමින් රටේ ප්‍රසිද්ධ කරන ප්‍රබල මාධ්‍ය ව්‍යාපාරයක් පසුගිය දිනවල ක්‍රියාත්මක වූයේය. ඒ අතර ‘ෆේස්බුක්’ වැනි සමාජ මාධ්‍ය හරහා භික්ෂුන් වහන්සේට නින්දා කිරීම හා පහර ගැසීම සිදු විය.
